2029දීත් ජනාධිපති වෙන්නේ අනුරයි.. ඩොලරය උඩ ගියාට ආණ්ඩුව වැටෙන්නෑ..


රොමේෂ් තරංග හෙල්ල විසිකළාක් මෙන් ඉතාමත් ඉලක්කගතව සහ ස්ථිරවම 2029 වසරේදීත් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වන බව ඇමති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

වත්මන් රජය බිඳවැටෙනු ඇතැයි බලාපොරොත්තු වන පාර්ශවයන්ට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙය ජනතා විශ්වාසය දිනාගත්, ජනවරමක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් බවයි.

ලෝක අර්බුද සහ මැදපෙරදිග යුද්ධය හමුවේ බලශක්ති සැපයුමට හා නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට මුහුණ දීමට සිදුව ඇතත්, රජය සාර්ථකව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඩොලර් බිලියන හතක සංචිත පවත්වාගෙන යාම රජයේ අරමුණ වන අතර, මේ වන විටත් ලෝක බැංකුව හරහා  අරමුදල් ලැබෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

අනාගතයේ මිල ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඩොලර් මිලදී ගැනීමට ඇති වී තිබෙන ඉල්ලුම පාලනය කිරීම සඳහා, පෞද්ගලික වාහන ගෙන්වීමේදී අය කරන තීරුබදු මාස තුනක කාලයක් සඳහා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත.

ඩොලරයේ අගය රුපියල් 350 සීමාව ඉක්මවා යනු ඇතැයි ඇතැම් බැංකු සහ පුද්ගලයන් ප්‍රචාරය කළද, එය මේ වන විට රුපියල් 340-345 සීමාවේ ස්ථාවරව පවතින බව ඇමතිවරයා පවසා සිටියේය.

ආණ්ඩුව වැටෙනු ඇතැයි සිහින දකින විපක්ෂයේ කණ්ඩායම්වලට පවසා සිටියේ, ඩොලර් ඉහළ යාම මත ආණ්ඩු වැටෙන්නේ නැති බවත්, රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන බවත්ය.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම හරහා රට තුළට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇත.

නැවත ජනාධිපති වීමට සිහින දකින අනෙකුත් දේශපාලනඥයන්ට වසන්ත සමරසිංහ මහතා උපදෙස් දෙන්නේ, එවැනි සිහින දැකීමට පෙර පළමුව ඔවුන් එකට එකතු වී සිටිය යුතු බවයි

4 Comments

  1. එදා මව්බිම නෑතිනම් මරනය කියපු ද්‍රෝහී පච ජෙප්පෝ අද කොටිත් එක්ක ...බෝන් අගේන් පල්ලියත් එක්ක.......අවුරුදු 76 ක් රටේ හෑම දෙයක්ම කඩාකප්පල් වර්ජන කරපු විනාශකාරීන් ගල්කටස් තිරිසන් මිනීමරු හෑත්ත....පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා

    ReplyDelete
  2. Bombay looking - Delhi SeenJune 8, 2026 at 12:32 AM

    ඔව් ඔව්, අපේ අංර සහෝදරයා කොහොම හරි ඊළග චන්දෙනුත් ගොඩ දාන්න ඕන. එහෙම නැතිවුනොත් ..."අනේ ඉතිං කුච්චන්ලට තුන් සරණේ බඩු ම තමයි."

    ReplyDelete
  3. ඊ ලග අදියරට,වෙනසට මුහුණදීමට සූදානම් වන්න,.!June 8, 2026 at 2:22 AM

    ජාත්‍යන්තරයට ඍජුව බලපෑම් සිදුකලහැකි කශේරැකාව සහිත භූ දේශපාලණය පිලිබඳව මනා අවබෝධය සහිත සහ ශ්‍රී ලංකාවේ පිහිටීම,. සහ අවම තරමේ වසර හතලිස්පන්දාහක ඉතිහාසයට, දැනුම් පද්ධතියට වගකියන මහපොළව මත දෙපයින් ශක්තිමත්ව සිටගන්නා, ලෝක පාලණයට ඍජුලෙස බලපෑම් කිරීමට තරම් විචකෂණශීළී ප්‍රඤ්ඥාවන්ත වහලකු හෝ සුවච කීකරැ ගැත්තකු නොවන පාළකයකු ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ පාළණයට 2029 වන විට සූදානම්,.!

    ReplyDelete
  4. DREAM ON BEARCHES

    ReplyDelete
Previous Post Next Post