සමස්ත ලංකා ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරී සංගමය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් අතර පවතින ගැටලු ගණනාවක් පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලදි.
වසර 13ක් මුළුල්ලේ කිසිදු නෛතික රාජකාරී පැවරීමක්, උසස්වීම් පටිපාටියක් හෝ වැටුප් වැඩිවීමක් හෝ නොමැතිව සිටි සංවර්ධන නිලධාරීන් සඳහා ද අදියර 3ක් යටතේ රාජ්‍ය සේවකයන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වැඩිවීම සහිතව නිසි උසස්වීම් පටිපාටියක් යටතේ ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් ලෙස විධිමත් තනතුරක පිහිටුවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජතික ක්‍රියාන්විතයේදී ප්‍රජා සංවර්ධන සභා ශක්තිමත් කිරීමත්, එමඟින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් හඳුනාගැනීමත්, ඒවා ක්‍රියාත්මක කිරීම හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රජාව දායක කර ගැනීමත් වෙනුවෙන් ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් හට විශාල වගකීමක් පැවරෙන බව වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ දැනට ලබාදෙන රු. 1,000ක දුරකතන දීමනාව වැටුපට එකතු කිරීමේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රතිපූර්ණ පදනමින් දෙන බවත්, මීට අමතරව ග්‍රාමීය මට්ටමේදී රු. 2,000 සහ නාගරික මට්ටමේදී රු. 3,000 කාර්යාල දීමනා මෙන්ම ගමන් වියදම් දීමනා ලබාදීමට අදාළ කටයුතු කරමින් සිටින අතර නිල මුද්‍රා සකස් කර ගැනීම, ලිපිද්‍රව්‍ය සහ සංවර්ධන සභා කැඳවීම් වෙනුවෙන් රු. 10,000ක මුදලක් ද ප්‍රතිපූර්ණ පදනමින් දැනටමත් ලබා දෙන බව ඒ මහතා සඳහන් කළා.
ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙතම පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වෙන් කර ඇති අතර, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආවරණය වන පරිදි විධිමත් තනතුරු උසස්වීමේ පටිපාටියක් සැකසීමට මූලික පියවර ගෙන තිබෙන බවත්, පොලොන්නරුව, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවල පවතින නිලධාරී පුරප්පාඩු සඳහා වැඩබැලීමේ දීමනා අනුමත කර දිස්ත්‍රික් මට්ටමින් පවතින තවත් 460කට ආසන්න පුරප්පාඩු සඳහා ඕනෑම සංවර්ධන නිලධාරියෙකු විධිමත් පරිදි අනුයුක්ත කර ගැනීමට අමාත්‍යවරයා එකඟතාව පළකළ බවද සූරියආරච්චි මහතා සඳහන් කළා.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් රාධා නානායක්කර මහත්මිය, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සමීර අල්විස් මහතා, සම්බන්ධීකරණ ලේකම් ජේ.වී. සුසිල් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

කෝ රිලා සංගණන වාර්තා?
ReplyDeleteකෝ රිලා සංගණන වාර්තා?
ReplyDelete