සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ තීරණයකට අනුව, මින් ඉදිරියට අස්වැසුම මූල්‍ය ආධාර හිමිවන්නේ අන්ත දිළිඳු සහ දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සඳහා පමණි. මේ වන විට එම වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය දත්ත අලුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, මෙම සහනාධාර වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ කෙරුණේ 2023 වසරේදීය.
එම ආරම්භක වසරේදී වටපිටාවන් හතරක් යටතේ පවුල් ලක්ෂ 16කට ආසන්න සංඛ්‍යාවකට මෙම දීමනාව ලබා දී තිබුණි. කෙසේ වෙතත්, ඉන් පසුව සිදුකළ සංශෝධන හේතුවෙන් පියවර කිහිපයකදීම ප්‍රතිලාභීන් පිරිසක් ඉවත් කිරීමට කටයුතු කෙරුණි.
මෙම සිව්වන මට්ටමේ සිටි ප්‍රතිලාභීන් 315,000කට 2025 අප්‍රේල් මාසයේ සිට මුදල් ගෙවීම් අත්හිටුවනු ලැබීය.
තෙවන මට්ටමට අයත් වූ පවුල් 425,000කගේ දීමනා මේ වසරේ ජුනි මාසයේ සිට නතර කිරීමට පියවර ගෙන ඇත.
මෙලෙස සහනාධාරය අහිමි වූ කාණ්ඩ දෙකෙහි පවුල් අතරින්, සැබවින්ම දුප්පත් හෝ අන්ත දිළිඳු මට්ටමේ පසුවන පවුල් වෙතොත් ඔවුන්ට නැවතත් මෙම ප්‍රතිලාභය ලබාගැනීමට සුදුසුකම් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා ප්‍රකාශ කර සිටියි.
සුබසාධන සහනාධාර ක්‍රමය (විශේෂයෙන්ම අස්වැසුම) වෙනස් වීම සහ ඇතැම් කාණ්ඩවලට සහනාධාර අහිමි වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඍජුවම බලපායි.
IMF කොන්දේසිය වන්නේ රජය සතු සීමිත මුදල් හැමෝටම බෙදා නොදී, සැබවින්ම අසරණ වූ පිරිසට පමණක් ක්‍රමවත්ව ලබා දිය යුතුය යන්නයි.

Thank you.
ReplyDeleteAnthimata JVP unta witharay
මේ තීරණය හරියටම හරි. ජේවීපී පූර්ණ කාලීන සාමාජිකත්වය මත පමණක් අස්වැසුම ලබා දිය යුතුයි.
ReplyDeleteමහා ජනතාවගේ අධෝ මුකයේ රුදාව දැන් සනීපයි .. නියමයි .. ඉගාව චන්දෙත් මුන්ට ම දීපල්ලා ..
ReplyDeleteඅපේ ගමේ ආණ්ඩුවේ රස්සාවක් නැති හැමෝටම අස්වැසුම ලැබෙනවා. බෝංචි, තක්කාලි, මිරිස්, ගම්මිරිස් වගා වලින් ලක්ෂ 30 -40 ගන්න මිනිස්සුන්ට අස්වැසුම ලැබෙනවා.
ReplyDeleteතඹුත්තේගමේ
Deleteආණ්ඩුවට විරුද්ධ මතයක් දැරුවත් අයිඑම්එෆ් බලපෑම මත හරි ගත්ත මේ තීරණයට එකගයි.පැහැදිලිවම දන්න දෙයක් තමයි දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ඉන්න සෑහෙන පිරිසක් මේ ප්‍රතිලාභය ලබාගත්තා.තෝරාගැනීමේ ක්‍රමවේදය තුළ සෑහෙන්නම දෝෂ තිබුණා වගේම හිතවත්කම් මෙන්ම සාවද්‍යය දත්ත මත නුසුදුස්සන් සෑහෙන්න ප්‍රමාණයක් මෙයට ඇතුළත්ව තිබුණා.ඒවගේම මේ ඉවත් කිරීම් තුළ ඉතිරිවන මුදල් සැබවින්ම ආර්ථික පීඩනයට ලක්වෙලා ඉන්න අය අතර ප්‍රතිලාභය වැඩිකර ලබා දී ස්වයංව නැගිටීමට නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම නිශ්චිත කාලසීමාවකින් පසු ඉවත් කිරීමට කටයුතු කරන්නට අවශ්‍යයි.නැත්නම් සමහරුන් ප්‍රතිලාභය බලාපොරොත්තුවෙන්ම අලසව දුගී බව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.එක් වාර්තාවක දුටුවා මුලින්ම පටන් ගත්ත ජන සවියේ ඉඳන් විවිධ නම් වලින් ආපු සහනාධාර යෝජනා ක්‍රමවල අඛණ්ඩව රැඳී සිටින පවුල් ප්‍රමාණය තිස් දහස් ගණනක් වූ බව.
ReplyDeleteදියව් දියව්
DeleteKapaw, kapaw
ReplyDeleteMalimawata mother kal galata yannata puluwan unable Huthwaite nethi kara ganna epa. NPP LEADERS COULD GO TO VILLAGE UPTO TODAY BECAUSE OF ASWESUMA. SO THEY WONT BE ABLE TO GO VILLAGE HERE AFTER
ReplyDeleteවැඩ බැරි ආණ්ඩුවේ තවක් හොඳ තීරණයක් ! ඊළඟට රජයේ සේවකයිනුත් 30% දක්වා අඩු කරන්න. ඒ වනුවට තාක්ෂනය ගේන්න. එමගින් රජයේ පුනරාවර්තන වියදම් අඩු වි රටේ සංවර්ධනයට මුදල් ඉතිරි වෙනවා.
ReplyDelete