ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකා රජය සිය කැපවීම යළිත් තහවුරු කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
මුල්‍ය අරමුදල විසින් ප්‍රසිද්ද කර ඇති එම ලිපිය අනුව මෙරට ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම, පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු සහ ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදයන් (පිරිවැය ගාස්තු ප්‍රතිසාධනය) මේ වන විටත් නිසි මඟට ගනිමින් ක්‍රියාවට නංවමින් පවතින බව රජය පවසයි.
මීට අමතරව, මෑතකදී ඇති වූ කලාපීය සහ දේශගුණික බලපෑම් හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දුන් ඉන්ධන, විදුලිය, පොහොර සහ ධීවර සහනාධාර ඇතුළු සමස්ත බලශක්ති සහන සහ අනෙකුත් සහන පියවරයන් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 100ක උපරිම සීමාවකට යටත් කර ඇති බවද එම ලිපියේ දක්වා ඇත.
මෙම සියලුම සහන කටයුතු අයවැය මඟින්ම පියවා ගැනීමට කටයුතු කරන බව පවසන රජය, මෙරට අසීරුවෙන් ළඟා කරගත් මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ආරක්ෂිත පියවරයන් තහවුරු කරගැනීම උදෙසා, එම සහනාධාර ක්‍රමවේදයන් එළඹෙන 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට ක්‍රමානුකූලව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා සිටියි.
2025 දෙසැම්බර් අවසානය සඳහා නියමිතව තිබූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක (QPC) සහ දර්ශක ඉලක්ක (IT) සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
නමුත් සයිබර් අපරාධයක් හේතුවෙන් විදේශීය ණය ගෙවීම් කිහිපයක් අතපසු වීම නිසා, බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීමේ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය පමණක් සුළු වශයෙන් පැහැර හැරීමට ලක් වූ බව රජය පිළිගෙන තිබේ. පෙබරවාරි අග වන විට ව්‍යුහාත්මක මිණුම්දඬු 22න් 16ක්ම සම්පූර්ණ කර ඇත.
මෙම සයිබර් ආරක්ෂණ ගැටලු විසඳීම සඳහා එළඹෙන ජූනි මස අවසන් වන විට සම්මත මෙහෙයුම් පටිපාටි ශක්තිමත් කිරීමටත්, අගෝස්තු මස අවසන් වන විට නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් රජය පියවර ගනිමින් සිටියි.
ශ්‍රී ලංකාවේ යහපත් කාර්යසාධනය සලකා බලා, EFF වැඩසටහනේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන කටයුතු සාර්ථකව නිමා කර, එස්.ඩී.ආර්. මිලියන 508ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න) ණය වාරිකය ලබා ගැනීමට අනුමැතිය දෙන ලෙස රජය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිමින් මෙම ලිපිය යොමු කර ඇත.
එමෙන්ම තාක්ෂණික දෝෂය මත සිදු වූ බාහිර ණය ප්‍රමාදයට අදාළව නිදහස් කිරීමේ බලපත්‍රයක් ලබා දෙන ලෙසත්, 2026 දෙසැම්බර් සහ 2027 පෙබරවාරි දක්වා වන නව ව්‍යුහාත්මක මිණුම්දඬු සහ ඉලක්ක සඳහා අනුමැතිය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ඉල්ලා ඇත.



හොරා කන්න ඕන හින්දා ලෝක ඉතිහාසයේ වැඩිම මිලට තෙල් අරන් සහනාධාර දෙනවා කියල බයිලා කියනවා.යකෝ සහනාධාර කියන්නෙත් අපේ බෙල්ල මිරිකල පොකට් එකෙන් හූරලා ගන්න බදු මුදල්.දැන් මේ වෙනකොට උඹල තෙල් වලින් හොරාකාලා මඩි කරගෙන ඉවරයි.දැන් වාරිකේ ගන්න තෙල් විදුලිය ගණන් වැඩි වුණහම උඹල හොරා කාපු පාඩුව අපි ගෙවන්න ඕනි උඹ කියන්නෙ ඒකනේ.
ReplyDeleteබදු අය කර ගන්නේ එකිනෙකාගේ ආදායම් ප්‍රමාණය අනුවයි. ආදායම වැඩියි නම් බදු වැඩියි. ඔබගේ ආදායම මසකට රුපියල් 180,000 ට වැඩි නම් විතරයි බදු ගහන්නේ. ආහාර ඇතුලු අනෙකුත් භාණ්ඩ මත පැණවෙන බදු (වාහන බදු ඇරුණහම) ඉතාම සුළු ප්‍රතිශතයක්. ඒ වගේම තමයි බදු ආදායම් විතරක් නෙවේ රජයේ ආදායම් වෙන්නේ. රජය ව්‍යාපාර කරණවා, උදාහරණයක් විදියට සී.ටී.බී. එකෙන් ආදායම් එනවා, වරාය, ගුවන් සේවා, වගේම පුරාවිද්‍යා ආයතන වෙත පැමිණෙන්නන්ගෙන් අය කරණු ලබන මුදල් ද රජයේ ආදායම් වෙනවා. කලින් ආණ්ඩු වගේ හොරකම් කරන් නැති නිසා ආදායම් වලින් පිරිමහගෙන වැඩ කරන්ඩත් පුළුවන්. අධිවේගී මාර්ග මේ රජය යටතේ ඉඳි වෙන්නේ ණය මුදල් වලින් නෙවේ, අපේ රජයේ අපේ සල්ලි වලින්.
Deleteතෙල් මිළ වැඩි වෙලා තියෙන්නේ ලෝක වෙළඳපලේ තෙල් මිළ අනුව, ගූගල් කරලා බලපන් තෙල් මිළ වෙනස් වෙලා තියෙන හැටි. රජයේ කිසි කෙනෙක් හොරා කන් නෑ. හොරු හිටියෙ රාජපක්ෂ ආණ්ඩුවේ.
පතිරෙණ ගලප්පත්ති පදු ඩෝබියා කට වහගෙන හිටු.
Deleteබලශක්ති සහනාධාර ඉවත් කරණවා කියලා ලිපියේ කොහෙවත් නෑ. ලිපියේ තියෙන්නේ බලශක්ති සහනාධාරය මේ වසර සඳහා ඉදිරිපත් කල අයවැයේ සඳහන් ආකාරයට ලංකා රුපියල් බිලියන 100 පවත්වා ගන්නවා (ඊට වඩා යොදවන් නෑ) කියලා පමණයි. ඒ වගේම 2026 අවසන් කාර්තුව සඳහාද "අස්වැසුම" ලබා දීම මඟින් රටේ වඩාත් දැඩි පීඩනයක ට හසුව ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන අය සඳහා සහනයක් වන බවත් තහවුරු කර තිබෙනවා.
ReplyDeleteමිනිස්සු අවුස්සන්ඩ ටොම් පච හද හද දානවා සී නිව්ස් එකේ. කමක් නෑ වහල්ලුන්ටත් පොඩි හරි කිචියක් එපැයි.
පතිරෙණ ගලප්පත්ති පදු ඩෝබියා කට වහගෙන හිටු.
Deleteඉජු ඩෝබියා ඉජු 🤌
ReplyDeleteසහනාධාර කපන්ඩම ඕනෑ, රෙද්ද උස්සගෙන ගිහින්ල මුන්ට ඡන්දෙ දුන්න එවුන්ට හොම්බෙන් යන්ඩ.
ReplyDeleteඡන්දෙට කලින් කියපු ...
ReplyDeleteසිස්ටම් චේන්ජ් වැල ජෙපි බයිලා..
කඩිනම් සහන බයිලා ..
මාස 6 න් රට ගොඩදාන බයිලා ..
වංචා දූෂණ හොරු බයිලා ..
😆😆😆
තාක්ෂණ බයිලා ..
අතුරුදහන් .. දැන් පුකෙ අමාරුව සනිපද
ඩෝබි අම්බරු රැළේ