කියුබානු විප්ලවයෙන් පසුව එරට කොමියුනිස්ට් ආර්ථික පද්ධතිය තුළ සිදුවන දැවැන්තම සහ තීරණාත්මකම ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාව කියුබානු රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සිකුරාදා දින ක්‍රියාවට නැංවුණු මෙම නව නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, කියුබාවේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බව හිටපු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝගේ මුනුපුරෙකු වන රාහුල් ගිලර්මෝ රොඩ්රිගස් කැස්ත්‍රෝ ද මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තහවුරු කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළ පැනවුණු දැඩි සම්බාධක හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති කියුබාවේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය විමධ්‍යගත කිරීම මෙහි මූලික අරමුණයි.යෝජිත නව ප්‍රතිසංස්කරණ පියවර 176ක් මීට ඇතුළත් වේ.
මේ දක්වා ක්‍රියාත්මක වූ කියුබානු ආර්ථික මොඩලය යටතේ නිෂ්පාදනය කරන්නේ කුමක්ද, නිෂ්පාදනය කරන්නේ කවුද, භාණ්ඩ විකුණන මිල ගණන් සහ රටේ සම්පත් බෙදා හැරීම තීරණය කරනු ලැබුවේ සම්පූර්ණයෙන්ම රජය විසිනි.
මෙම නව සැලසුම යටතේ පෞද්ගලික ව්‍යාපාර සඳහා වැඩි ඉඩකඩක් වෙන් කෙරෙන අතර, රජයේ මැදිහත් වීමකින් තොරව සෘජුවම අපනයන හා ආනයන කටයුතු සිදු කිරීමටත්, නිදහස් සේවක බඳවා ගැනීම්වලටත් අවසර හිමි වේ.
මීට අමතරව, පෞද්ගලික බැංකු ආරම්භ කිරීමට සහ විදේශයන්හි වෙසෙන කියුබානුවන්ට රට තුළ ආයෝජනය කිරීමට ද අවස්ථාව සැලසේ. එපමණක් නොව, ජාත්‍යන්තර ක්ෂණික ආහාර ජාලයන්ට (Fast-food chains) කියුබාව තුළ ශාඛා පිහිටුවීමට ද මින් අවසර ලැබෙනු ඇත.
"දශක ගණනාවක් තිස්සේ විප්ලවීය ආර්ථිකයේ ප්‍රධාන කුළුණු ලෙස සැලකූ විදේශ වෙළඳාමේ රාජ්‍ය ඒකාධිකාරය සහ නිෂ්පාදන බලවේග කේන්ද්‍රගත කිරීම වැනි මූලධර්ම මේ වන විට බිඳ දමා තිබෙනවා," යැයි සලමන්කා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු මෙන්ම කියුබානු-ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකු සහ නීතිඥයෙකු වන ලුයිස් කාලෝස් බැටිස්ටා පවසයි.
හිටපු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ වැනි කියුබානු නායකයින් මීට පෙර ද සීමිත ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා උත්සාහ කළ ද, ඒවා රාජ්‍ය නිලධාරිවාදී බාධාවන් හේතුවෙන් අසාර්ථක විය. නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තරමක් මන්දගාමී විය හැකි බව පවසන කියුබානු බලධාරීන්, ඇමෙරිකාව විසින් පනවා ඇති බලශක්ති සහ මූල්‍ය සම්බාධක ඉවත් නොකරන්නේ නම් මෙම පියවර සාර්ථක කර ගැනීම අභියෝගාත්මක වනු ඇති බවට ද අනතුරු අඟවයි.
පසුගිය ජනවාරි මාසයේ සිට ඇමෙරිකාව විසින් පනවන ලද දැඩි බලශක්ති සහ මූල්‍ය සම්බාධක හේතුවෙන් කියුබාවට ප්‍රධාන බලශක්ති ප්රභවය වන ඉන්ධන සපයා ගැනීම අහිමි වී ඇති අතර, එය වසර පහක සිට පැවති ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර තිබේ. දැනට එරට දිනකට පැය 20ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුවන අතර, එමඟින් සෞඛ්‍ය, ප්‍රවාහන හා අධ්‍යාපන ක්ෂේත්රවලට දරුණු බාධා එල්ල වී ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු බලපෑම් හමුවේ දශක හයක් තිස්සේ නොසැලී පැවති කියුබාවේ දේශපාලන හා ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා තමන් උපරිම පීඩනයක් එල්ල කරන බවයි. මේ සඳහා හමුදා බලය භාවිත කිරීමේ හැකියාව ද ඔවුන් බැහැර කර නැත.
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රකාශයට පත් වන ‘ද නැෂනල්’ පුවත්පත සමඟ සිකුරාදා පැවැත්වූ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී, විප්ලවීය නායකයාගේ මුනුපුරා වන රාහුල් ගිලර්මෝ රොඩ්රිගස් කැස්ත්‍රෝ අවධාරණය කළේ කියුබාවෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් නොමැති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කියුබානු රජය බලාපොරොත්තු වන්නේ කියුබාවටම අනන්‍ය වූ ආර්ථික මොඩලයක් ගොඩනැඟීමට බවයි. "අපේ රට ආර්ථික සංවර්ධනය කරා යන ගමනේදී ආර්ථිකය විවිධාංගීකරණය කිරීම, ව්‍යාපාර කරන ආකාරය සහ ආයෝජන සිදු කරන ආකාරය වෙනස් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි," යැයි ඔහු පැවසීය.
කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ප්‍රකාශ කළේ, මෙම යෝජිත පියවර සකස් කර ඇත්තේ වෙළඳපොළ ආර්ථිකයක් සහිත කොමියුනිස්ට් රටවල් වන වියට්නාම සහ චීන ආර්ථික මොඩලයන් විශ්ලේෂණය කිරීමෙන් පසුව බවයි.
වොෂින්ටනයේ ක්වින්සි ආයතනයේ පර්යේෂණ නිලධාරියෙකු වන ලී ෂ්ලෙන්කර් පවසන පරිදි, මෙම ප්‍රතිසංස්කරණවලට ඇති ලොකුම බාධකය වන්නේ ඇමෙරිකානු සම්බාධකයි. "මෙම නව පියවරයන්ගෙන් සැබෑ ප්‍රතිඵල ලැබෙන්නේ ඇමෙරිකානු තහනම් සහ සම්බාධක ක්‍රමයෙන් ඉවත් කළහොත් පමණයි," යැයි ඔහු සඳහන් කරයි. සම්බාධක ඉවත් නොකළහොත්, කියුබාව සමඟ ගනුදෙනු කරන ආයෝජකයින්ට ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය තුළ දඬුවම් විඳීමට සිදුවන බැවින් මෙම ප්‍රතිසංස්කරණ බොහොමයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි විහ්ලේෂකයෝ පවසති.
මීට අමතරව, විභව ආයෝජකයින් තුළ පවතින අවිශ්වාසය සහ පවතින අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරිවාදය ද මෙම ප්‍රතිසංස්කරණවලට බාධාවක් විය හැකිය.
කෙසේ වෙතත්, ජෝර්ජියාවේ ඔගස්ටා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය පාඕලෝ ස්පඩෝනි පවසන්නේ, පවතින බාධක මධ්‍යයේ වුවද ප්‍රතිඵල පෙන්වීම සඳහා කියුබානු රජයට ඇත්තේ ඉතා කෙටි කාලයක් බවයි. "කියුබානු නායකයින්ට මෙම පෙර නොවූ විරූ අර්බුදයෙන් සහ ඇමෙරිකානු පීඩනයෙන් බේරීමට අවශ්‍ය නම්, ඔවුන් මෙම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කර ප්රත්යක්ෂ ප්‍රතිඵල පෙන්විය යුතුමයි," යැයි ස්පඩෝනි මහතා පෙන්වා දෙයි.

Ubala cubaweth namal gennada yanne
ReplyDeleteaiyo apiwa amaruwe danna epa
Deletelankawe puk sahodarawaru
Ai ubala 2022 henama sathutenda hitiye
DeleteApi oowa athaharala godak kal ban ... api kastro wikkata .. api boru kiwwe ban .... dan ithin umbalath ape parema warella... 🤪🤪🤪🤪🤪
ReplyDeleteLankawe Malimawe sahodara warungen iganagena.
ReplyDeleteඋඹලගෙ රැඟුම් ටික දවසකින් ඉවරයි. තව ටික දවසකින් ට්‍රම්ප්කාරයා කියබාව ඇමරිකාවට ඈඳගන්නව.
ReplyDeleteඑතකොට උඹලගෙ ප්‍රශ්න ඔක්කොම ඉවරයි.