පොලිස් නිලධාරියෙක් LTT මහවිරු සැමරුමකට එක්වෙයි...


 මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු, නියමිත නිවාඩු අනුමැතියකින් තොරව හොර රහසේ ප්‍රංශය බලා පිටත්ව ගොස් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ මහවිරු සැමරුමකට සහභාගී වී සිටි බවත්, එහිදී ඔහු ඊළාම් කොඩියක් ප්‍රදර්ශනය කරමින් සිටි බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

අදාළ කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 14 වැනිදා සිට රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන්, ඔහු සේවය අතහැර ගිය අයෙකු ලෙස සලකා පසුගිය 22 වැනිදා නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ඔහු රාජකාරි කළ ස්ථානය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙනි.

අදාළ සැමරුම් උත්සවයේදී මෙම පොලිස් නිලධාරියා දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් සමග එක්ව ඊළාම් කොඩිය අතැතිව සිටින රූප රාමු කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු වෙමින් පවතී. 

5 Comments

  1. පොලිස් පුනරුදය? පොලිස් ඇමතිය මේකව යවන්ට ඇති

    ReplyDelete
  2. අනුර කුමාරයයි පොලිස් ඇමති කදිරවේලු ආනන්දන් විජේපලනනුත් කොටින්ගේ මහා විරු සැමරුම් වලට සහබාගි උනත් පුදුම වෙන්න දෙයක් නැහැ 68 ලක්සේ බුරුවන් රටටකට කරපු වින්නැහියක්

    ReplyDelete
  3. සරණාගත භාවයට ඉල්ලුම් කීරීමට ඇති පළමු පියවර සාර්ථකය. දැන් ඉතින් ඉතිරි ඩොකියුමෙන්ට් ටිකක් ලෑස්ති කරගෙන වැඩෙයි බහියි. රණ විරුවන්ට විරුද්ධව ෂර්ලොක් ශානි ටයිප් එකෙ කතාවකුත් ගෙතුවා නම් තවත් ලෙසියි.

    ReplyDelete
  4. නෝන්ජල් ආන්ඩුවක් ඇති රටක පොලිස් කාරයන් පවා නෝන්ජල්කම පෙන්නනවා

    ReplyDelete
  5. තව අවුරුදු දෙක තුනක් යනකොට ලංකාවේ ආණ්ඩුවත් LTTE සැමරුම් වලට ඉඩදෙන්න පුළුවන්. ඥාති සැමරුම් කියලා මේ කරන්නේ LTTE kadaraya සැමරීම. අපි ඉතිං බලා ඉමු.

    ReplyDelete
Previous Post Next Post