ශ‍්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානමක – IMF


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක් ලබා දීමත් සමග නිකුත් කළ නවතම වාර්තාව මගින් තවමත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව (ණය තිරසර බව) ඉහළ අවදානම් මට්ටමක පවතින බවට අනතුරු අඟවා ඇත.

ඒ සමගම තවදුරටත් අප විසින් ඉටු කළ යුතු කොන්දේසි (පූර්ව අවශ්‍යතා) ද එම වාර්තාවේ දක්වා ඇත. ඒ අනුව ආර්ථික වර්ධනය කර ගැනීමේ හැකියාව (ආර්ථික වර්ධන විභවතාව) ඉහළ නංවා ගැනීමට අවශ්‍ය බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම නවතම වාර්තාවේ දැක්වෙන අතර ඒ සඳහා ක්‍රමානුකූලව සකස් කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙන්ම නව්‍යකරණය කරන ලද රාජ්‍ය යටිතල පහසුකම් ද අවශ්‍ය වන බව ද සඳහන් කර ඇත. එම වාර්තාව මගින් ශ්‍රී ලංකාව ගැන මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන ප්‍රධානී කෙන්ජි ඔකමුරා මහතා මෙසේ ද සඳහන් කර ඇත.

“වැඩසටහන් කාර්ය සාධනය පොදුවේ ගත් විට ශක්තිමත්ව පැවතුන ද, රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම සඳහා ප්‍රයත්න දැරීමට අවශ්‍ය වේ. බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීම සහ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආදායම් රැස් කිරීම දිගට ම සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර, එය මූලිකව මැදි කාලීන ආදායම් රැස් කිරීමේ උපායමාර්ගයක් සකස් කිරීම හරහා සිදු විය යුතුය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත්, ණය තිරසර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක පවතී.

මිල ස්ථායීතාවට ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යා යුතුය. විනිමය අනුපාතිකයේ නම්‍යශීලීතාව ඉහළ නැංවීම සහ ගෙවුම් තුලන ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ඉවත් කිරීම, විදේශීය අංශයේ ස්වාරක්ෂක සහ ඔරොත්තුදීමේ හැකියාව යළි ගොඩනගා ගැනීම සඳහා තීරණාත්මක වේ.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina

2 Comments

  1. We knew it by the way they handled finances from the beginning. At least 1 1/2 year is still available to do something and avoid nose-down to bankruptcy.

    ReplyDelete
  2. api jeppo wemu. mun kiyana pissu. api hondatama karanava. ape baiyyo apita facebook eke anith unge ,IMF eke ammata muththata baninne,,,, kari videsa balavega Basil Rajapaksha thama meva karanne hiiikkk hik appi jeppo

    ReplyDelete
Previous Post Next Post