ඊලොන් මස්ක්ගේ ‘ස්ටාර්ලින්ක්’ චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්, රුසියාව විසින් සිය දේශීය තාක්ෂණයෙන් නිපදවන ලද ‘රස්වෙට්’ (Rassvet) චන්ද්‍රිකා ජාලය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙමගින් රුසියාවේ ඩිජිටල් ස්වෛරීභාවය තහවුරු කිරීම සහ යුධ පිටියේ ඩ්‍රෝන මෙහෙයුම් ශක්තිමත් කිරීම රුසියානු රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.
රුසියානු පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ‘Bureau 1440’ මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ, 2026 වසර අවසන් වන විට චන්ද්‍රිකා 156ක් කක්ෂගත කිරීමට සැලසුම් කර ඇත. රුසියානු බලධාරීන් පවසන පරිදි 2035 වසර වන විට එම සංඛ්‍යාව 900 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.
මෙම නව චන්ද්‍රිකා පද්ධතිය 5G තාක්ෂණයෙන් යුක්ත වන අතර, එමගින් යුධ පිටියේ සිටින ප්‍රහාරක ඩ්‍රෝන යානා වඩාත් නිවැරදිව සහ සතුරු විද්‍යුත් බාධාවලින් තොරව පාලනය කිරීමට රුසියානු හමුදාවට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව, රුසියාවේ ආක්ටික් කලාපය සහ ඈත පෙරදිග වැනි දුෂ්කර ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට ද මෙය යොදා ගැනීමට නියමිතය. රුසියානු දුම්රිය සේවය සමඟ එක්ව අධිවේගී දුම්රිය තුළ චන්ද්‍රිකා සන්නිවේදනය ලබාදීමට ද දැනටමත් සැලසුම් සකස් කර තිබේ.
බටහිර රටවල් පනවා ඇති සම්බාධක හමුවේ විදේශීය සන්නිවේදන පද්ධති මත යැපීම අවම කරමින්, ස්වාධීන සන්නිවේදන ජාලයක් ගොඩනැගීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. ස්ටාර්ලින්ක් පද්ධතියට වඩා ඉහළ කක්ෂයක (කිලෝමීටර් 800ක් පමණ) මෙම චන්ද්‍රිකා රඳවා ඇති බැවින්, අඩු චන්ද්‍රිකා සංඛ්‍යාවකින් වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කිරීමට රුසියාවට හැකි වනු ඇතැයි වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුසියාව රුබල් බිලියන 515ක (ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

සුපිරි වැඩක්. නැත්තන් බටහිර උන්ගේ බල තන්හාවට ලෝකේ අහිංසක මිනිස්සු යට වෙලා ඉඳීවි හැමදාම.
ReplyDeleteහරි ලංකාව වශයෙන් අපි මේ ගැන පියවරක් ගන්නම්
ReplyDeleteමීට හරක් කොටා
Ictar එකේ ගුගල් වැඩේ මොකද්ද තත්ත්වය
ReplyDeleteගූගල් ලූන්
ReplyDelete