මේ යන්නේ 2022 පාරෙමයි ? ඉදිරියට දවැන්ත කඩාවැටීමක් ? වහා ඉන්ධන මිල වැඩි කල යුතුයි..- ධනනාත් ප්‍රනාන්දු


 පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් සිදු නොකළහොත් ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි  ආර්ථික අර්බුදය දෙසට ගමන් කරමින් සිටින බව ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටී.

දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ අප නිසි මාවතේ ගමන් නොකළහොත් "සුදු කොඩි" පෙනෙන්නට පටන් ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.

 ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ 2021 සහ 2022 වසරවලදී මිල නිසි පරිදි ගැලපුවේ නැති නිසා තෙල් පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි. එම තත්ත්වයම නැවතත් 2026 වසරේදී දක්නට ලැබෙන බවත්, විශේෂයෙන්ම 2025 මාර්තු මාසයට වඩා 2026 මාර්තු මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් පරිභෝජනය ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු පවසයි. මිල ගැලපීම ප්‍රමාද වනු ඇතැයි යන බියෙන් ජනතාව වැඩි වැඩියෙන් තෙල් ගබඩා කිරීමට උත්සාහ කිරීම මෙයට එක් හේතුවකි.

දත්ත වලට අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 113ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 238ක පමණ පාඩුවක් ලබයි. මෙම පාඩුව අවසානයේ විදුබල මණ්ඩලයටද බලපාන අතර, එම ආයතන දෙකම ලංකා බැංකුව සහ මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු වෙත යෑමෙන් සමස්ත බැංකු පද්ධතියම අනතුරේ වැටෙන බව ඔහු පෙන්වා දෙයි. 2021/22 කාලසීමාවේදීද සිදු වූයේ මෙයම බවත්, එවකට බැංකු පද්ධතිය ස්ථාවර කිරීමට රුපියල් බිලියන 400කට වඩා වැය කිරීමට සිදු වූ බවත් ඔහු මතක් කර දෙයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර මට්ටමින් පූර්වකථනය කර ඇත. යම් හෙයකින් එක් වරම ලෝක වෙළඳපොළේ මිල ඉහළ ගියහොත් එය දරාගත නොහැකි වන අතර, එවිට රුපියල නැවත අවප්‍රමාණය වීමට හෝ තෙල් පෝලිම් නැවත ඇති වීමට ඉඩ පවතින බව ධනනාත් ප්‍රනාන්දු මහතා අනතුරු අඟවයි.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා ඔහු යෝජනා කරන්නේ තෙල් මිල ලෝක වෙළඳපොළ මිලට අනුකූලව ගැලපීම, මිල ඉහළ යාමෙන් පීඩාවට පත්වන දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම සඳහා 'අස්වැසුම' වැනි සෘජු සහනාධාර වැඩසටහන් ශක්තිමත් කිරීම, පොදු ප්‍රවාහනය සඳහා විශේෂ සහන සැලසීම, රාජ්‍ය ආයතන (CPC වැනි) ප්‍රතිසංවිධානය කර ඒවායේ අකාර්යක්ෂමතාවය පාරිභෝගිකයා මත පැටවීම නැවැත්වීම ආදියයි.

නිසි අවස්ථාවේදී නිවැරදි තීන්දු නොගතහොත්, 2022 වසරේ අත්විඳි දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවය නැවතත් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු අවධාරණය කරයි

16 Comments

  1. ඔව් වැඩිවෙන ටික තෝගේ මව් ගෙවනවා ..
    ඒ හින්දා අවුලක් නෑ ..

    ReplyDelete
    Replies
    1. වූ මොනව කරන්නද බම්. ඌට පේන දේ ඌ කියනව. ඒක උගේ රස්සාව. නිකං මෝඩයෙක් නොවී හිටාං

      Delete
    2. ඌට පේන දේ නෙවෙයි බූරුවෝ මාලිමාවේ එවුන් ඌට කියන්න කියන දේ ඌ කියන්නේ. මුන් රටට කෙළලා දැන් උන්ගේ රෙදි හෝදන ඔස්තාර්ලා දාලා මිනිස්සුන්ගේ ඔළු හෝදන්න හදනවා.

      Delete
    3. ay ban adu ganata gaththa ewa wadi karala wikkane

      Delete
  2. සුදුකොඩි කාලයකට යමින් ඉන්නෙ කියන එකනම් පැහැදිලියි. ඒකට මූලිකම පිළියම වන්නෙ වත්මනේ කෙරෙන මහාපරිමාන සොරකම් හා අනවබෝධයෙන් කරන වියදම් නවතා නිසි දැණුමක් හා අත්දැකීමක් ඇත්තවුනට ආර්ථිකය හැසිරවීමට ඉඩ දීමයි.

    ReplyDelete
  3. ඔන්න ධනනාත් කියන නිසා මම වැඩි කරනවා


    ReplyDelete
    Replies
    1. No need of economic osthar to say this kind of solution. These hellos can't do this. Ask them to getout

      Delete
  4. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 12:49 AM

    මාර ආර්ථික ඔස්තාර් ලා ටිකක් නේ ඉන්නේ. කොහෙද මුං ටික හිටියේ කලින් පාර ලෙල්ලටම වැටිලා නැත්තටම නැති වෙලා යනකම්?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති, තෝ අද ඉන්න තැනම තමයි උන් ඉන්න ඇත්තෙත්. කෙළ වෙනකම් තෝ වගේම කඩේ යන්න ඇති. මේ පාර ලෙල්ලත් නැති වෙන තත්වයක් තියෙන්නේ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 1:41 AM

      උඹ කොහෙද හිටියේ? උඹටත් දැන් තමා කෙල වෙනවා කියලා පේන්නේ, නේද? ගෝඨාගේ කාලේ කෙල වෙද්දි පෙනුන් නැද්ද? පෙනුනෙම නෑ නෑ නෑමයි ද? මෙදා පාර කෙල වෙන් නෑ. එළුවගෙ ඇට දෙක වැටුණත් රට වැටෙන් නෑ. ගොන්නු නෙවේ රාජ්‍ය පාලනයේ ඉන්නේ. උඹ බලන් හිටපන්, උඹේ ඇට දෙක වැටෙනකම්.

      Delete
    3. revila inne,

      eka eka dala kiyawanawana,

      loke hama ratema adukaranawa

      Delete
    4. ගොන්නු නෙවෙයි මීහරක් ඉන්නේ, නැට්ටේ ඉඳන් ගොම. පතිරණ ගලප්පත්ති තෝත් අර හරක් චූ නාන එවුන් වගේ භක්තියට උන්ගේ චූ නනා හිටපන්.

      Delete
  5. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust

    ReplyDelete
  6. ප්‍රසිද්දියේ ඩෝබි කම කරනවා. දනනාත් නෙවෙයි මූ හිගන නාත්

    ReplyDelete
  7. ගිරා පෝතක ඩෝබියෙක් .. මු නෙමේ IMF එකෙන් කියන එකයි ජනතාවට සහන දෙන්න ආපු හල්පාරු ජේපි ආණ්ඩුව කරන්නේ ..කීපාරක් මිල ඉහළ ගියාද... මූ කියලද? IMF කියලද 😆 ..

    ReplyDelete
  8. ඩීසල් පරිභෝජනය වැඩි වුනේ නම් ගල් අඟුරු කේස් එකට කියලා අපි දන්නේ නැති වුණාට අංරයියයි කුමාර මල්ලියි නම් හොදම දන්නවා. ඒ වුණාට ආංඩුවෙ අපි කැමතියි ඒකත් ජහමනයගේ අධික පාවිච්චිය ට බැර කරන්න. අන්න එහෙමයි රටවල් හදන්නෙ. ඊයා.

    ReplyDelete
Previous Post Next Post