පකිස්තානයේ ඉන්ධන මිල දැවැන්ත අඩු කිරීමක්.. පෙට‍්‍රල් 74කින්.. ඩීසල් 67කින්..


 මැදපෙරදිග කලාපීය දේශපාලනික ආතතීන් ලිහිල් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමේ වාසිය සෘජුවම ජනතාවට ලබා දෙමින්, පාකිස්ථානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල කැපී පෙනෙන ලෙස අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 74කින් සහ අධිවේගී ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් අඩු කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. 

නිල රාජ්‍ය නිවේදනය නිකුත් කිරීමෙන් පසුව නව මිල ගණන් ක්‍රියාත්මක වන අතර, පෙට්‍රල් (ලීටරයක්) රුපියල් 373.78 සිට රුපියල් 299.78 දක්වාත් අධිවේගී ඩීසල් (ලීටරයක්) රුපියල් 378.78 සිට රැපියල් 311.78 ලෙස වෙයි. 

ඇමරිකා-ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ බලශක්ති නැව්ගත කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටී ඇත.

එමෙන්ම කලාපීය ආර්ථික තත්ත්වය යහපත් වීම මෙම සහනය ලබා දීමට ප්‍රධානතම හේතුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 

ජාතික මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය ෂරීෆ් මහතා සඳහන් කළේ, පසුගිය අසීරු අවස්ථාවලදී ජනතාව පෙන්වූ ඉවසීම සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කරන බවයි. "ගෝලීය උද්ධමනයේ බලපෑමෙන් මහජනතාව ආරක්ෂා කිරීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගත්තා. ජනතාවට උපරිම සහනයක් ලබා දීම අපගේ ප්‍රමුඛතාවයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. 

ආර්ථික අර්බුදය හමුවේ දායකත්වය දැක්වූ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් , 'ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම' සාර්ථක කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව සහාය දුන් යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මහතාටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ස්තූතියක් පිරිනැමීය. 

7 Comments

  1. වැලි කොට්ට ජේවීපී කාරයන් මන්දබුද්ධික බැවින් මෙවැනි ප්‍රවෘත්ති පෙනෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. Ai apith adu kalane. Darkke nadda? Manda buddikada?

      Delete
    2. මන්දබුද්ධික BAYYA still dont know. PAK fuel price is still higher than SL

      Delete
  2. පාකිස්තානේ ඉන්නේ හොරු. ඒකයි පෙට්‍රල් අඩුවට දෙන්නේ. ලන්කාවේ දැන් හොරු නැති නිසා මිල වැඩියි.

    ReplyDelete
    Replies
    1. Aduwata genapu thel thiyeddith loka welandapole wadi una kiyala sutus gala meheth wadi kala. Dan loka welandapole adu unahama mehe wadi milata wikunanawa. Eki mila susthare.

      Delete
    2. පාකිස්තානේ පෙට්‍රල් අඩුවට ??? TYPICAL MODA BAYYA

      Delete
  3. ජනතාවාදී පකිස්ථානු රජයට ජයවේවා

    ReplyDelete
Previous Post Next Post