රිලා සංගණන තොරතුරු තාම ලැබී නෑ.. වගා හානි එලෙසමයි..- අමාත්‍යංශ ලේකම්


පසුගිය දිනවල මෙරට සිදුකරන ලද වනසත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි
.

අමරසිංහ මහතා රජයේ මුදල් පිලිබද කාර්ක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

බෝග වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය එලෙසම තවදුරටත් පවතින බව පෙන්වා දුන් අමරසිංහ මහතා, ඊට මුහුණ දීම සඳහා මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමකට පැමිණීමට නොහැකි වී ඇති බව ද කමිටුව හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.

5 Comments

  1. Mahajana mudal avabhavithavak pamanida?

    ReplyDelete
  2. මේ කාර්යය සංවිධානය කල රිලවුන් ට ඉක්මණින් ambilipitiye නිමි අමුඩ කර්මාන්ත ශාලා wa හදල අමුඩ ටිකක් හදා දුන්නා නම් හොඳයි.

    ReplyDelete
  3. 2029 පසුව මුලින්ම හිරෙ යාමට නියමිත කණ්ඩායම. චොදනව මහජන මුදල් අවභාවිතය.

    ReplyDelete
  4. එතකොට රිලව් ගනන් කරන්ඩ කියල ගත්ත සල්ලි නෝමොලයා පිල්ලි ගැහැව්වද?

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිJune 21, 2026 at 8:26 AM

    රිලව් ලක්ෂ 50ක් ඉන්නවා කියලා අපි හිතනවා. කෙසේ නමුත් සංඝණනයේ දළ අගයයන් එකතු කලොත් එකතුව ලක්ෂයකටත් අඩුයි, ඒක වැරදියි කියලා හැමෝම දන්නවා, ඒ නිසයි ඒ සංඛ්‍යා ප්‍රචලිත නොකලේ. මහජනතාවගේ නිසි සහභාගිත්වයක් ලැබුණේ නෑ සංඝණනයට. ඒ වගේම තමයි කැලෑවල් වල ඉන්න රිලව් හරියටම උදේ සංඝණනය යන වෙලාවටම ආවෙ නෑ ගෙවල් වල මිනිස්සුන්ට පේන්ඩ. සැලකිය යුතු මිනිස්සු ප්‍රමාණයක් නිදි සංඝණනය සිදු කල වෙලාවේ. මේ සී නිවුස් එක බලන එවුන් ගාණ ගැන්නෙත් නෑ.


    ඉතින්, ප්‍රශ්ණේ තිබුණේ සංඝණනයට භාවිතා කරණ ලද තාක්ෂණික ක්‍රම වේදයේ. ඒක නිවැරදිව කර ගැනීම සඳහා වශ්‍ය උපදෙස් මට දිය හැකිව තිබුණා, නමුත් මගේ උපදෙස් ගන්ඩ කවුරුවත් ආවෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post