ලෝක වෙලදපලේ අඩු වුනාට මෙහෙ අඩු කරන්න බෑ.. අපි 400ට දුන්නට තෙල් දැන් 700ක් වෙනවා..- හරිනි


ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණ ද, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට තාක්ෂණිකව නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූර්ය මෙනෙවිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව පැවසුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරයන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දැනට වෙළඳපොළේ පවතින්නේ මීට පෙර වැඩි මිලකට මිලදී ගත් තෙල් තොග බවත්, රජය එම පිරිවැයෙන් කොටසක් දරන නිසා දැනට පවතින මිලට තෙල් ලබා දීමට හැකි වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

"ඇත්ත මිල ගත්තොත් රුපියල් 700ක් පමණ විය යුතුයි, නමුත් රජය බර දරන නිසා එය 400 ගණනකට තබා ගැනීමට හැකි වී තිබෙනවා. තෙල් මිල අඩු වීමේ සහනය ලබා දිය හැකි විගසම එය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා," යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, රජය ඉතා විනයගරුකව කටයුතු කරන බවත්, ණය නොවී සහ මුදල් අච්චු නොගසා කටයුතු කිරීමට පියවර ගන්නා බවත් පැවසුවාය.

මේ වසරේ නිවාස 15,000ක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කර ඇති බවත්, අනවශ්‍ය වියදම් අඩු කිරීම හරහා රට ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් ඇය අවධාරණය කළාය.

විපක්ෂය නඟන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, දැනට සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බව ප්‍රකාශ කළාය. 

අග්‍රාමාත්‍යවරිය මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, අනුනායක හිමිවරුන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය

14 Comments

  1. කටෙන්ද ඔය කතා කළේ නෝනා?

    ReplyDelete
    Replies
    1. හරිනි ආප්පයා 700ට දෙන්න හදන්නෙ ආප්ප ගහනකොට හිලේ ගාන තෙල්

      Delete
  2. ඔයාල දඩස් ගල වැඩිකලානේ, කමක් නැහැ අපි චන්දෙ දුන්නේ නැහැ

    ReplyDelete
  3. බටකොල ආච්චිගෙ කටේ අරින්න තඩි කාපිරියෙක් අප්‍රිකාවෙන් ගේන්න වෙනවා. නැත්නම් කෙබර කොටා පරදිනවා.

    ReplyDelete
  4. තව මදි , තව මදි නෝනේ, හත්සීයටම වැඩි කරන්න. අර ගොන් බූරු ලක්ෂ හැට අටේ දුකෙන් පුං එනකම් වැඩි කරන්න. එතකොටවත් රැවටෙන එන නවතියි.

    ReplyDelete
  5. දුන්නු චන්දෙ ගැන.ආඩම්බරයි. ඊලගට එන ආණ්ඩුවට මුන්ගෙ කන්දොස්කිරියාව නැතිව ආණ්ඩුව කරන්න පුලුවන්. 2029 පසු මාලිමා කාරයෙක් හො ජවිපාවුන් ඉතිරි වෙන්නෙ නැහැ. යුද්ධය කරන කොට කකුලෙන් ඇද්දෙ මුන්. පාරක් හදනකොට හොටු හීරූවෙ මුන්. වාරායෙ ගල් කියලා කට උල් කරලා හීල්ලුවෙ මුන්. 2029 මුන්ගේ කන්දොස්කිරියාව ඉවරයි. ඒ නිසා දුන්නු චන්දෙ ගැන සතුටුයි.

    ReplyDelete
  6. Australia valath AUD 1.60 petrol

    ReplyDelete
  7. තව වැඩි කරන්න .රු 2000 වුනත් කමක් වැඩි කරපන් මගෙ නෝනේ මම යන්නෙ කරත්තෙන්. හැටනම ලක්සයට කෙලවෙන්න බොරුවලට නොරැවටෙන්න

    ReplyDelete
  8. කුණුහරුප වෙබ් අඩවිය දාපු එකා තාම හොයනවා ද නෝනා. කුමන්ත්‍රණයක් කියලත් කිව්වා වගේ මතකයි. හික්..හික්..හික්

    ReplyDelete
  9. මමනම් කියන්නෙ 1000ක් වත් වෙන්න ඕන චන්දෙ දීපු එවුන්ට කෙලවෙනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.

    ReplyDelete
  10. තොපි එක එකා එක්ක ඩීල් දාලා වැඩි මිලට තෙල් අරගෙන. යකෝ ඇමරිකාවෙත් තොපිට වඩා අඩුවට තෙල් දෙනවනේ.

    ReplyDelete
  11. අන්න හරි ....කියපන් ලන්කාවේ උන්ට දෑන් ඉතින් ගූ කන්න කියලා ....

    ReplyDelete
  12. උඹ ඕවා ගැන කිය කිය හිටියට උඹටත් ඉස්සරහ ආණ්ඩුවකින් ලොකු නඩුවක් තියෙනව.පෙළ පොතට වැලසීන් දාපු එක අධිකරණයේදී ආණ්ඩුව කියනවා ඒක කුමන්ත්‍රනයක් නෙවෙයි කියල එතකොට ඒක හිතලමයි දාල තියෙන්නෙ.ඒ ටික ඇති හොඳටම.හිරේ යනකොට උබේ ආප්පේ සේගුවත් දාගෙන පලයන් නැත්තං සාංකාව හැදෙයි.

    ReplyDelete
  13. ගැටලුවක් හැහැ ආප්ප කමු

    ReplyDelete
Previous Post Next Post