සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරු ව අදාළ උල්ලංඝනය සඳහා වගකිව යුතු පාර්ශ්ව ලෙස එම සමාගම සහ අදාළ කාල පරිච්ඡේදයේ දී එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමෙන් වහාම වැළකී සිටින ලෙස සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සහ අදාළ අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කර ඇත.
තැන්පතු භාරගැනීම සඳහා නීත්‍යනුකූල අවසරය නොමැති සමාගම් සමඟ ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් ව කටයුතු කරන ලෙසත් කිසියම් මූල්‍ය ගනුදෙනුවක් සිදු කිරීමට පෙර අදාළ ආයතනය නිසි පරිදි නියාමනය වන බව තහවුරු කර ගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.
