ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් තේරීමේ ප්‍රධාන කමිටුවේ නායකත්වය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට පැවරීමට එම පක්ෂය තීරණය කර ඇත.
පක්ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා මේ බව අනාවරණය කළේය.
මෙම විශේෂ තීරණයට එළඹ ඇත්තේ පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණු විධායක සභා රැස්වීමේදීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් එහිදී ගත් බවයි. ඒ අනුව ඉදිරියේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තවත් අනුකමිටු කිහිපයක්ම පිහිටුවීමට සැලසුම් කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,
"මේ ප්‍රධාන කමිටුව නියෝජනය කරන්නේ දේශපාලන ක්ෂේත්රය සහ බිම් මට්ටමේ ජනතාව ගැන මනා වැටහීමක් තියෙන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්. පක්ෂයක් විදිහට අපි ඕනෑම මොහොතක පළාත් සභා ඡන්දයට මුහුණ දෙන්න සම්පූර්ණයෙන්ම සූදානම්."

කොච්චර ලොකු පුටුවක් වුණත් කමක් නෑ ඔන්න ඔහෙ වාඩි වෙලා හිටහන්. නැඟිටලා එන්ඩ හිතන්ඩ එපා ආණ්ඩු කරන්ඩ වගේ දේවල් වලට. ඔන්නම් ප්‍රාදේශීය සභාවකට හරි, සමූපකාරෙකට හරි ඉල්ලල බලහන්, ඡන්ද දෙකක් තුනක් අහුල ගන්ඩ බැරි වෙන එකක් නෑ.
ReplyDeleteචන්ද 2/3ක් ගන්න එවුන් වෙනුවෙන් ජෙප්පෝ බයවෙන තරම දැක්කම තමයි පස්ස පැත්තෙන් හිනා යන්නේ... චන්ද 2/3 නම් බය වෙන්න දෙයක් නැහැනේ, වැඩක් බලගනින්කෝ මෝඩ ඩෝබියෝ ...
DeletePodi Peramunbatath mole nethuwawagai
ReplyDelete