මෙහෙණි ආරාමයක් ඉදිරිපිට මිණී ඔළුවක්...


 කැලණිය, හුනුපිටිය ප්‍රදේශයේ පිහිටි සංඝමිත්තා මෙහෙණි ආරාමයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මිනි හිස්කබලක් තබා තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අනුරාධපුරයේ පැවති භාවනා වැඩසටහනකට සහභාගී වී යළි ආරාමය වෙත පැමිණි අවස්ථාවේදී, එහි ප්‍රධාන දොරටුව අසල මෙම මිනි හිස්කබල තබා ඇති අයුරු විහාරාධිපති එල්පිටියේ ධම්මකුසුම මෙහෙණින් වහන්සේ විසින් දැක ඇත. වහාම ක්‍රියාත්මක වූ පෑලියගොඩ පොලිසිය එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

මෙම සිද්ධියට මුහුණ දුන් මෙහෙණින් වහන්සේ පවසන්නේ, 2024 වසරේ සිට තමන් මෙම ආරාමයේ වැඩසිටින බවත්, එතැන් සිට තමන්ව මෙම ස්ථානයෙන් පන්නා දැමීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඇතුළු පිරිසක් විවිධ හිරිහැර සිදුකරන බවත්ය.

මීට පෙර ද ආරාමයේ තිබූ බුදු පිළිම වහන්සේ නමකට හානි කර, තාප්ප කඩා දමා තමන්ට බලපෑම් කළ බව උන්වහන්සේ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ප්‍රදේශවාසීන් පවසන පරිදි, 26 වැනිදා උදෑසන කාලයේදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සුඛෝපභෝගී රථයකින් මෙම ස්ථානයට පැමිණ යන අයුරු දැකගත හැකි වී තිබේ.

සිද්ධිය වාර්තා වීමෙන් පසු, කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලියන් පුංචිහේවා මහතා පසුගිය 27 වැනිදා සවස එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මිනි හිස්කබල පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙහෙණින් වහන්සේට යළි ආරාමය තුළට වැඩම කිරීමට අවසර ලබා දී ඇත.

මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

7 Comments

  1. පොඩි මිටි ලපයා කාඩිනල් කොටි ඩයස්පෝරා උන් එක්ක එකතු වෙලා අපේ බුද්දාගමටයි ....යුද්දේ නවත්තපු හමුදාවටයි ...යුද්දෙට නායකත්වය දුන්න මහින්ද ජනාදිපති තුමාටයි දඩුවම් කරන එක තමා කරන්න යන්නේ ....සින්හල බෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ....පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු...

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 7:02 PM

      කාඩිනල් වත් නානා වත් නෙවේ මේ මිනී ඔලුව ගෙනත් තියලා තියෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් ඉඳලා අහල පහල පංසලක හාමුදුරු නමක් මේ මෙහෙණින් වහන්සේලා මෙතනින් පන්නන්ඩ හදනවා ලු. පන්සලට ලැබෙන සල්ලි මේ මෙහෙණි ආරාමේ භික්ෂුණීන්ට යනවා ඇති. ඒකයි. අන්‍යාගමිකයන්ගේ සම්භන්ධයක් තියෙන බවට මෙතෙක් කිසිම සාක්ෂියක් නෑ.

      ඊබ්‍රාහිම් නානා දන්නෙත් නැතුව ඇති කවුද මේ මිනී ඔලුව මෙතනින් ගෙනත් තිබ්බේ කියලා. ඊබ්‍රාහිම් ගේ පුතාලත් කන්‍යාවෝ 72ක් එක්ක ඉන්න නිසා මෙව්වා කෙරුවා කියලා හිතන්ඩ බෑ.

      මීට පස්සේ නිව්ස් එක කියවලා බලලා ගැලපෙන කමෙන්ට් එකක් දාපන්.

      Delete
    2. නූගත් ඩෝබී වහලෝ, කියවපන් ....!!! පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු...

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 9:33 PM

      ඉතින් ගොනෝ මේ නිව්ස් ආටිකල් එක පාස්කු ප්‍රහාරය ගැන නෙවේ නේ? තෝ බීල ද? නිව්ස් එක කියවලා ගැලපෙන කමෙන්ට් එකක් දාපන්.

      හිටපන් උඹේ බුද්ධි මට්ටමට ගැලපෙන කමෙන්ට් එකක් යෝජනා කරන්ඩ: "මේ මිනී ඔලුව ගෙනල්ලා දාන්ඩ ඇත්තේ ජේ.වී.පී. කාරයෙක්". -- කොහොමද ඒක? උඹට ඔයිට වඩා දෙයක් කියන්ඩ මොළයක් නෑ නේ.

      Delete
    4. මෙන්න ජෙප්පොන්ගේ ඩෝබී වහලා උත්තර නෑතුව වටෙන් යනවා....කියපිය!!!! පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..?

      Delete
    5. පුකේරෙන ගලප්පට්ටි...🤣🤣🤣🤣🤣🤣🤣🤣June 30, 2026 at 10:14 PM

      පුකේරෙන ගලප්පට්ටි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
    6. කොට්ටහච්චිගේ අම්මට් කෙලපු එකාගේ තවත් අවජාතකයෙක්ලු

      Delete
Previous Post Next Post