ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ හමුදා ක්‍රියාමාර්ග දැඩි ලෙස ප්‍රශ්න කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බේරූට් අගනුවරට එල්ල වූ ප්‍රහාරය අතිශය දරුණු සහ අනවශ්‍ය එකක් බව ප්‍රකාශ කර තිබේ. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව කටයුතු කිරීමට වඩාත්ම සුදුසු සහ "හැකියාව ඇති" පුද්ගලයා සිරියානු ජනාධිපතිවරයා බව ද ට්‍රම්ප් පෙන්වා දෙයි.
ප්‍රංශයේ ඒවියන් නුවර පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ, නෙදන්යාහු ලෙබනනය සම්බන්ධයෙන් "වඩාත් වගකීමෙන්" කටයුතු කළ යුතු බවත්, හිස්බුල්ලා ප්රශ්නය විසඳීම සිරියාවට බාර කළ යුතු බවත්ය.
අමෙරිකා - ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යයේ එමීර් තමීම් බින් හමාඩ් අල් තානි කුමරු සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් මෙම අදහස් පළ කළේය. මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ එකඟතා රාමුවක් වෙත එළඹීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ.
හිස්බුල්ලා සංවිධානය කලාපයට තවමත් තර්ජනයක් බව පිළිගත් ට්‍රම්ප්, නමුත් ඊශ්‍රායලයේ ප්‍රතිචාරය සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, එය මැදපෙරදිග ස්ථාවරත්වයට බාධාවක් විය හැකි බවත් පෙන්වා දුන්නේය.
පසුගිය ඉරිදා ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ලෙබනන් අගනුවර වන බේරූට් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 12කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එය හිස්බුල්ලා අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පැවසුවද, අමෙරිකාව ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට සූදානම් වන මොහොතක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
"ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් කරනවා. මෙහිදී අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය යනවා. ඔබ යම් පුද්ගලයෙකු සොයන සෑම අවස්ථාවකදීම සම්පූර්ණ මහල් නිවාස සංකීර්ණයක්ම බිමට සමතලා කළ යුතු නැහැ. මොකද ඒ නිවාසවල ජීවත් වන බහුතරයක් හිස්බුල්ලා සාමාජිකයන් නොවෙයි," යැයි ට්‍රම්ප් පැවසීය.
සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා හිස්බුල්ලා සංවිධානය පාලනය කිරීමට "ඉතා දක්ෂ" අයෙකු බවත්, ඔහු තමා සමඟ හොඳ සබඳතාවක් පවත්වන බවත් ට්‍රම්ප් සඳහන් කළේය. ඊශ්‍රායලයට අනෙක් සිවිල් වැසියන් ඝාතනය නොකර මෙම මෙහෙයුම් සිදු කළ නොහැකි නම්, සිරියානු ජනාධිපතිවරයා එම කාර්යය ඉටු කරනු ඇතැයි ද ඔහු පැවසීය.
නෙදන්යාහුගේ ක්‍රියාවන් පිළිබඳව තමා කලකිරීමට පත්ව නැති බවත්, ඔවුන් අතර තවමත් හොඳ සබඳතාවක් පවතින බවත් පැවසූ ට්‍රම්ප්, කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් මුල් කරගනිමින් ලෙබනනයට එල්ල කළ එම දරුණු ප්‍රහාරය තමා අනුමත නොකරන බව ප්‍රකාශ කළේය. "දැන් බිබී (නෙදන්යාහු) ලෙබනනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මෙම ගැටුමෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ලෙබනනයයි. ඔවුන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමටවත් ශක්තියක් නැහැ," යැයි ද ඔහු වැඩිදුරටත් කීය.
මේ අතර, බේරූට් ප්‍රහාරයෙන් පසු ජනාධිපති ට්‍රම්ප්, නෙදන්යාහුට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ඔහුට කිසිදු "දේශපාලන හෝ යුදමය බුද්ධියක්" නැතැයි ප්‍රකාශ කළ බව Axios පුවත් සේවය ද වාර්තා කර තිබිණි.

තමුන්ගේ හුන් du වක් වගේ රටට අහසින් වහින්න වගේ එන අන්තවාදීන් ගේ බෝම්බ වලින් තම ජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීම තියෙන්නේ රටේ ජනපති ට හෝ අගමැති ට.අන්තවාදය කෙළවර කරන්න සාකච්ඡා වලින් බෑ. ඔය Trump ගේ සාම ගිවිසුම මාස 6ක් යන්න පෙර අවසන් වෙනවා ඔන්න බලන්න බිබී ඉස්ලාම් අන්තවාදය ගැන Trump ට වඩා හොදින් දන්නවා. ඉරාන අන්තවාදී රජය කරන්නේ තනි බොරුව
ReplyDeleteGet educated about the real situation in middle east before deceiving people. Illegally established imperialist project called Israel on Palestinian land is the main reason behind every war in the Middle east. Netanyahu of Israel is trying to fulfill their greater Israel zionist project in middle east. Iran is the only country stand in their way now for stopping. it. That's why they want to destroy Iran. Israel will not only destroy middle east but whole world to achieve their illegal zionist ambitions to rule the whole world. Netanyahu must be removed from power to bring peace to the middle east & to the rest of the world.
Delete