දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තිබූ තේක්කවත්ත කොටසෙන් අක්කර 30ක් ජනතාව වෙනුවෙන් ලබා දුන් අතර ප්‍රතිලාභීන් ප්‍රමාණය 114කි. මෙම සියලුම ප්‍රතිලාභීන්ට නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්‍ෂ 50ක මුදලක් හිමිවන අතර, මූලිකව ලක්ෂ 20 බැගින් චෙක්පත් ලබාදීම ද මෙහිදී සිදුවිය.
මෙවැනි විශාල ප්‍රමාණයකට මෙතරම් මුදලක් කිසිදු ආණ්ඩුවකින් ආපදා කාලයකදී ලබා නොදුන් අතර, පැමිණි ජනතාව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය ප්‍රශංසාව පළ කරන ලදී.
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා අදහස් පළ කළේය.
"මේ මාධ්‍යවලට මේ වගේ ආණ්ඩු හම්බවෙලා නැහැ. මෙතන මාධ්‍ය දෙකක් තියෙනවා, උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුව සම්බන්ධයෙන් කියන තරමක් කියන්නෙ පච. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති රටක් කොහෙවත් නැහැනෙ.
දිට්වා සිද්ධිය වුණාට පස්සේ ජනාධිපතිතුමා විශේෂයෙන් කැබිනට් මණ්ඩලයත් එක්ක කතා කළේ අපි පුළුවන් තරම් පහළට දෙන්න ඕනෙ කියලා. දිස්ත්‍රික් ලේකම්තුමා ළඟ ඇති තරම් සල්ලි තියෙනවා. නමුත් ඒවා දෙන්න වෙන්නේ නීතිමය රාජකාරිමය චක්‍රලේඛවලට අනුව අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගත්තට පස්සේ. ඒ නිසා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මේ කටයුත්තෙදි ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා ග්‍රාම සේවක මහතා. නැත්නම් අපිට මේ වැඩේ කරන්න බැහැ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා ආපදාවට පත් වූවන්ට තිබුණු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒකට ආණ්ඩුව මුදල් වෙන් කරනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ රජය.
මිනිස්සු ඉස්සරහට විසඳගන්න බැරි ප්‍රශ්න ඇවිත් නැහැ. ඒක කාල් මාක්ස් කියන දාර්ශනිකය කියලා තියෙනවා. විසඳුම් ඇති ප්‍රශ්නයක් මිනිසා ඉදිරියට එන්නේ නැහැැ කියලා. ඒ නිසා කිසි අසුබවාදයක් තියාගන්න එපා.
ඉස්සර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුලින්ම දුවලා ගිහින් ගත්තෙ වාහන පර්මිට් එක. අපි උඩට බෙදාගෙන නැහැ. රටේ භාණ්ඩාගාරයට එකතු කරන රටේ ආදායම ඔක්කොම දෙන්නේ ජනතාවටමම තමයි. අපි ආපු ගමන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වැටුප් වැඩි කළා. ගොවි ජනතාවට හෙක්ටයාර් දෙකකට තිබ්බ පොහොර සහනාධාරය රුපියල් 30,000 සිට 60,000 දක්වා වැඩි කළා.
අපි ජීවිතය ගැන සුබවාදීව හිතන්න ඕනේ. සුබවාදී ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ලස්සන හීන දකින්න ඕනේ. ඒවා සාර්ථක කරගන්න කැපවෙන්න ඕනේ. මේක ආණ්ඩුවයි රජයයි ජනතාවයි එක මිටකට එකතු වුණොත් විතරයි කරන්න පුළුවන්."

ආණ්ඩුවෙ අය වෙන්ට ඇති, නැද්ද හා?
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් හැකර් සහෝදරයන්ට ආඩම්බරයි
Deleteදැන් තට්ටෙට කොණ්ඩෙ ඇවිත්
Deleteපල බේඛද්දා යන්න.
ReplyDeleteගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමටවත් මුදල් නොතිබූ කාලයකදී පවා, මාස කිහිපයක් ඇතුළත තමන්ගේම විශ්‍රාම වැටුප් පවා අහෝසි කරමින් ඉතිරි කළ මුදල් සහ අතේ තිබූ සම්පත් යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකර, මාර්ග BYD වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ, ‘දිත්ථ’ නමින් හැඳින්වූ මහසෝනා ඉදිරියේවත් අඩියක්වත් පසු නොබැස නොසැලී සිටියහ. එක් දිනෙක මෙම කතාව ද මහාවංශයේ පිටු අතර සටහන් වනු ඇත."එපමණක් නොව, යුද්ධය හේතුවෙන් තෙල් සැපයුම අඩාල වූ අවස්ථාවේදීත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධනෙන් පුරවා තැබීමට සමත් වූ "ජෙප්පෝ", දැන් "එල් නිනෝ" නම් අලුත් "මහසෝනා" කරළියට එන තුරු බලා සිටිති!
Deleteතවත් galakapaththi කෙනෙක් ද?
ReplyDeleteOw ow parana YouTube recording thiyenawane. Oba hari.
ReplyDeleteදැන් නිව්ස් අහන ගමන්. බිමල් ගවුමක් ඇදගනින් බං. කෙලින් වචන නැත්තෙ පොන්නයන්ගෙ.
ReplyDeleteඋඹලට සන්තොසම් වලට හම්බවෙච්ව මන්දිර වලින් එලියට දාන දවස ලගයි. පදවි ශ්‍රී පුර ගොවියෙක් දැන් නිවුස් එකට ප්‍රකාශ කරයි.
ReplyDeleteමේ යකා කොයි වෙලේ බැලුවත් බීලා. දාර බේබද්දෙක්
ReplyDeleteපලයන් ඛේඛද්දා යන්න.
ReplyDeleteකන්ටේනර් ගල් අඟුරු භාණ්ඩාගාර හොරකම් ගැන කියන ඒවා එතකොට පචද?
ReplyDeleteආරියතිලක
ReplyDelete"කාල් මාක්ස් කියන දාර්ශනිකය කියලා තියෙනවා. විසඳුම් ඇති ප්‍රශ්නයක් මිනිසා ඉදිරියට එන්නේ නැහැැ කියලා. "
අමාත්‍ය ලාල් කාන්ත..
කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද?
කාල් මාක්ස් කියන්නේ සත්‍යවාදී දාර්ශ්නිකයෙක් යන්න විමසා බැලීම වටී. ලෝකයට සත්‍ය නො වූ මහත් බොරු ගොඩක් තම හිතලු මගින් සමාජයට මුදා හළ පුද්ගලයෙක් ද? යන්න විමසා බලීම වටී.
මුලින් මේ වැඩේට අත ගැසන ලද්දේ පෙඩ්රික් එංගල්ස් විසිනි. ඔහු 1847 වර්ෂයේ දී “ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නැමැති ප්රකාශනය එළි දැක්වූවේ ය. ඊ ලඟට 1848 වර්ෂයේදී, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් “ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය” නැමැති ලියවිල්ල ප්‍රකාශයට පත් කළහ.
කොමියුනිස්ට්වාදය, මේ ප්‍රකාශන දෙක මූල අත්තිවාරම වශයෙන් තබා ගෙන ගොඩ නැගා ඇත. මෙම ප්‍රකාශන දෙක අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන්නේ, මහත් අසත්‍යක් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් ලෝකයට මුදා හරින් ල ද වව ය.
විද්‍යාත්මක සත්‍යයැයි කියමින් ලෝක ජනතාව මුලා කිරීම ය. මාක්ස් හා එංගල්ස් දෙදෙනාම හිතා හිටියේ ලෝකයේ ගැඹුරුම විද්‍යාව ඔවුන් සොයා ගත්ත යැයි කියා ය. නමුත් අමූලික බොරු ගොඩක් ඔවුහු සමාජයට මුදා හළහ. ඒ මගින් මහත් වූ ව්‍යසනයක ලෝකය පත් කෙරෙණි.
කොමියුනිස්ට්වාද වාදය කර්මය, කර්ම විපාකය, පින්, පව්, කුසල් අකුසල්, දාන, ශීල, භාවනා, පින් ලෙසත්, ශීල, සමාධි, පඥා, යන තථාගත සම්බුදු රදුන්ගේ දේශනා කිසිත් පිළි ගන්නේ නැත්තේ ය.
කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මේ ප්‍රකාශයෙන් සම්බුදු දහම ඇතුලු සියලු ආගම් ප්රතික්ශිප්ත ය.
තථාගතයන් වහන්සේගේ සියලු දේශනව ම මාක්ස්වාදයෙන් බැහැර ය. අප එසේ කියන්නේ යම් යම් සූත්‍ර දේශනා සමාජවාදයේ ඇති සමානාත්මතාවයට එකඟ වුව ද, මාක්ස්වාදීහු තථාගත බුදුරදුන්ගේ සම්මා සම්බුද්ධත්වය කිසි ලෙසකින් නො පිළි ගනී. සම්බුදුරදුන්ගේ සමස්ත බුදු දහම කැටි වූ සූත්‍ර දෙකක් වශයෙන්
“ධම්ම චක්කපවත්තන” සූත්‍ර දේශනාව හා “ අනත්ත ලක්ඛණ” සූත්‍රය දැක්විය හැක.
අපි ලෝකයේ ම සිටින, මාක්ස්-ලෙනින්වාදී, කොමියුනිස්ට්වාදී සැම දෙනාට ම අභියෝග කොට සිටිමු, හැකි නම් තථාගත බුදු රදුන්ගේ මේ සූත්‍ර දෙක සත්‍යක් යැයි කියා කියන ලෙසට ය. අව ම වශයෙන් එක් සූත්‍රයක්වත් සත්‍යයක් යයි කියන ලෙසට ය.
මේ සූත්‍ර දෙක යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැනැත්තා තථාගත බුදු රදන් ප්‍රතික්ෂේප කළා වනවා ඇත. ධම්ම චක්කපවත්තන සූත්‍රය පිළිගත් විට අනත්ත ලක්ඛණ සූත්‍රය නිරායාසයෙන් ම පිළිගන්නවා ඇත.
“කොමියුනිට්වාදයේ මූල ධර්ම” වල එංගල්ස් කියන පච වැල මේ සූත්‍ර දෙකෙන් බිඳ වැටෙනවා ඇත. එංගල්ස්ගේ මේ පච වැල පමණක් නොව කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනාගේ “කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය” යන ලියවිල්ලෙන් කියන බොරු ද බිඳ වැටෙනවා ඇත. ඒ සමඟ ම කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, මාඕ සේතුං යන කොමියුන්ස්ට් න්යායාචාර්යවරු විසින් ලියන ලද හා ලෝකයේ කොමියුනිස්ට්වාදය පිළිබඳ ලියා ඇති සියලු ග්රන්ථ, ලිපි, ප්රකාශනවල අන්තර්ගතය බිඳ වැටෙනවා ඇත.
කාල් මාක්ස්, මිත්‍යා අදහස් ඇති දාර්ශ්නිකයෙක් බව කිව යුතු ය. සම්මා හෙවත් සත්‍යවාදී දැකාමක් ඇති සම්මා ඥාන බලයට විරුද්ධ මිත්‍යා ඥාන ඇතියෙක් බව ඔහු ගොඩ නගන ලද බොරු ගොන්න අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වෙනවා ඇත.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
නිර්මල සම්බුදු දහම තිබෙන මේ ලංකාදීපයේ කාල් මාක්ස්ගේ මිත්‍යා දර්ශනය හේතුවෙන් සදාචාර පිරිහීම වේගවත් විය. සම්බුදුරදුන්ගේ උපාසක කුල පිරිහීමට ලක් විය. එම කුලවල උපන් දරුවෝ මාක්ස්වාදයේ හරි යයි සිතා සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනයට, සපුරා පටහැනි කොමියුනිස්ට්වාදීන් පසු පස ගියහ. 1971 රාජ්‍ය විරෝදී ජවිපෙ කැරැල්ලට හා 1987/88/89 ජවිපෙ දෙවැනි කැරැල්ලට සම්බන්ධ වී මහත් ජීවිත ව්‍යසනයක් කර ගත් හ. මහත් වූ පාප කර්ම කර හත් හ. කොමියුනිස්ට්වාදීන් පින පව නො පිළිගන්නා බැවින් එම කැරැළිවලට සම්බන්ධ වූවන්ට ඒවා ප්‍රශ්න නො වීය. මේ කැරළි දෙකට හා කොමියුනිස්ට්වාදී දේශපාලන ප්රවාහයට සම්බන්ධ වූ බහුතර පිරිසට මාක්ස් ලෙනින්වාදයේ, කොමියුනිස්ට්වාදයේ අසත්‍ය බව, අධ්‍යනය කිරීමට පමණක් නොව මාක්ස් ලෙනින්වාදය ද හරි හැටි දැන ගැනීමට අවස්ථාව ලැබී නැත්තේ ය.
පුදුමයක මහත! නම් සම්බුදු රදුන්ගේ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද සම්බුදු දහම හරි හැටි නො දන්නා කම නිසාදෝ සම්බුද්ධ ශාසනයට පටහැනි කොමියුනිස්වාදී කැරළිවල සම්න්ධ වූහ. කොමියුනිස්ට්වාදී දේශපාලනයේ නියලෙත්. මේ හේතුවෙන් තථාගතයන් වහන්සේගේ බෞද්ධ උපාසක කුලයට මහත් පිරිහීමක ඇති විය. කාල් මාක්ස්ගේ, කොමියුනිස්ට්වාදයේ අමූලික බොරු ඉගෙන ගෙන, කුසල ධර්ම පිරිහෙන තැනට වැඩ සිද්ධ වූ බව පැහැදිලි ය. අදටත් ඇතැම් භික්ෂු සංවිධාන තථාගත දහමට විරුද්ධ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටිත්.
තථාගතයන් වහන්සේගේ බෞද්ධ කුලවැසි සැම, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදයේ බොරුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තව කාලයක් කුසල පථය සමඟ දියත් වීමට හේතු වන බව අවධාරණය කරමු.