රජය විසින් පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත්, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් අල්පලීමට සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් 11 දෙනකු සූදානමින් සිටී.
එලෙස ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.
මෙම තීරණය ගෙන ඇති මන්ත්‍රීවරුන් 11 දෙනා බස්නාහිර, දකුණ සහ උතුරුමැද යන පළාත් නියෝජනය කරන බව වාර්තා වේ.
ඔවුන් මේ පිළිබඳව සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරු දරන හිටපු අමාත්‍යවරුන් තිදෙනකු ද සජබ සන්ධානය යටතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇත.
ඔවුන් ද මහ ඇමැති ධුර සඳහා තරග වැදීමේ අරමුණින් දැනටමත් විපක්ෂ නායකවරයා වෙත සිය පණිවුඩ යොමු කර තිබේ.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉදිරි පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටු දෙකක් පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
