දුම්රිය ගේට්ටු මුරකරුවන්ට මාස හයකින් පඩි ගෙවා නෑ..


අනාරක්ෂිත හරස් මාර්ග දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ භාරකාරීත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඉවත්වීමෙන් පසුව තමන්ට වැටුප් ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙතෙක් හඳුන්වාදී නොමැති බැවින් ඔවුන්ගේ රැකියාව දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ගේට්ටු මුරකරුවෝ පවසති.

ඔවුන් මේ බව පවසා සිටියේ පොළොන්නරුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම ‘දිට්ටා’ සුළි කුණාටුවෙන් විනාශ වූ දුම්රිය හරස් මාර්ගවල රාජකාරී කටයුතු කළ දෙසීයකට ආසන්න සේවකයන්හට මේ වන විට මාස හතක් ගත වී ඇතත් කිසිදු වැටුපක් ගෙවා නොමැති බවටද ඔවුහු චෝදනා කරති.

එබැවින් මෙම ගැටලුවලට ඉදිරි සති දෙක තුළදී ස්ථීර විසඳුමක් ලබා නොදුනහොත් සියලුම අනාරක්ෂිත ගේට්ටු මුරකරුවන් රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව ඔවුහු පෙන්වා දුන්හ.

4 Comments

  1. Chande diipu thopee puka rudhee den saniipada?

    ReplyDelete
  2. උන් වැඩ කොරන්නෙ නෑ. මොන පයියටද පඩි ගෙවන්නෙ

    ReplyDelete
  3. ඉවසල හිටපල්ලා අපි මුලිකත්වය දෙන්නනෙ මේ වෙලාවේ සමලිංගිකත්වය නිතිගත කරගන්න එකටයි රාජපක්ෂ කෙනක් හිරේ යවන එකටයි වෙන දේයක් කරන අපි දන්නේනෑ බන්

    ReplyDelete
  4. These idiots what they know about governing. They knew (jepi)how to dismental the government .76years they did it now they do it 100%..😄 what else

    ReplyDelete
Previous Post Next Post