එළබෙන එල්නිනෝ ලෝක කාලගුණ විපර්යාස තත්වයට මුහුණ දීම සදහා මධ්‍යම කදුකරයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඇළ, දොළ, ගංගා සහ පොකුණු ආරක්ෂා කර ගැනීමට රජය තේ වතු සමාගම් සමග එක්ව කඩිනමින් වැඩ පිලිවෙක් දියත් කල යුතු බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති ජනධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ජනධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයෙ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ ජනධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ, සුදු අධිරාජ්‍යවාදින් තේ වගා කිරිමේදි ජලය සුරක්ෂිතව තබා ගැනීමට යම් වැඩ පිලිවෙළක් දියත් කර තිබූ බවත්, එම ක්‍රමය අනුගමනය කරමින් රජය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වතු සමාගම් එක්ව වතු කම්කරුවන් සහ රටේ ජනතාව දැනුවත් කරමින් එල්නිනෝ කාලගුණ විපර්යාසයට මුහුණදීමට රජය කටයුතු කල යුතු බවයි.
ඩෙංගු මර්ධන වැඩසටහන පළාත් පාලන අයතන හරහා වෙනමම සිදු කල යුතු බවත්, තේ වතු සමාගම්වලට අවශ්‍ය උපදෙස් සහ දැනුම ලබා දෙන්නේ නම් මධ්‍යම කදුකරයේ සිට මුහුදට ගලා බසින ජලය ආරක්ෂා කර ගනිමින් මෙම කාලගුණ විපර්යාසයට මුහුණ දිය හැකි බවයි.
තවද, මෙවැනි කාලගුන විපර්යාසයක් ප්‍රකාශයට පත් කර තිබියදී කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය තෙත්බිම් කලාපය විනාශ කරමින් රජය මැණික් ගැනීමට බලපත්‍ර ලබා දී ඇති බවත්, එවැනි දේ සිදු කිරිමෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසේලගමු ඔයේ ජලය සිදියැමේ අවධානමක් පැවතිය හැකි බවයි ජනධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ.
තවද, මෙම එල්නිනෝ ව්‍යසනයට මුහුණදීමට සියලු පාර්ශවයන් එකට එක් වි කටයුතු කල යුතු බවත්, ඒ තුලින් මෙම කාලගුණ විපර්යාසයෙන් ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට හැකි බවයි ජනධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

ජෙප්පන්ගෙ රෙද්දෙ එල්නිනෝ එක 😅. මෙහෙ වහිනව ඉවරයක් නෑ. මුන් බලන් ඉන්නෙ එල්නිනෝ කිය කිය ලයිට් කපන්න.
ReplyDeleteමස්වැද්දන් කැලෑ ගිනි තැබීම් වලට දැඩි දඬුවම් දිය යුතුයි.
ReplyDelete