අද දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
මාලිමා ආණ්ඩුව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා තිබෙනවා. 2022 දී ලෝක යුද්ධ දෙකක් මැද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට ඉහළ ගිහිල්ලා ඒ වගේම ඩොලරය රුපියල් 371 දක්වා වටිනාකම වැඩි වෙලා තිබුණු පසුබිමක පෙට්‍රල් වලට මිල නියමක නියම කළ මිලට වඩා වර්තමාන මිල යන්තම් රුපියල් 35 යි අඩුයි.
මේ මිල වැඩි කිරීම අතාර්කිකයි, අසාධාරණයි. ඇයි අපි එහෙම කියන්නේ? 2026 අප්‍රේල් මාසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණු නිසා අපේ රටේ තෙල් මිල වැඩි කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය වෙනස්.
2026 අප්‍රේල් 29 වෙනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වුණේ ඩොලර් 114 යි. අද වෙනකොට ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනකොට ඒක ඩොලර් 84 දක්වා ඩොලර් 30 කින් නැත්නම් 26% කින් මිල අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මැයි මාසය තුළදී විතරක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් නැත්නම් 26% කින් අඩු වෙලා තියෙනවා.
එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදීම තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම සමස්ත ලෝකය පුරාම තෙල් මිල අඩු කරමින් පවතින පසුබිමක තමයි ලංකාවේ මේ තෙල් මිල වැඩි කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. මේ දක්වා අපිට කිව්වේ අපේ පවතින තෙල් තොගය අත්පත් කර ගැනීමට ගිය වියදම බලලා සෑම මාසෙකම තෙල් මිල තීරණය කරනවා කියලා. ඕකටනේ ඔය මිල සූත්‍රය කියලා කිව්වේ.
පසුගිය මාස ගණනාවක් පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට අපේ රටේ තෙල් මිල වැඩි වුණා, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. හැබැයි, ලෝක වෙළඳපොළේ එසේ මෙසේ නෙවෙයි, දැවැන්ත ලෙස මිල අඩුවීමක් සිදුවෙමින් තිබියදී අපේ රටේ මිල වැඩිවීම සිද්ධ වුණේ කොහොමද? මේක හරි අරුම පුදුම මිල සූත්රයක්නේ. ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. අනිත් පැත්තට ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. වැඩි වෙනකොටත් වැඩි වෙන, අඩු වෙනකොටත් වැඩි වෙන අරුම පුදුම මිල සූත්‍රය තිබෙන්නේ ලංකාවේ පමණයි.
අර ජිප්සීස් සුනිල් හිටියා නම් කියයි, "ලංකාවේ ලංකාවේ, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" කියලා.
දැන් මේ පසුබිම යටතේ බලශක්ති ඇමතිවරයා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරලා, ලෝක වෙළඳපොළේ බරපතල ලෙස තෙල් මිල 26% කින් අඩු වූ මාසෙක ලංකාවේ මිල වැඩි වුණේ කොහොමදැයි කියන එක රට ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුයි.
ඇත්තටම මේ මිල වැඩි කලේ යුද්ධය හින්දා නෙවෙයි, සුද්දය හින්දා. ලංකාව තමයි පහුගිය කාලේ ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගත්තේ. අපි එහෙම දැවැන්ත ලෝක වාර්තාවක් තියලා කියලා නිකමට ආණ්ඩුවේ ලොක්කෝ අපිට කිව්වේ නෑනේ අපිට පොඩ්ඩක් ආඩම්බර වෙන්න. ඒකත් අපි දැනගත්තේ HSBC ලොක්කගෙන්.
ලොකු කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් කීයටවත් මේ ලෝකයේ ඉහළම මිලට අපට ඩීසල් මිලදී ගන්න වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ඩීසල් ඇතුළු පිරිපහදු කළ තෙල් මිලදී ගන්නේ මැදපෙරදිගින් නෙවෙයි, සිංගප්පූරුවෙන්. ඒ නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එන නැව් වලට, රතු මුහුද හරහා එන නැව් වලට අය කළ විශේෂ රක්ෂණ ගාස්තුවට අපේ පෙට්‍රල් ඩීසල් නැව් යටත් වුණේ නෑ.
හැබැයි මේ කතාව අපි කියනකොට මාලිමාවේ ඉන්න මෝඩ මන්ත්‍රීවරු කියනවා අපූරු කතාවක්. ඒ අය කියනවා මේ මාලිමාව, සිංගප්පූරුවෙන් පෙට්‍රල් ඩීසල් අපි ගෙනාවට, සිංගප්පූරුවට බොරතෙල් ගෙනාවේ පිරිපහදු කරගන්න මැදපෙරදිගින්, ඒවාට ඉහළ රක්ෂණ ගාස්තුවක් අය කරපු නිසා තමයි අපිට ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වුණේ. ඒක හතරබීරි කතාවක්නේ. එහෙනම් සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා ආසියාවේ අනෙකුත් රටවල් සියල්ලටම මේ ඉහළ මිලට ඩීසල් මිලදී ගන්න වෙන්න ඕනේ. එහෙනම් ලංකාව විතරක් ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගැනීම සිද්ධ වුණේ කොහොමද?
ඒකට නම් හේතුව රක්ෂණ ගාස්තුව නෙවෙයි, ඔය දේශපාලකයෝ අය කරපු වෙනත් ගාස්තුවක්, පගාවක්, කොමිස් මුදලක් කියන එක තමයි අපිට අනුමාන කරන්න තිබෙන්නේ.
එතකොට යුද්ධය නිසා මිල වැඩි වුණු බව ඇත්තක්, ඒක හැම රටටම බලපෑවා. අපි වැඩි මිල ගෙව්වේ යුද්ධය නිසා නෙවෙයි, සුද්දය නිසා. මාලිමා ආණ්ඩුවේ කවුරු හරි දැවැන්ත කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් අපිට ලෝකයේ ඉහළම මිලට පිරිපහදු කළ තෙල් වර්ග මිලදී ගන්න වෙන්නේ නෑ.
ඉතින් මාලිමා ආණ්ඩුවේ දූෂණ වල බරපැන ඇයි මේ රටේ ජනතාව දරන්න ඕනේ? ඒක දරන්න ඕනේ පැලවත්තේ ලොකු අයියා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බල කරලා කියා සිටිනවා, මේ තෙල් මිල වැඩි කිරීම වහාම ඉවත් කරගෙන, පැලවත්ත පක්ෂ අරමුදලෙන්, ලෝක ඉතිහාසයේ ඉහළම මිලට තෙල් මිලදී ගැනීමෙන් සිදුවුණු පාඩුව පැලවත්ත පක්ෂ අරමුදලෙන් අය කරගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ReplyDeleteබටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
Kanchana hitiyanam thel mila oita wada godak wadi wenawa. Commis ekath ekkala.
ReplyDeleteOw welawata ape anduwak thibune.
Deleteබොරු කතා වලට රැවටෙන්න එපා
ReplyDeleteඔය තෙල් මිල අඩුවෙලා තියෙන්නෙ සෙනසුරු ලෝකෙ තෙල් වෙළඳ පොලේ