බලපත්‍ර නොමැතිව ඉඩම්වල සිටි අයට ඉඩම් බලපත්‍ර 10,731ක් බෙදයි..


ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන, ඉඩම් බලපත්‍ර 10,731 ක් ප්‍රදානය කිරීමේ මහා වැඩසටහන යටතේ රිදීමාලියද්ද, මහියංගණය, සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඉඩම් බලපත්‍ර ලබාදීම සිදු කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි පියවරයන් ලෙස රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 744 දෙනෙකුට, මහියංගණය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 451 දෙනෙකුට, සොරණාතොට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 246 දෙනෙකුට, මීගහකිවුල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 229 දෙනෙකුට, කන්දකැටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 141 දෙනෙකුට සහ බදුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 30 දෙනෙකුට නිල වශයෙන් ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය. ජනතාවගේ සමාජීය හා ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙවැනි වැඩසටහන්, මෙරට දිගුකාලීන සංවර්ධන ඉලක්ක කරා යන වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඉඩම් හා වාරිමාර්ග นියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් සහභාගී වූහ.

එමෙන්ම මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති උපේක්ෂා විජේතුංග මහත්මිය, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපති නන්දසිරි වික්‍රමසේකර මහතා, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක මහතා, මීගහකිවුල ප්‍රාදේශීය සභා සභාපති ටී.එම්. කුමාරතිස්ස මහතා, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති පාලිත ජයවර්ධන මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. තවද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහතා, ඌව පළාත් සභාවේ උසස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 22, 2026 at 5:16 AM

    ඉඩම් බලපත්‍ර 10,731 ක්...! කොහොමද වැඩ? ඉස්සර නම් මෙව්වා වෙන්නේ ඡන්දයක් ලඟ ලඟ එනව නම් විතරයි. ඒත් දැන් මෙව්වා සිද්ධ වෙන්නේ ජනතාවට අවශ්‍ය වෙලාවට. අති විෂිශ්ටයි. (විෂිශ්ඨයි කියලා මහප්‍රාණ ට-යන්න ලියන්ඩ එපා, වැරදියි.).

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රජයට අයිති ඉඩම් මෙහෙම තමන්ගේ පුද්ගලික බූදල ලෙස බෙදා දීම වහා නැවතිය යුතුයි. මේක නරක පුර්වාදර්ශයක්. මිනිස්සු රජයේ ඉඩම් අල්ලගන්න තව උනන්දු කිරීමක්. අනික චන්දෙ ලංවෙලා කලත් නැතත් මේවා දේශපාලන අල්ලස් තමයි. කැරම් බෝඩ් බෙදලා හිරේ ගියා වගේ ලබන ආණ්ඩුවෙන් මුන්ටත් හම්බවෙයි.

      Delete
  2. Land deeds given ONLY for JVP-NPP Supporting Families.

    ReplyDelete
  3. me idam katada denne kiyala hoyala balan hutto...JVP wesa ballo surre ne

    ReplyDelete
Previous Post Next Post