මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාලව සංවිධානාත්මක අපරාධකරුවෙකු හට මෙරටින් පලා යෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 26 දින සවස එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 41 ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුල මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විර්මශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විර්මශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මධ්‍යම අපරාධ විර්මශන කාර්යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

අනුරගේ ගෝලයෝ ගැන කියන කොට නම හා විස්තර නොදැම්මත් පිට අයගේ පවුලේ ඡායාරූප පවා දානවා. ඒ වගේම අනුරගේ පත්කිරීම්වල ගොඩක් අය වැටුප් දෙක තුන ගන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල වලින් ගත් අය තාම ආචාර්ය මහාචාර්ය මුලු වැටුප ගන්නවා. ඒත් එක දවසක්වත් උගන්නන්නෙවත් සප්තවාර්ෂික නිවාඩු දාලවත් නෑ.
ReplyDeleteලොක්කා වගේ නැතැයි කාර්යාලෙ සෙට් එකත්. පච කිය කිය හොරකම් කරනව ඇති.
ReplyDeleteහොරකම් කරාට ඇල්ලුවා වෙන්න බැහැ. ලොක්කගේ හොරයක් එලියට දානවා කියන්න ඇති. බල නහර එහෙම පරිස්සම් කරගන්න වෙයි.
Deleteගල් අඟුරු හොරා අන්න ඊයෙ පාර්ලිමේන්තුවේදී චරිත් අත් අඩංගුවට ගැනීම ගැන දේශනයක් දුන්නා. කොහොමද ඒක.
ReplyDeleteආගමන විගමන එකේ ඉඳන් ජනාධිපති කාර්යාලයට ට්‍රාන්සර් ආවා කියන්නේ අනිවාර්යෙන්ම ජෙප්පෙක්.ඊළඟට වසක් විසක් කැවිල,එල්ලිලා, බලනහර කපාගෙන,හදිසි අනතුරක් වගේ එහෙකින් යවනවා ඒක තමයි උන්ගේ ක්‍රමේ.
ReplyDelete