අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටිමෙන් යතුරුපැදිකරු ලොරි රථයේ යට බරපතල ලෙස තුවාල ලබා සිරවී සිටියදී ප්‍රදේශවාසින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා යතුරුපැදිකරු ඉවතට ගෙන කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව පූඩළුඔය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ පූඩළුඔය තවලන්තැන්න ප්‍රධාන මාර්ගයේ නියම්ගම්දොර විහාරස්ථානය ආසන්නයේදිය.
තවලන්තැන්නේ සිට පූඩළුඔය දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එම දිශාවට ධවනය වූ ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් යතුරුපැදියටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පූඩළුඔය පොලිසිය කියා සිටියේ.
ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පූඩළුඔය පොලිසිය කියයි.
- රංජිත් රාජපක්ෂ

අනතුරකදී වැරැද්දක් නැති නිවැරදි රියැදුරකුත් අත්අඩංගුවට ගන්න එක අසාධාරණ කාරණාවක්.ඒ මදිවට ඒ මනුස්සයට නිවැරදි මං තීරුවක සම්මත නීති රීතිවලට යටත්ව නියමිත වේගය පාලනය කර ගනිමින් ගියත් අනතුරක් වළක්වා නොගැනීම අපරීක්ෂාකාරී රියධාවනය කියල නඩු දානවා.හරි විදිහට පාක් කරල තියෙන වාහනේක වෙන වාහනයක් ඇවිල්ල හැපුනත් ඔච්චරයි.ටික කාලෙකට ඉස්සෙල්ල පාකින්ලයිට් දාලා පාර අයිනේ නතර කරල තිබිච්ච ලොරියක පිටිපස්සේ ගාල කඩා ගත්ත හරකෙක් වගේ ඇවිත් බයික්කාරයෙක් හැප්පිලා මලා. අන්තිමට ලොරි ඩ්‍රයිවර් රිමාන්ඩ්.අඩුමගානේ සීසීටීවී අනතුරු ස්වභාවය ඩෑෂ් කෑම් ඇසින් දුටු සාක්ෂි නිවැරදි කාර රියදුරාට පොලිසියට අවශ්‍ය තොරතුරු ඇරගෙන යන්න දෙන්න ඕනේ.සමහර විට අත්‍යවශ්‍ය ගමනක් වෙන්න ඇති යන්න ඇවිල්ල ඉන්නෙ.නමුත් නිවැරදිකාරයෙක් වෙලත් කූඩුවල ලගින්න උනහම මොකක්ද තත්වෙ..තමන් නිවැරදිව ගමන් කරද්දී වැරදියට ආපු මනුස්සයෙක් හැප්පුනාම පොලිසියෙන් නඩු දානකොට අහන්න ඕනෙ අපරීක්ෂාකාරී රිය ධාවනයට ඒ වගේ අවස්ථාවක පරිස්සමෙන් කොහොමද එළවන්නේ අනතුරක් වළක්වා නොගැනීමට කඩා බිඳගෙන ඇවිත් මූනේ හැප්පෙන්න එනකොට මොකද කරන්නේ කියලා.
ReplyDelete