අපි ආණ්ඩුව භාරගත්තට පස්සේ වී නිෂ්පාදිත පිරිවැය අඩු වුණා..


 වර්තමානයේ වී මිල සම්බන්ධයෙන් ගොවීන්ට දියයුතු පණිවිඩය තමයි වෙළෙඳපොළ ඉල්ලු‍ම හා සැපයුම මත වී මිල තීරණය වෙන බවත් ගොවියාගේ හදගැස්ම තමන්ට හොඳින් දැනෙන බවත් කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්ත මහතා කුරුණෑගලදී පැවසීය.

ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදිත වී සඳහා රජයට නියමිත මිලක් නැති බව පවසමින් උද්ඝෝෂණය කළත් රජය නිහඬ ඇයිදැයි කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මධ්‍යවේදීන් කළ විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේද කීය.

අපි ආණ්ඩුව ගන්න කොට වී නිෂ්පාදිත වියදම 99.75 යි. ආණ්ඩුව නියම කළා වී කිලෝ එකකට රුපියල් 110.00ක්. ආණ්ඩුව වී ගත්තෙත් නෑ. එහෙම තියෙද්දී තමයි අපි ආණ්ඩුව භාරගත්තේ. අපි භාරගත්තයින් පස්සේ ඊටත් වඩා වී නිෂ්පාදිත මිල අඩු වුණා. නාඩු 120යි සම්බා රුපියල් 130 යි. කීරිසම්බා රුපියල් 140යි. අපි ගබඩාවලට වී ගත්තා.

ගිය මහ කන්නෙත් වී මිලදී ගත්තා. ගිය මහ කන්නයේ අප්‍රියෙල් 9, 10 වෙනකල් ගබඩා ඇරලා තිබුණා.

සාමාන්‍යයෙන් මාර්තු මාසයේ යල කන්නය පටන්ගන්නවා. අස්වනු නෙලළා අවසන්වෙනවා මේකාලයේ. පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙනවා. මහකන්නයේ අස්වනු නෙළන කොට ගබඩා ඇරලා තිබුනා. යල කන්නෙත් ඇරලා තිබුනත් ගොවියෝ වී ගබඩාවලට ගෙන ඒම නතර වුණා. එහෙම වුනාම ගබඩා වහනවා. මේක තමයි සාමාන්‍යයෙන් වුනේ. මීට කලින් වී ගබඩා වහලා තිබුනේ. කන්න කපන කොට ගබඩා ඇරලා වී ගන්නවා. අපිට ගොවි ජනතාවට දෙන්න තිබෙන පණිවිඩය තමයි, ඉල්ලු‍ම සැපයුම මත තමයි වෙළෙඳ පොළ මිල තීරණය වෙන්නේ. මේ නිසා මේ තත්ත්වය වෙනස් වෙනවා.

වෙළෙඳ පොළ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයම සාකච්ඡා වෙනවා. ආහාර හිඟයක් ගැන සාකච්ඡා වෙනවා. මේ තත්ත්වය මත ගොයම් කපන්න ගත්තයින් පස්සේ අපි වී ගබඩා ඇරලා වී මිලදී ගන්නවා. මේ වෙලාවේ ඇත්ත ගොවියා ගබඩාවලට වී ගෙනත් දුන්නා. ගොවියෝ වී දෙන්නෙ නැතුව තියාගත්තා කියලා කියනව නම් ගොවියට එහෙම කරන්නත් පුළුවන්. වී සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් විධියට මැදිහත්වෙනවා.

ගොවියගේ හදගැස්ස අපට තේරෙනවා දැනෙනවා. ඒ විතරක්ම නෙමේ වී වගා කරන කුඹුරුවල අතිරේක බෝග වගා කරනවා නම් අපි ගෙවනවා. මේ රටේ ජනතාවගේ මුදල්. ජනතාවගේ බදු මුදල් අරගෙන දුන්නෙනෑ කියලා කියන්න එපා.

ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

3 Comments

  1. Who the FCUK is this IDIOT?

    ReplyDelete
  2. දවල්ද?

    ReplyDelete
  3. Thawath lajja නැතුව me pakaya katha karana hati.. Ara minissunta wale wal naha

    ReplyDelete
Previous Post Next Post