මීට වසර එකහමාරකට පෙර තමන් සතු දරිද්‍රතාවය ගැන පවසමින් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කළ ඇතැම් ඇමතිවරුන්, අද වන විට රුපියල් කෝටි ගණනක වත්කම් හිමි කෝටිපතියන් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, එදා තමන්ගේ යට ඇඳුම්වල පවා හිල් පවතින බව පැවසූ පුද්ගලයන් අද වන විට සුඛෝපභෝගී මන්දිර සහ නීති විරෝධී මූල්‍ය වත්කම් පවා රැස්කරගෙන ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහතා, වත්මන් රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් පිළිබඳව මෙසේ කරුණු අනාවරණය කළේය.
"එක් ඇමතිවරයෙක් අද ගෙවල් දෙකක් හදනවා. ඉන් එකක් තෙමහල් සුඛෝපභෝගී මන්දිරයක්. දුවගෙ නමට ඉඩම් දෙකක් අරන් තවත් ඇමතිවරයෙකුගේ වත්කම් ප්‍රකාශවල ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) පවතින බව සඳහන් වෙනවා. මහ බැංකුව පවා මෙරට තුළ ක්‍රිප්ටෝ භාවිතයට ඉඩ ලබා නොදී තිබියදී, කැබිනට් ඇමතිවරයෙකුට මේවා ලැබුණේ කොහොමද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
රජය සිය නොහැකියාව වසා ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් මර්දනය දියත් කරන බව ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හරහා විපක්ෂය බිය ගැන්වීමට උත්සාහ කළ ද, එය සාර්ථක නොවන බව ඔහු පැවසීය.
"ආණ්ඩුව හිතනවා ඇති විරුද්ධ පක්ෂයට පහර දීලා මේ ප්‍රශ්න යටපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ගොවියෝ අද පාරට බැහැලා ඉන්නවා. ජනතාවගේ බඩගින්නට උත්තර දෙන්න ආණ්ඩුවට බැරි වෙලා" යැයි ද ඔහු සඳහන් කළේය.
ජේ.ආර්. ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන්ට එරෙහිව ද අතීතයේදී මෙවැනි මර්දනයන් ක්‍රියාත්මක වූ බව සිහිපත් කළ රාජිත සේනාරත්න මහතා, එවැනි ක්‍රියාමාර්ගවලින් ජනතා මතය වෙනස් කළ නොහැකි බව අවධාරණය කළේය. රජය සිය දූෂිත ක්‍රියාවන් වසා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නැවා ගේ නඩු ළඟයි වගේ. කෝ අර ඩබල් පොකට් බා බා බා කිකිලි?
ReplyDeleteඅපරාදෙ ලාල් කාන්තට බැන්නෙ. දැන් බලාගන යනකොට හිල් ජංගි ඇඳපු සෙල්ෆෝන් හඳුන්නෙත්තියටත් මන්දිර තිබිලනෙ.
DeleteHe was talking about himself. He was the one who took large amounts of money from the businesses and kept under his family members names. මූ නැවු පිටින් ගිල්ලේ. මුට තවමත් පානම කොඩිය යටතේ යන බොර තෙල් නැවු හතරක් සින්ගපුරුවෙ නැංගුරම් දාල තියෙනවා...මුට විශාල තෙල් නැවු ගන්න සල්ලි කොහෙන්ද? මන්ත්‍රී පඩියෙන් නැවු ගන්න පුලුවන්ද?
ReplyDelete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDelete