ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ඉතාමත්ම අවදානම් සහගත තත්ත්වයක පවතින බවත්, එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට රට තුළ දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ ඩොලරයේ අගය පාලනය කිරීම සඳහා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හුදු පැලැස්තර විසඳුම් පමණක් බවයි.
රජය සතු සංචිත වෙළඳපොළට මුදාහරිමින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඩොලරයේ අගය කෘතිමව පහත හෙළීමට රජය උත්සාහ කළ ද, එළඹෙන ජූලි මාසය වන විට ඩොලරයේ අගය නැවතත් ඉහළ යනු ඇති බව ඔහු අනාවැකි පළ කළේය.
ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් රුපියල තවදුරටත් කඩා වැටී ජීවන වියදම අධික ලෙස ඉහළ යන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට රජය පොරොන්දු වී ඇති බවත් සේනාරත්න මහතා මෙහිදී අනාවරණය කළේය.
රටේ දේශපාලන තත්ත්වය සහ මැතිවරණ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බවයි.
වත්මන් තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම යනු සියලු පළාත් සභා විපක්ෂයට තෑගි ඔප්පුවකින් ලියා දීමක් වැනි ක්‍රියාවක් බැවින්, ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම මඟහැරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රු 5000/= ට ගියත් කමක් නැහැ ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් හොරා කාපු එවුන් හිරේට යැවීම පමණයි
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
DeleteWena kauruth hitiya nam oita wada godak vadi venawa. Honda velawata Malima Anduwak thibune.
ReplyDeleteඔයාගේ කාලේ මහින්දගේ කිඹුල් වෑන්, සුදු වෑන් පෙන්නන්න ගිහිල්ල උසවියෙනුත් සම්බුව හම්බ වුණා නේද?
ReplyDeleteතව කාලයකදී බාල බෙහෙත් ගෙනත් මාට්ටු වුණා නේද ?
කාලයක් ඔසී එක්කත් , තව කාලයක් චන්ද්‍රිකා එක්කත් , මහින්ද , රනිල් , සිරා හැම එකා එක්කම බුදියගෙන දැන් එනවා බයිලා ගහන්න.
පල් හොර හිගන්නා , කාලකන්නියා මක බෑ විලා පල