රජයේ නොපියවූ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන 30 සීමාව පසුකරයි..


ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශකවලට අනුව, මෙරට මධ්‍යම රජය විසින් ගෙවා නිම කිරීමට ඇති මුළු ණය ප්‍රමාණය 2026 වසරේ ජනවාරි මාසය නිමාවන විට රුපියල් බිලියන 30,113.95ක් දක්වා වර්ධනය වී ඇත.

2025 වසර අවසානයේදී මෙම අගය සටහන් වූයේ රුපියල් බිලියන 29,994.69ක් ලෙසය.  

රජයේ දේශීය ණය පියවීම් දෙස බැලීමේදී, 2025 අගභාගයේ පැවති රුපියල් බිලියන 18,675.32ක අගය, 2026 ජනවාරි වන විට රුපියල් බිලියන 18,776.42ක් දක්වා වැඩි වී ඇත. මෙය රුපියල් බිලියන 101.10ක ශුද්ධ ඉහළ යාමකි.

භාණ්ඩාගාර බිල්පත් හරහා ලබාගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,136.29 සිට රුපියල් බිලියන 3,101.24 දක්වා රුපියල් බිලියන 35ක අඩුවීමක් පෙන්වයි.

භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගත් ණය බර රුපියල් බිලියන 15,427.75 සිට රුපියල් බිලියන 15,535.63 දක්වා රුපියල් බිලියන 107.88ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. 

8 Comments

  1. අපි ඉතින් සලේ නාටකය පෙන්වමින් හිදිමු.

    ReplyDelete
  2. RANIL NATAKE

    SALE NATAKE

    KAIYAYAKA NAYAKE- EKA CLOSES

    HUNDU NATAKA

    ReplyDelete
  3. මිනිස්සුන්ට බඩ ගිනි නෑ. පාස්කු නාඩගම සහ කාදිනල්ගේ වයිරය පෙන්වනවා.

    ReplyDelete
  4. රජයේ නොපියවූ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන 30 සීමාව පසුකරාට කමක් නෑ

    හූ හූ

    අපි මහා බැංකුවෙ රුපියල් ට්‍රිලියනයක් - ඒ කියන්නේ මිලියන ලක්ෂයක් ඉතුරු කරලා තියෙන්නේ.


    හූ හූ ඇද්ද උඹලට

    ReplyDelete
  5. ඩොලර් බිලියන 41ත් ණයක්ද කියපු අපිට මේ හුණ්ඩු රුපියල් ට්‍රිලියන 30ක් කජ්ජක්ද මල්ලි

    ReplyDelete
  6. They should bring the Uganda $18 Billion and pay that.

    ReplyDelete
  7. ටැක්ස් වැඩිකරලා ලයිට්, වතුර, ඉන්ධන වැඩිකරලා අපෙන් හූරගෙන කාපු සල්ලිවලට එතකොට මොකද වුනේ? කරන සංවර්ධනයකුත් නැහැ. හැබැයි සමහර අයගේ ගෙවල් නම් මාලිගා වගේ වෙනවා.

    ReplyDelete
  8. මාස 6 රට දියුණු කලා ...ණය ඔක්කොම ගෙව්වා .. හොරු ඔක්කොම ඇල්ලුවා ..
    ජය වේවා මාලීමාවට !

    ReplyDelete
Previous Post Next Post