හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් වරිපනම් බදු වශයෙන් හම්බන්තොට මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි 25කට වැඩි මුදලක් මෙතෙක් නොගෙවීම හේතුවෙන් ජාත්‍යන්තර වරායේ දේපළ තහනම් කිරීමේ රතු නිවේදන නියෝග නිකුත් කර ඇති බවත්, එයට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පාර්ශ්වය අභියාචනාධිකරණයේ නඩු කටයුත්තක් පවරා දේපළ තහනම් කිරීමට එරෙහිව වාරණයක් ගෙන ඇති බවත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩි.ඒ. ගාමිණි මහතා පැවති මහ සභා රැස්විමේදී කීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සේවා කටයුතු චීන සමාගම මඟින් ආරම්භ කළ දා පටන් මහ නගර සභාවට අය විය යුතු වරිපනම් බදු මුදල් ගෙවිම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළ බවත් එක් අවස්ථාවකදී යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සිදු කළත් මේ වන විට දඩ පොලී සමඟ රුපියල් කෝටි 25කට අධික මුදලක් මහ නගර සභාවට අය විය යුතුව ඇති බවත් නගරාධිපතිවරයා පැවසීය.
වරිපනම් බදු පැහැර හැරීමේ දිනවකවානු යටතේ රතු නිවේදන යොමුකර දේපළ තහනම් කිරීමට නියෝග කර ඇත්තේ රුපියල් කෝටි 14ක මුදලකට හෙයින් මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව දේපළ තහනම් කිරීමට අදාළ පියවර ගත් බව නගරාධිපතිවරයා කීය.
ඉතිරි මුදල් ද මහ නගර සභාවට අය විය යුතු බවත්, නගරාධිපතිවරයා කීය. එසේ දේපළ තහනම් කිරීමට පියවර ගැනීමෙන් පසුව එයට විරෝධය පළ කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරීත්වය විසින් මහ නගර සභාවට එරෙහිව වාරණයක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති බව ද ඔහු පැවසීය.
වාණිජ වරායක් ලෙස තක්සේරු කිරීමේ ගැටලු පවතින හෙයින් තක්සේරුව සංශෝධනය කිරීම් සම්බන්ධයෙන් එම නඩුව විභාග කිරීම පසුගිය දිනක සිදු කළ බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් කීය.
මහ නගර සභාවේ නීති අංශයේ උපදෙස් මත, හා පළාත් පාලන කොමසාරිස්වරයාගේ දැනුවත් කිරීම මත අභියාචනාධිකරණයෙන් මහ නගර සභාවට එරෙහිව පවරා ඇති නඩුව වෙනුවෙන් නීතිඥ සමාගමක් ඒ සඳහා පෙනීසිටීම වෙනුවෙන් නිතිඥ ගාස්තු ලෙස හම්බන්තොට මහ නගර සභාවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් එම නීතිඥ සමාගමට ගෙවීමට සිදු වූ බව ද නගරාධිපතිවරයා සභාවට කරුණු දක්වමින් කීය.
– සනත් ගමගේ

අනිවාර්යෙන් මුන්ගෙන් සල්ලි ගන්න ඕන. අපි මේ ආණ්ඩුව පත් කළේ මේවා අයකර ගන්න තමයි . මේ මුදල් නැතිනම් එදා ගියේ රාජපක්ෂලා ගේ පොකට් එකට දැන් බය නැතිව කියන්න පුළුවන් මේ හැම සතයක් ම රටේ නිර්ධන පන්තියේ අභිවෘද්ධියට වියදම් කරන බව.
ReplyDeleteදුන්නු ඡන්දය ගැන ආඩම්බරයි. මහා සමාගම් දනගස්වල රටේ අභිවෘද්ධිය සලසන්න අපි මාලිමාවට
මැට්ටො, හම්බන්තොට නගරසභා බලය තියෙන්නෙ සජබෙට. මාලිමාවට ඔයවගේ වැඩක්වත් කරගන්න බැරිබව දැන්වත් දැනගනින්.
Deletehttps://www.dinamina.lk/2025/06/23/politics/197733/%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B6/
Deleteනීති සමාගම වටගලගේද
Delete