මානුෂීය මෙහෙයුම් කාලසීමාවේදී උතුරු පළාතෙන් යුද හමුදා භාරයට ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.
මෙම පූර්ණ වාර්තාව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා අධිකරණය වෙත යොමු කරන ලෙසටද නියම කර ඇත.
කොටි සංවිධානය විසින් නීතිවිරෝධී අන්දමින් රැස්කරන ලදැයි සැකකෙරෙන මාල, වළලු, මුදු, කරාබු සහ පෙන්ඩන්ට් ඇතුළු රන් ආභරණ මලු 120 ක අඩංගු අයිතම දසදහසකට අධික ප්රමාණයක් මේ යටතට අයත් වේ.
හමුදාව විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව, මෙම රන් භාණ්ඩ මෙතෙක් කල් සුරක්ෂිතව තබා තිබුණේ යුද හමුදා බුද්ධි අංශයට අයත් විශේෂ සේප්පු තුළය.
2025 මැයි මාසයේදී අධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට අනුව රහස් පොලිසිය විසින් මෙම රන් ආභරණ කිරා මැන බැලීමේ කටයුතු සිදු කර ඇත. එම සමස්ත ගණන් හිලව් බැලීමේ ක්රියාවලිය සඳහා වසරක පමණ කාලයක් ගත වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් පරිදි, දැනට මෙම සියලුම රන් භාණ්ඩ ශ්රී ලංකා මහ බැංකුවේ විශේෂ සේප්පු තුළ තැන්පත් කර ආරක්ෂාව සලසා ඇත.
මෙම කරුණු ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඊයේ (16) සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් ඉහත සඳහන් කළ නව නියෝගය නිකුත් කර තිබේ.

පචකොටා කිව්වෙ කොටින්ගෙ රත්රරන් මහින්ද ගත්තා කියල නේද ..එතකොට කොහොමද මේවා ආයෙම බැංකුවට ගියෙ..
ReplyDeleteදැන් ඒවා ළප කොටා පල්ලියට ඕන විදිහට බෙදන්න යන්නේ
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් හැකර් සහෝදරයන්ට ආඩම්බරයි
Delete
Deleteරත්තරන් මීයෝ කයිද දන්නේ නැහැ
♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
මහින්දය කෙසේ වෙතත් ආමිකාරයො නම්
Deleteදෙමළ ජනයගෙ රත්තරන් ඉස්සුවා
thope rajapassa horu gal karala ithuru tika thamai me...KP ge laga thibba raththaran ton ganak adatah un laga.owa gana wisthara thiyenne salay wenna athi.
Deleteඔවා රාජසන්තක කරලා මහ බැංකුවේ විදේශ ණය ගෙවන්න
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් හැකර් සහෝදරයන්ට ආඩම්බරයි
ReplyDeleteරත්තරන් මීයෝ කයිද දන්නේ නැහැ
ReplyDeleteදැන් පරක්කු වැඩියි, ශිරන්ති ඕක මීට ගොඩක් කාලෙකට කලින් විකුණලා...
ReplyDeleteMe JVP eke moda hukannala danne ne Ton kiyanne mokakda kiyalawath. Ton1=1,000 kg Hutto
ReplyDeleteපචකොටා කිව්වෙ කොටින්ගෙ රත්රරන් මහින්ද ගත්තා කියල
ReplyDeleteEKATHAMAY PACHAKOTA KIYANNE
ණය ගෙවාගන්න ක්රමයක් .. උගන්ඩා ඩොලර් ටික නැති එකේ .. 😆😆
ReplyDeleteමෙච්චර කල් මිනිස්සු මහින්දට බැන්නා කොටින්ගෙන් අල්ලගත්ත රත්තරන් ඔක්කොම විදේශයකට අරන් ගිහින් හැංගුවා කියලා. අපිත් හිතුවා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් බැලුවම බොරුවටනේ අපි ඒකට හොරා කියලා තියෙන්නෙ. හැබැයි දැන් නම් මේක ෂුවර් නැහැ. තව ටික දවසකින් නිවුස් එකක් එයි හැකර් කෙනෙක් අරන් ගියා කියලා. නැත්නම් වැරදි අයට බෙදුවා කියලා. ඊට පස්සෙ තව මාලිගා ගෙවල් හැදෙයි.
ReplyDelete