වැටුප් වැඩි කර රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන් තෘප්තිමත් කරනවා..


 වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස වෙන් කර තිබෙන බවත් ලබාදෙන ප්‍රතිපාදන විධිමත්ව සහ කාර්යක්ෂමව යොදවා ගැනීමට නම් ඉංජිනේරු
, සැලසුම් සහ තාක්ෂණික යන ක්ෂේත්‍රයන්හි මානව සම්පත අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ (III ශ්‍රේණිය) කාර්මික නිලධාරී තනතුරු සඳහා තේරී පත් වූ 133 දෙනෙකු වෙනුවෙන් කොළඹ 05, "නිලමැදුර" ශ්‍රවණාගාරයේදී පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, මහාචාර්ය ඒ.වී.එම්.එච්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පැවැත්විණි.

පසුගිය වසරේ (2025 ඔක්තෝබර් 25 සහ 26 දිනවල) පැවැත්වුණු තරඟ විභාගයට 3,500කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, ඉන් ඉහළම සුදුසුකම් ලැබූ 133 දෙනෙකු මෙලෙස දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගෙන ඇත. ඔවුන් දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.

2014 වසරෙන් පසු, එනම් වසර 9කට පසුව තාක්ෂණ සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදු කර ඇති බවත් විශේෂයෙන්ම 2021 වසරෙන් පසුව රාජ්‍ය සේවයේ බොහෝ ක්ෂේත්‍රවල බඳවා ගැනීම් නතර වී තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස වෙන් කර තිබෙනවා. නමුත් එම ප්‍රතිපාදන විධිමත්ව සහ කාර්යක්ෂමව යොදවා ගැනීමට නම් ඉංජිනේරු, සැලසුම් සහ තාක්ෂණික යන ක්ෂේත්‍රයන්හි මානව සම්පත අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ පැවති තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය නිසා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීමට හෝ අත්හැර දැමීමට පවා සිදු වුණා. මේ නිසා මූල්‍ය ඵලදායීතාව උපරිමයෙන් ළඟා කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් තිබුණා."

මෙම තත්ත්වය මඟහරවා ගනිමින් රාජ්‍ය සේවය මෙන්ම පළාත් රාජ්‍ය සේවය ද ශක්තිමත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවත්, ඒ අනුව පසුගිය වසරේදී පමණක් රාජ්‍ය සේවයට අලුතින් 5,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම පසුගිය මැයි 24 වනදා ගුරු සේවයට බඳවා ගැනීම් වෙනුවෙන් විභාගයක් පැවැත්වූවා සේම තවත් ක්ෂේත්‍ර රැසක බඳවා ගැනීම් සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

ඩිජිටල් ශ්‍රී ලංකා වැඩසටහන සහ දිළිඳුභාවය තුරන් කිරීම ඇතුළු රජයේ ප්‍රධාන වැඩසටහන් සාර්ථක කර ගැනීමට නම් රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් විය හැකි පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අයවැය මඟින් විශාල මුදලක් වෙන් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

2025 ජනවාරි 01 සිට: සැලකිය යුතු මට්ටමකින් වැටුප් වැඩි කළ අතර ඒ සඳහා රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලක් වෙන් කෙරිණි.

2026 ජනවාරි 01 සිට: තවත් රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලක් වැටුප් වැඩි කිරීම් වෙනුවෙන් වෙන් කර ඇත.

2027 වසරේදී ද: මෙලෙසම රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් සිදු වීමට නියමිතය.

මෙම වැටුප් වැඩිවීම්වලට සාපේක්ෂව 2027 ජනවාරි 1 වනදා සිට විශ්‍රාම යන නිලධාරීන්ගේ ද දීමනා ගලපා ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. රජයේ අවසන් අරමුණ වන්නේ රාජ්‍ය සේවකයා තෘප්තිමත් සේවකයෙකු බවට පත් කිරීම තුළින් රටේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම බව ද ඔහු සඳහන් කළේය.

තාක්ෂණික නිලධාරියා යනු වැඩබිම හා කාර්යාලය යා කරන පාලමයි – නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්

මෙහිදී සභාව ඇමතූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේ, බිඳ වැටී සහ බඳවා ගැනීම් නතර කර තිබූ රාජ්‍ය සේවය යළි ආරම්භ කරමින්, දේශපාලන භේදයකින් තොරව දක්ෂතාවයට පමණක් මුල්තැන දී පත්වීම් ලබා දීමට නව රජය සමත් වී ඇති බවයි.

"පසුගිය ඉතිහාසය දෙස බැලීමේදී තරුණ පරම්පරාවට තිබූ ලොකුම අභියෝගය තමයි තමන්ට කොච්චර සුදුසුකම් තිබුණත් දේශපාලන හිතවත්කම් නැතුව රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න බැරි වීම. එදා පාලකයන් උස මිටිකම් බලා, දේශපාලන ලියුම් කැබලිවලට පත්වීම් දෙනකොට කොන්ද කෙලින් තියන් ඉඳපු තරුණ පරම්පරාව ඒ දුෂ්ට ක්‍රමයට විරුද්ධව සටන් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රටේ මේ නව දේශපාලන පරිවර්තනය සිද්ධ වුණේ. අපි මෙතන ඉන්න කිසිම කෙනෙක් කාටද ඡන්දය දුන්නේ, මොන දේශපාලනයද කළේ කියලා බැලුවේ නැහැ. නව රජයේ එකම අභිප්‍රාය වුණේ සුදුස්සාට සුදුසු තැන දීමයි."

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මින්පසු පත්වීම් ලබා දේශපාලනඥයන් පසුපස යමින් පත්වීම් මාරු කරගැනීමට උත්සාහ නොකරන ලෙසත්, පත් කරන ලද ස්ථානයේ මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කරන ලෙසත් අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කාර්මික හා තාක්ෂණික නිලධාරීන් යනු කාර්යාලයකට වී ලිපිවලට පමණක් අත්සන් තබන පිරිසක් නොවන බවයි. ඔවුන් වැඩබිම සහ කාර්යාලය අතර සම්බන්ධය ගොඩනඟන ප්‍රධාන තීරකයන් වන බැවින්, ඔවුන් මත විශාල ජාතික වගකීමක් පැවරෙන බව හෙතෙම සඳහන් කළේය.

ලෝකය වේගයෙන් ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ඉදිරියට යන විට ශ්‍රී ලංකාව දශක ගණනාවකින් පසුපසින් සිටින බව පැවසූ සෙනරත් මහතා, නව රජය විසින් රට වේගයෙන් ඩිජිටල්කරණය කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රකාශ කළේය. ඉදිරි වසර කිහිපය තුළ මෙරට රුපියල් නෝට්ටු භාවිතයෙන් තොර ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමට මෙන්ම පාසල්, විශ්වවිද්‍යාල සහ රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණ පාඨමාලා හැදෑරීමේ අවස්ථා නිර්මාණය කරන බව ද ඔහු අනාවරණය කළේය.

පසුගිය මාස 4ක පමණ කෙටි කාලය තුළ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය මඟින් වංචාවලට සම්බන්ධ රාජ්‍ය සේවකයන් 30කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවත්, ඉන් 10කට වැඩි පිරිසක් පසුගිය මාසයේදී පමණක් අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

"ඔබ අත්සන් කරන්නේ සහ අනුමත කරන්නේ මේ රටේ පොදු ජනතාවගේ බදු සල්ලිවලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති. ඒ නිසා ඔබ ගන්නා සෑම තීන්දුවකදීම, තබන සෑම අත්සනකදීම එහි නිවැරදිභාවය සහ සත්‍යතාවය පිළිබඳව උපරිමයෙන් සැලකිලිමත් විය යුතුයි. වත්මන් පාලනය දූෂණයට සහ වංචාවට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. අපේ තේමාව 'පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්' යන්නයි. එම ගමනේදී රාජ්‍ය සේවයට පැවරෙන්නේ සුවිශාල කාර්යභාරයක්."

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන චිත්‍රා තිලකරත්න, ආචාර්ය රෝෂිණී දිසානායක, එස්.කේ. කුමාර යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු කටයුතු අංශයේ අතිරේක ලේකම් නයනමාලි රණසිංහ මහත්මිය ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන්, පත්වීම්ලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ඥාතීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

12 Comments

  1. එහෙම විශේෂයෙන් පඩි වැඩි කරන්න ඕන නැහැනේ. උන් වැඩ කරන්නේ පඩි තකා නෙමේනේ. ඩෝබිලා දාලා පොඩි චූන් එකක් දීපල්ලා, සලේගේ පුක පෙන්නලා මේන් මහමොලකරු කියලා කිව්ව නම් 68 ලක්ශේ වේස හැත්ත චූන් වෙනවා. අපරාදේ සල්ලි නාස්ති කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. 🤣😂😄😅😆පුක බලලා මහමොලකරු හොයන විදිය අගරදගුරු දන්නවද? ඒකට ශානි විශේෂඥයෙක් බව අගරදගුරු ඇතුලු ක‍තෝලික සභාව දන්නේ කොහොමද? 🤔🤔🤔🤔

      Delete
    2. හැම රෙද්දම විහිලුවට ගන්න එපා. ආණ්ඩුව කරන්නේ විහිලු වැඩ තමයි. මිනිස්සු ඒවා තේරුම් ගන්නේ නැත්තන් උන් උන්ටම විහිලුවක් වෙයි. හිස් දේවල්ම ලබාවි. දියුණුවක් නම් නොලබාවි. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් සුරේශ් සලේට අපහාස කරන්න එපා. එතුමා නැත්තන් අද වෙද්දිත් යුද්ධය ඉවර නැහැ.

      Delete
    3. සමස්ථ ක‍තෝලික අන්තවාදීන්ගේ රෙදි ගලවා උන්ගේ නියම අන්තවාදී වෛරී, කාලකන්නි, කුහක පාදඩ, අමන, සක්කිලි, තුච්ඡ ස්වාභාවය ලෝකයටම පෙන්වාදුන් මාලිමාවට අපගේ හදපිරි මෙව්වා එක. පාස්කු ප්‍රහාර විමර්ශනයට ජවිපෙට සෘජුවම සම්බන්ධ වගේම පාස්කු ප්‍රහාරෙට කෙලින්ම උදව් කරලා ඇති බව ඔප්පු වීම නිසා දඬුවන් දිය යුතු යැයි පාස්කු විමර්ශන වාර්ථා වලින් එලි කර ඇති ශානි, රවි දෙපල විමර්ශන වලින් ඉහලින්ම පත් කිරීමට අගරදගුරා ආන්ඩුවට නියෝග කලේ එබැවිනි. ඒ නියෝගය පිලිබඳ එලි කල ගරු බිමල් රත්නායක මැතිතුමාටත්, ගරු ජනාධිපතිතුමාටත් අපගේ හදපිරි මෙව්වා එක. දෙන එක දුන්නා ආයෙ ලොවෙත් නැති වෙන්න හොඳේ, රදගුරුගෙයි සිරිල් ගාමිනීගෙයි, ජූඩ් පරයගෙයි රෙදි ඉල්ලෙයි.

      Delete
    4. බත්තරමුලේ සංඛ්‍යා පිරිත ගැන හොයන්න. ඩෙගා නටනවා, කවුද මේවට අනුමැතිය දෙන්නේ, සේවකයන්ට බලකරලා වෙන්ට ඉන්න කෙනා බය වපුරමින් සල්ලි නැති වෙලා සල්ලි වියදම් කරන්න කියනවා, හොරා කාපු එවුන්ගෙන් ගනිල්ලකෝ දෙන්න තියෙන්නේ ඒකද? මුදල් අමාත්‍යාංශය නිදිද?

      Delete
  2. මෙහෙම කරමු. ලංකාවේ ගොන්නුන්ට කොහොමත් මතක සති 2යිනේ. ඡන්දෙට සති 2ක් කලින් 50,000කින් විතර පඩි වැඩි කරමු. එතකොට උන් පුන්නක්කු වලින් ස්වයංපෝසිත වෙලා, සුකිත මුදිත වෙලා මනමෝහනය වෙලා උඹලට ඡන්දෙ දෙයි. ඊට පස්සේ සති 2 ගෙවුනම ගොන් කතාවක් කියලා, රාජපක්ශ කෙනෙක් හිරේ දාලා වැඩි කරපු 50,000 අයින් කරමු. යුද්ධයක් හරි, එල් නිනෝවක් හරි මොකක් හරි පද ගලපලා කිව්ව නම් ඔය මෝඩ හැත්ත ‍රැවටෙනව.

    ReplyDelete
  3. මූ නේද හිච්චි අබේගේ තාත්තා. හපොයි. පොල්සම්බල් එහෙම හදන්න එපා. පුන්නක්කු හදන්න තියෙන අමුද්‍රව්‍ය නිකන් නාස්ති කරන්නේ මක්කටෙයි?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බලේට ආවේ තාත්තලා පුතාලාගේ, ගෑනිගෙයි මිනිහගෙයි දේශපාලනේ ඉවර කරනව කියලනේ. මේ ඉන්නේ අප්පයි පුතයි.

      Delete
  4. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
  5. හති දාගෙන වැඩ කරන ගාමන්ට් කෙල්ලොන්ට කොල්ලොන්ට හුප්පෙ. නිදා වැටෙන රාජ්‍යය සේවකයින් ට වැඩි පඩි.

    ReplyDelete
  6. රාජ්‍ය සේවක ණය ආපසු ගෙවන කාලසීමාව අවුරුදු හතේ ඉඳල හතරට අඩු කරලා ණය පොලිය අටේ ඉඳලා 17 ට වැඩි කරහම තෘප්තිමත්ද රාජ්‍ය සේවකයා?.

    ReplyDelete
Previous Post Next Post