කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී සිදුවූ අනතුරක් හේතුවෙන් එරට සියලුම සාගර ක්‍රියාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කටාර් බලධාරීන් පියවර ගෙන තිබේ.
ප්‍රහාරයක සුන්බුන් හෝ මිසයිල කැබලි වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන අතර, ඉන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, සිය පුරවැසියන්ගේ සහ නේවාසිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර කටයුතු, විනෝද චාරිකා සහ අනෙකුත් සියලුම සාගර ආශ්‍රිත ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු තහනම් කරන බවයි. මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද වෙරළාරක්ෂක බලකාය අවධාරණය කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය ගැටුම් හේතුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇත. මෙම මාරාන්තික අනතුර ද එම යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සැක පළ කරති.
පවතින තත්ත්වය පිළිබඳව කටාර් රජය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු වූ වහාම මෙම තහනම ඉවත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
