ලිංගික සේවා ලබාගන්න ගිය ලාංකික උපදේශක භික්‍ෂුවක් ඇමරිකාවේදී අත්අඩංගුවට.. සේවයෙන්ද නෙරපයි..


 මුදලට ලිංගික සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් පසුගිය සෙනසුරාදා පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය මහයායේ විනීත හිමියන් ද වන බව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසු, 2024 දෙසැම්බර් මාසයේ සිට උන්වහන්සේ දැරූ එම උපදේශක තනතුරෙන් පසුගිය සඳුදා ඉල්ලා අස්වී තිබේ.

32 හැවිරිදි වියේ පසුවන විනීත හිමියන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, මුදලට ලිංගික සේවා ලබාගැනීමේ සාපරාධී වරද සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

බොස්ටන් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව, ප්‍රදේශයේ සිදුවන මිනිස් ජාවාරම් සහ ලිංගික ජාවාරම් මර්දනය කිරීම සඳහා බොස්ටන් පොලිසිය විසින් 'ඔපරේෂන් රෙඩ් කාඩ්' නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

එහිදී උපායදූතයන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් විසින් වෙබ් අඩවියක පළ කරන ලද ව්‍යාජ දැන්වීමකට ප්‍රතිචාර දක්වමින්, සැකකාර හිමිනම ඇතුළු පස්දෙනෙකු මෙම ජාවාරම්කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

පොලිස් වාර්තාවලට අනුව, අත්අඩංගුවට ගත් පිරිස විවිධ ලිංගික සේවාවන් ඉල්ලා ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් 125 සිට 400 දක්වා මුදලක් ගෙවීමට එකඟ වී තිබේ. මොවුන් බොස්ටන් ඩවුන්ටවුන්හි පිහිටි 'මොක්සි' හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කිහිපදෙනෙකු සන්තකයේ ඔවුන් ගෙවීමට එකඟ වූ නිශ්චිත මුදල ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සබඳතා පිළිබඳ විධායක අධ්‍යක්ෂ පැට්‍රික් කොලින්ස් ප්‍රකාශ කළේ, පූජ්‍ය මහයායේ විනීත හිමියන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව විශ්වවිද්‍යාලයට දැනුම් දුන් බවයි.

එමෙන්ම, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පූජක/උපදේශක පූජ්‍ය එලීස් නෙල්සන් වින්ගර් ආයතනික පුවත් පත්‍රිකාවක් මඟින් සඳහන් කර ඇත්තේ විනීත හිමියන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බෞද්ධ උපදේශක තනතුර සඳහා ලබන ගිම්හාන සෘතුවේදී නවකයෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශන අංශයේ සියලුම වැඩසටහන් බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඇය අවධාරණය කළාය.

මේ වන විට ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ බෞද්ධ උපදේශකවරයා වෙනුවෙන් වෙන්කර තිබූ පිටුව ඉවත් කර ඇති අතර, එහි විනීත හිමියන්ගේ නම ද සඳහන් නොවේ.

17 Comments

  1. බදින්න හරි බඩු ගහන්න හරි දෙන්න ඕනේ ලංකාවෙදි. මොනා උනත් මිනිස්සුනේ. මේවා රට්ටු හිනස්වන වැඩ විමලො :D

    ReplyDelete
    Replies
    1. බෝන් අගේන් කුමන්ත්‍රණ

      Delete
  2. පොඩ්ඩක් බලන්න ඇත්තටම බෞද්ධද නැත්නම් ක්‍රිප්ටෝ කුරුසයෙක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. සම්මා සෙක්ස් 😹😹😹

      Delete
    2. උපායදූතයන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් විසින් වෙබ් අඩවියක පළ කරන ලද ව්‍යාජ දැන්වීමකට ප්‍රතිචාර දක්වමින්, සැකකාර හිමිනම ඇතුළු පස්දෙනෙකු මෙම ජාවාරම්කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

      Delete
    3. සාසනය නැති වන්නේ ශාසනය තුළින්මයි. එයයි බුද්ධ දේශනාව.

      පින්වත, වෛරය වපුරන්නේ නැතිව, බුද්ධ දේශනාව හදාරන්න කාලය ගන්න. කොසොල් රජු දුටු සිහින දාසය නැවත නැවත මෙනෙහි කරන්න. 🙏

      Delete
  3. Me wage higana news danna epa Lanka C News..Me wage ewa news newei saamanya dewal.anik aagam wala inna ewunuth oya wage awalan weda karanawa.ewath hoyala news kiyala dapalla.

    ReplyDelete
    Replies
    1. සම්මා සෙක්ස් 😹😹😹🤮🤮🤮

      Delete
  4. නෙත් FM බැලුම්ගල 2012-03-21 තුලින් අනාවරණය කරන ලද තරුණ භික්‍ෂූන් වහන්සේලා උපැවිදි කරවන, රටට ජාතියට ආදරය කරන භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කරන මිෂනාරී අන්තවාදීන්ගේ කූඨ තිරිසන් නින්දිත වැඩ සටහනක තොරතුරු අනාවරණය…


    මේ රටේ සිංහල බෞද්ධයා ඉතාමත් අහිංසක ජාතියකි. සිංහල බෞද්ධයා තම ගමේ පන්සල තමන්ගේ මහගෙදර සේ සැළකීය. එය එදත් අදත් එසේමය… සිංහල බෞද්ධයා භික්‍ෂූන් වහන්සේලා අනුසාශනා අහන ඒ අනුව ක්‍රියා කරන ජාතියකි. මේ බව හොදින් තේරුම්ගත් මිෂනාරී (කතෝලික අන්තවාදින්) තරුණ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම විහාරාධිපතින් වහන්සේලා සූක්‍ෂමව පන්සල සංවර්ධනය කරන්නට උදව් දෙන මුවාවෙන් හිතවත්කම් ගොඩනගා ගෙන උන් වහන්සේලා සහජීවනය තහවුරු කරන්නට සුහඳ හමුවලට පල්ලිය තුලට කැදවාගෙනිමින් මත් වතුරට, ලිංගිකත්වයට යොමුකොට උන් වහන්සේලාව කොටුකර ගන්නා අතර ඉන් පසු උන් වහන්සේලා ලවාම උතුම් සම්බුදු දහම වෙනුවට අධර්මය බෞද්ධයන්ට දී ඔවුන් අන්‍යාගමිකරණය කරනු ලබයි. මේ තිරිසන් කටයුත්ත නිසා සිංහල බෞද්ධයාත්, සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශය කරා යයි. එමෙන්ම රටට, ජාතියට විශාලතම ශක්තිය වූ තරුණ භික්‍ෂූ පරපුර ද රටට, ජාතියට අහිමි වන්නේය.

    මේ කූඨ කුමන්ත්‍රණයේ අක්මුල් හෙළි කරන වැදගත් සිදුවීම් කිහපයක් සාක්ශි සහිතවම හෙළිදරව් කිරීමට ‍”නෙත් FM” (ලේබලයට පමණක් සීමා නොවූ) ජාතික නාලිකාවට හැකි විය. ඒ පිළිබදව සමස්ථ ජාතියේම ප්‍රණාමය ඔවුනට හිමිවිය යුතුය.
    මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියලු සාක්ශි සහිත මේ හඩපටය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමයි. මේ අන්‍යාගමිකකරණ කුමන්ත්‍රයණය කෙතරම් සූක්ෂම හා භයානක එකක්දැයි ඔබට වැටහෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මහන වෙන්නෙ කන්ඩ නැති දුප්පත් එවුන්ගෙ ලමයි. උන්ව ඕන දේකට නම්ම ගන්න ලේසි. උබල වගේ ෆෙස්බුක් එකේ පොර ටෝක් දෙන එවුන් කවදාවත් තමන්ගෙ ලමයව මහන කරවන්නෙ නෑ. කුමන්ත්‍රන ගැන පොර ටෝක් විතරයි.

      Delete
    2. නෙත් FM කියන්නේ තනිකරම ජෙපි සෙට් එකක්නේ ඕයි. බලපන් උන් දාන ප්‍රවෘත්තියි, ඒවට වැටෙන කොමෙන්ට්ස් ටිකයි. ඔක්කොම ජෙප්පො. අපිව අන්දන්න එන්න එපා. උඹලා නෙත් බල බල පුන්නක්කු කාපල්ලා. අපිට කවන්න එන්න එපා.

      Delete
    3. මේ වැඩසටහන ගියේ 2012 දී. එතකොට එකේ ජෙප්පෝ හිටියේ නෑ.

      Delete
  5. මහායායේ අවිනීත කියලා නම වෙනස් කරන්නයි තියෙන්නේ

    ReplyDelete
  6. අපරාදෙ මාසයකට ඩොලර් 6000 විතර අතට ලැබුණ මුදල නැති වුණා. දැන් පන්සලට වෙලා දානෙ කකා ඉන්න වෙනවා.

    ReplyDelete
  7. එහෙ මුදලට ලිංගික සේවය ලබා ගැනීම තමයි වරද. ටෝක් කරල ගහන එක අවුලක්ම නෑ. අනික ක්ල්බ් එකකට පබ් එකකට වගේ ගියානම් ඕන වර්ගයක (ගේ. ලෙස්. ස්ටේ‍යිට්, ) කෙනෙක් හොයා ගන්න පුලුවන්. අනේ මන්ද ඒ නීති. අනික එයා දැන විනීත නෙවෙයි බුද්දික….

    ReplyDelete
  8. And here in Sri Lanka NPP government is going to legalize prostitution. Legalize friends!

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=0H-_Q078q-QJune 19, 2026 at 4:22 PM

    යතාර් ථය අවභෝදයෙන් සසුන්ගතවූ සිරිදම්ම හිමි මීවනපලානේ සිරි ධම්මාලංකාර,අරිය විමුක්ති ,වැනි හිමි වරැන්ට ඇතුළු වනවාසී භික්ශුන් හට ථේරවාදය යථාවාදී ලෙසට පවරා,.
    සියළු පන්සල්වල වාසය කරනා, ගිහියන් සමගින් නිරන්තරව ගැටෙමින් සමජ කාර්‍යභාරයන්හි අනුයුක්ත වී, සාත්තුසේවය් ඇතුළු විවිධ රැකීරකෂා කරනා, සමස්ථ චීවරධාරීන්ට ගිහිජීවිතය කැපවන පරිදි ඔවුන් මහායාන සම්ප්‍රදායට ඇතුලත්කිරීම නීතියානුකූලවම සිදුකල යුතු වන අතර,.
    ඵසේ නොවන්නේනම් බෟද්ධ ජනතාව මෙවැනි කරැණු කාරනා පිළිබඳව දැනුවත්ව කටයුතු කලයුතුයි,.
    මෙම පුද්ගල දෙවර්ගයට අමතරව සභික්ෂූන් ලෙසට පෙනීසිටිමින් සමාජ විරෝධී ක්‍රියාවන්හි නියුතු, මුදල් පසුපස හඹායන, මිනිසුන් රවටා මිලමුදල් වංචාකරනා, ''බුදුන් ඉන්දියාවේ ඉපදුනා යැයි මිත්‍යාව වපුරා ඉන්දියානු සාප්පු සවාරි සංවිධානය කරනා'',. බාලාපරාධ ,ලිංගික අපචාර සිදුකරමින් කූඨ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරනා නිඝණ්ඨයන් වහාම ඉන්දියාවටම පලවා හැරීමට නීති සම්පාදනය කළ යුතුයි,.!

    ReplyDelete
Previous Post Next Post