පාස්කු දින ප්‍රහාර විමර්ශනවලට සජබ බාධා කරන්නේ නෑ...


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත්, ඊට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් පැමිණවිය යුතු බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

වත්මන් රජය ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින්, පරීක්ෂණවලට බාධා නොකර සැබෑ වැරදිකරුවන් හෙළිදරවු කර යුක්තිය ඉටු කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ඛේදවාචකය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ආරම්භයේ සිටම ස්ථාවර මතයක සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වැරදිකරුවන් කවුරුන්ද යන්න තීරණය කිරීමට දේශපාලනඥයන්ට නොහැකි බවත්, ඒ සඳහා ස්වාධීන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කළේය.

 එම ක්‍රියාවලියට කිසිදු අයුරකින් බාධා කිරීමට තම පක්ෂය සූදානම් නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගෙන විධිමත් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම රජයේ වගකීමක් බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

3 Comments

  1. මුන් ගූ බයයි මුජිබරයගෙ ඡන්ද කැඩෙයි කියල.

    ReplyDelete
  2. ජනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂාකිරීමට පත්කල වෛද්‍යය මණ්ඩලයෙන් සාධාරණයක් වෙයිකියල වැඩිය විශ්වාසය තියාගන්ඩ එපා. හේතුව ඒ වෛද්‍යය මණ්ඩලයේ ඉන්න චිත්තහාරි අබේනායක කියන ගෑණි කොටින්ටම කඩේයන රනවිරුවන් පෙන්නන්ඩ බැරි සිංහල කොටි දෙනකි. 

    ReplyDelete
  3. සාධාරණය කවද්ද ජෙප්පද්දො ළඟ තිබුණෙ?

    ReplyDelete
Previous Post Next Post