පෝට් සිටියේ සංවර්ධිත ආර්ථිකයක් හදන හැටි ජනපති කියයි..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "සෘජු හා දැක්මක් සහිත නායකත්වය" හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපති BAI YINZHANමහතා පැවසීය. 

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළේය. 

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ප්‍රකාශ කළේය. 

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය. 

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී Su Bo මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

12 Comments

  1. කැරියෙක් ජනාධිපති වෙලා හීන දකිනවා... මිනිස්සු කන්න නැතිව වේලෙනවා... ගෙදර පලයන් ගොනා ... තොගේ කැත බලපන්කෝ

    ReplyDelete
  2. හුන්ඩුවෝ අපි බඩගින්නේ, කෑම බීම ගන්න බෑ, එදිනෙදා ජීවත් වෙන්න විදිහක් නෑ යකෝ.

    ReplyDelete
  3. මහින්ද රාජපක්ෂ උත්තමයා මේව හදපු නිසානෙ මෙයාල අද වැඩ පෙන්නන්නේ.ඒකෙ කෙලෙහිගුනය වත් නැති අධමයො.

    ReplyDelete
  4. mokak hari karala palayalla

    ReplyDelete
  5. Me Amana jepponta Sapa weva me ratata 76 auruddak kakul mattu dammata...
    Sinhala Baudda moda yakkune e langa chanden LTTE Karayek sure neda.
    Ane please vadinnam sahaya denna .pukata Mal thiyala wandinam..
    Dan sapada bo pala ......

    ReplyDelete
  6. ලැජ්ජාවක් නැති නිසා හොදයි

    ReplyDelete
  7. අද රටට තිබෙන්නේ මහින්ද ජෙප්පොන්ගේ වර්ජන මෑද අමාරුවෙන් කරපු දෙයක් විතරයි ......තාමත් මේ කොටා ලපයා පච දෝඩෝනව මිනිස්සු හරක් කියලා හිතාගෙන ...ගල්කටස් මිනීමරුවෝ ඉන්න ඕනා පොලොව යට

    ReplyDelete
  8. ලංකාවේ සෙලෙන්ස්කි,.June 14, 2026 at 2:05 AM


    අංගසම්පූර් ණ ''අයි ඵම් ඵෆ්'' රෑකඩයක්, වහලෙක් දැක්මක් දර්ශණයක් නොමැති ගල් පචයෙක්, කවටයෙක්! නඩත්තු කිරීමට සදහා භාවිතා වන සාපරාධී රාජ්‍ය දේපල සහ බදු මුදල් පිලිබඳව සමස්ථ පුරවැසියන් වෙනුවන් සාතිශය සංවේගය ,..

    රැපියල අවප්‍රමාණය වීමට ඉඩහැර රාජ්‍යයේ ආර්ථිකය, රාජ්‍යයේ ආරථික ස්ථායී ථාවය ක්‍රයශක්තිය විණාෂකර දමනා ,සමස්ථ රාජ්‍යයක් ජන සමාජයක් රැවටීමට ලක්කර , සමස්ථයක් පුරවැසියන්, ජනධිපති කවටයා ලෙසටම වහලුන් යැයි සිතා සමස්ථ රාජ්‍යයක් බටහිර වහලුන් ලෙසට සලකා පාළණය කිරීමට උත්සාහ දරනා, නූගත් වහල් වදුරා පලවා හැරීමට වහා පෙලගැසෙනූ,.!

    ReplyDelete
  9. චීනා දන්නෙ නැද්ද දන්නෙ නෑ කොටා මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 250 කට කෙලියයි කියල.

    ReplyDelete
  10. Seegiri galata mokada wenne?

    ReplyDelete
  11. “කියයි” කයියනායක. වැඩ “0”.

    ReplyDelete
  12. පෝට් සිටිය හදන්න සීගිරිය කන්දත් කඩන්න වෙයි පොලොවේ පස් කාපු එකා. අද ඒකෙන් යැපෙන්න හදනවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එකෙක්. මුන් මොක්කුද අප්පා

    ReplyDelete
Previous Post Next Post