76 අවුරුද්දේම හොරකං මාලිමාණ්ඩුව මාස හයෙන් කලා..


 පසුගිය වසර 76ක කාලය තුළ මෙරට සිදුවූ මුළු වංචා සහ දූෂණ ප්‍රමාණයට වඩා වැඩි හොරකමක් වත්මන් රජය සිය පාලන කාලයේ පළමු මාස හය තුළ සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා චෝදනා කරයි.

දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන්වලට වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාව ඩීසල් මිලදී ගන්නා බවත්, ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගනු ලබන්නේ ශ්‍රී ලංකාව බව HSBC ප්‍රධානියා පවා ප්‍රකාශ කර ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

ඉන්දියාවේ දිල්ලි වැනි නගරවල ඉන්ධන මිල මෙරට මිලට වඩා බෙහෙවින් අඩු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනතාවගේ මුදල්වලින් රජය මෙලෙස වැඩි මිලට ඉන්ධන ලබාගන්නේ හොරකමක් හෝ වංචාවක් නිසාද යන්න ප්‍රශ්න කර සිටියේය.

රජයේ පාලන කාලය තුළ සිදුවූ බව කියන තවත් දූෂණ කිහිපයක් පිළිබඳව මන්ත්‍රීවරයා  විශේෂයෙන්ම මීට වසරකට පෙර අතුරුදහන් වූ බව කියන කන්ටේනර් 3ක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත්, තැපැල් කාර්යාල හරහා හුවමාරු වූ ඩොලර් ලක්ෂයක මුදලකට සිදුවූ දෙයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවත් පෙන්වා දුන්නේය.

බැංකු පද්ධතිය තුළ සිදුවන ඇතැම් ගනුදෙනු පිළිබඳව ද ඔහු මෙහිදී දැඩි විවේචන එල්ල කළේය.

රජය විසින් සිදු කරනු ලබන ඇතැම් සංදර්ශන හේතුවෙන් අද වන විට රාජ්‍ය සේවකයින් දැඩි බියකින් පසුවන බවත්, එම නිසා රාජ්‍ය කාර්යාලවල වැඩ කටයුතු නිසි පරිදි සිදු නොවන බවත් මාන්නපෙරුම මහතා ප්‍රකාශ කළේය. හොරුන් ඇල්ලීම සහ රට හැදීම පිළිබඳ ජනතාව තැබූ බලාපොරොත්තු මේ වන විට සුන් වී ඇති බවත්, ර

ජයට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

"අඩුම තරමේ හොරු අල්ලයි කියලා ජනතාව හිතුවා. නමුත් අන්තිමට බැලුවාම අවුරුදු 76කට වඩා හොරකමක් මේ මාස හයට කරලා තියෙනවා," යැයි මන්ත්‍රීවරයා පැවසීය.

16 Comments

  1. නෑ නෑ මේක බොරු, උන් ඉදිරි අවුරුදු 76 කටත් එක්කම හොරකන් කලා.

    ReplyDelete
    Replies
    1. They did in 76 months\\

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 6:37 PM

      විමල් වීරවන්සගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු ව රාජ්‍ය මුදල් හොරකම් කිරීමක් නිසා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒවා තමයි නිව්ස්. බලය තියෙන කාලේ කොරපු හොර මගඩි එකින් එක එලි වෙනවා.

      Delete
    3. එකඟයි! මුන් රේගුවෙන් රතුලේබල් 323 පැන්නුවෙ බලේට ආපු පලවෙනි මාසෙමයි.

      Delete
  2. සහතික ඇත්ත.

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 6:24 PM

    නෑ, මූ මොකෙක්ද මේ? හැබැයි මුගේ කථාවෙන් ගන්ඩ දෙයක් තියෙනවා. ඒ තමයි පහුගිය අවුරුදු 76ම හොරකම් කරපු බව, මුන් එකතු වෙලා. වත්මන් එන්.පී.පී. රජය හොරකම් කරන් නෑ. මොකා මොන ආඬපාලි කිව්වත් මිනිස්සු දන්නවා ඒක.

    ReplyDelete
    Replies
    1. රජය හොරකම් කරන්නෙ නෑ තමයි, රජය කරවන එවුන් තමයි හොරකම් කරන්නෙ.

      Delete
    2. Galappathi dobi talk from mouth man

      Delete
    3. වුරුදු 76ම හොරකම් කරපු බව ubalamane Kiwwe

      Nagitapan ban

      Ugandwe billion walin naya gewanawa kiwwa nede

      Delete
  4. ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමටවත් මුදල් නොතිබූ කාලයකදී පවා, මාස කිහිපයක් ඇතුළත තමන්ගේම විශ්‍රාම වැටුප් පවා අහෝසි කරමින් ඉතිරි කළ මුදල් සහ අතේ තිබූ සම්පත් යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකර, මාර්ග BYD වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ, ‘දිත්ථ’ නමින් හැඳින්වූ මහසෝනා ඉදිරියේවත් අඩියක්වත් පසු නොබැස නොසැලී සිටියහ. එක් දිනෙක මෙම කතාව ද මහාවංශයේ පිටු අතර සටහන් වනු ඇත."

    ReplyDelete
    Replies
    1. පච වපුරල ශ්‍රේෂ්ඨ මහාවංශට අපහාස කරන්ඩ එපා පකෝ!!!

      Delete
    2. මචං පතිරණ, උඹල අධිවේගී මාර්ග කීයක් ඉදිකලාද බන්?

      Delete
    3. melo yakekta kiyannathuwa giwisum gahala indiyawata pawadunna kiyala

      Delete
    4. "....තේ තිබූ සම්පත් යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකර, මාර්ග BYD වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ......"

      බුදු අම්මෝ, මුන් මෙව්වගෙ පොලොව පැලෙන කප්පරක් බොරු කොහොම කියනවද?

      Delete
    5. පතිරණ ගලප්පත්තිගේ නිර්මාණයක්

      බොරු සාගරයක්!

      Delete
    6. හැක හැකJune 6, 2026 at 1:01 AM

      මචං පතිරණ ඔය ජෙප්පන් කලයි කියන වැඩ ලිස්ට් එකට දාන්ඩම ඕනෑ එකක් දාන්ඩ අමතක වෙලා.

      ඒ තමයි අර අම්බිකා අම්මන්ඩි හදල විවෘත කරපු කක්කුස්සි පේලිය. ඒක තමයි උඩින්ම දාන්ඩ තිබ්බෙ.

      Delete
Previous Post Next Post