පාසල් ළමුන්ට විකුණන්න මදන මෝදක ගුලි 3755ක් ගෙනැත්...


 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව නුවරඑලිය පැරණි කඩ වීදියේ වෙළදසැලක පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සුදානම් කර තිබූ මදන මෝදක ගුලි 3755ක් සමග සැකකරුවෙකු නුවරඑලිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (08) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද වෙළදසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරිමට ප්‍රමුඛ තාවයක් ලබා දී ඇති බවත්, එම වෙළදසැලට නිතර නිතර මදන මෝදක ගුලි මිලදී ගැනීමට තරුණ පිරිස් යොමු වන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරු සහ මදන මෝදක ගුලි අත්අඩංගුවට ගත් බවයි එම වැටලීම සිදු කල නිළධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මදන මෝදක ගුලි තොගය නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.

- රංජිත් රාජපක්ෂ

6 Comments

  1. විමල් වීරවංසගෙ නෝනා මහත්තයත් ඕව පාවිච්චි කොරල කොල්ලෙක්ව බෑව්ව කාලෙකුත් තිබ්බ

    ReplyDelete
    Replies
    1. නොදන්න මඟුල් කියවන්න ගිහින් නෝන්ඩි නොවී හිටපන් හිපා‍ටුවො.

      Delete
    2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. 159 ම මදන මෝදක ගහලා ඉන්න හින්දා වෙන්න ඈති ඉස්කෝලවල එවුන්ටත් ගෙනත් තියෙන්නේ.

    ReplyDelete
  3. කුඩු, අයිස් ගේන ඒව එක්ක බලද්දි මේව මොනවද. උනාකූරුවේ සාන්ත, කැඳ ඉම්රාන් ඇතුලු මාලිමාවේ නිල කුඩ්ඩො ටික ලස්සනට බිස්නස් ටික කරගෙන යනවා පල්ලියත් එක්ක.

    ReplyDelete
  4. කංජිපාණී ඉම්රාන්June 10, 2026 at 10:50 PM

    කුඩු නැතුව ඉස්කෝලේ එපා.

    ReplyDelete
Previous Post Next Post