පිරමීඩ ජාවාරම්, අධික ලාභාංශ පෙන්වා සිදුකරන ව්‍යාජ ආයෝජන, නීතිවිරෝධී ලෙස තැන්පතු රැස්කිරීම් සහ විවිධ ඩිජිටල් වංචා හේතුවෙන් සිදුවන්නේ පුද්ගලික ධනය අහිමි වීම පමණක් නොව, සමස්ත සමාජයම මහන්සියෙන් එකතු කරගත් සමස්ත ඉතුරුම් පද්ධතියම විනාශ වී යාම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ජී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පෙන්වා දුන්නේය.
මෙම මූල්‍ය අපරාධ දෙස පුළුල් ආර්ථික විද්‍යාත්මක කෝණයකින් බලන විට, කාලාන්තරයක් තිස්සේ මහත් කැපවීමෙන් ගොඩනඟන ලද රටේ පිළිගත් විධිමත් මූල්‍ය ආයතන කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වීමට මෙම වංචනික ක්‍රියා සෘජුවම බලපාන බව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, වර්තමානයේ සීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් වංචාවලින් සිවිල් ජනතාව මුදා ගැනීම මෙන්ම නීතිවිරෝධී ව්‍යාපෘති විශේෂයෙන් මේ දිනවල දිවයින පුරා ප්‍රසිද්ධ වෙමින් පවතින විවිධ වගා ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ පවතින නොදැනුවත්කම තුරන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද හෙතෙම අවධාරණය කළේය.
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ "වංචාවලින් ආරක්ෂා වෙමු" නමැති ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන දේශනය පවත්වමිනි. මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණේ විවිධ මූල්‍ය වංචා සිදුවන ආකාරය සහ ඒවායින් ප්‍රවේශම් වන ආකාරය පිළිබඳව මෙරට ජනතාව සන්නද්ධ කිරීමේ අරමුණෙනි.

අවස්ථාවා දී , ආර්මාත්කකාමී ජඩය
ReplyDeleteඔය කතාව කියන්න ඕන මිනිස්සු....
ReplyDeleteමහා භාණ්ඩාගාර යේ සල්ලි මංකොල්ල කනවා...ලේකම් නිදැල්ලේ.
රාජ්‍ය බැංකු වලින් කෝටි ගණන් සල්ලි පිටරට යනවා.
මහා බැංකුවේ කිසිම නියාමනයක් නැහැ.තමනුත් බයිලා ගහනවා ඇරෙන්න මොනවත් ක්‍රියා මාර්ග ගන්නේ නැතුව ඔහේ ඉන්නවා.
රට ට බුදු සරණයි.
ඒත් අපි ඒ බිදවැටීම ආණ්ඩුවේ සුජාත ඇත්තන්ගෙ කීර්ති නාමයෙන් සමනය කර ගන්නා. ඒ ගැන අපේ "පෙහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ 28 පිටුවෙ 3 වන කොටස පරිශීලනය කර අවබෝධ කරගන්න 😆
ReplyDeleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDeleteගල් අගුරු වංචා ඩොලර් මිලියන 2.5 වංචා වගේ මහ පරිමාන ව්ංචා නිසා රජය කෙරෙහි ජනතාව ගේ විශ්වාසය බිද වැටී ඇතැයි කිව්ව නම් හරි.
ReplyDeleteMr. Weerasinghe: You are responsible for that. Why did you allow that to happen? What did you do as the regulator or the banker of banks and other financial institutions? You just can not get away making a few irresponsible statements here and there.
ReplyDelete