ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
පළපුරුදු විනිසුරුවන්ගේ සේවය තවදුරටත් අධිකරණ පද්ධතිය වෙත ලබා ගැනීම මෙහි මූලික අරමුණ බව රජය පවසයි.
යෝජිත සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වත්මන් වසර 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 63 සිට 65 දක්වා ද ඉහළ දැමීමට නියමිතය.
දැනට පවතින නීතිය අනුව මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 61 දී ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් වයස අවුරුදු 60 දී ද විශ්‍රාම ගනු ලබයි.
රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, පහළ අධිකරණවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට ද පියවර ගන්නා බවයි.
පළපුරුදු විනිසුරුවරුන් ඉහළ අධිකරණවලට උසස්වීම් ලබන අවස්ථාව වන විට ඔවුන්ගේ විශ්‍රාම වයස ආසන්න වී තිබීම හේතුවෙන්, ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇති බව රජයේ අදහසයි.
මෙම සංශෝධනය හරහා එම විනිසුරුවරුන්ට තවත් වසර දෙක තුනක කාලයක් ඉහළ අධිකරණවල සේවය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 බැගින් පවතින බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් දේශපාලන විපක්ෂය මෙන්ම මෙරට සහ ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ ප්‍රබල විරෝධයක් මතු වී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ආසියා පැසිෆික් නීති සංගමය ඇතුළු සංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පියවරෙන් බැහැර වන ලෙසයි.
රජය මෙලෙස අධිකරණයේ විශ්‍රාම වයස වෙනස් කිරීමට උත්සාහ කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට සහ තමන්ට හිතකර ලෙස අධිකරණ පද්ධතිය හසුරුවා ගැනීමට බවට විචාරකයෝ සහ නීති සංගම් චෝදනා කරති.

තඹුත්තේගම නකුටු පුකා... කරන්න පුළුවන හැම දේම කරනවා බලේ රැකගන්න ... නොදකින් කලක්කනියා ... ශාප වෙන්න ඕන ඕකාට
ReplyDeleteoka maruna qawasata heluwen pare duwapallla
Deleteතක්කඩි අඟුරු කුමාර බදු කොටා කම්බ හොරාගේ හුත්තරීතර නාකි පක්කු
Deletehttps://youtube.com/shorts/b6rsqWnGGoo?si=0MB1FamJfQrAKZvr
ReplyDeleteජවිපෙ =LTTE
ReplyDeleteතරුණ කථිකාචාර්යවරු ආචාර්.ය උපාධිය සඳහා විදේශීය රටවලට ගොස් නැවත නොඑන නිසා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම දක්ෂ හා පළපුරුදු ආචාර්ය-මහාචාර්ය වරුන්ගේ ඉතා උග්‍ර හිගයකට මුහුණ දී සිටිනවා. මාලිමාවට කඩේ ගිය උන් ඉගැන්වීම නොකර විශවවිද්‍යාල වැටුප් ගන්නවා. එබැවින් දක්ෂ පළපුරුදු ආචාර්යවරුන්ගේ සේවය වසර 2-3 ක් පමණ වැඩිකර මාලිමා රජයේ ජාම බේරා ගන්න. අලුතෙන් බඳවා ගන්න හාල් කෑලි ඉගැන්වීම ඇර අනික් හැම මගුලම කරනවා.
ReplyDeleteLTTE හා JVP ත්‍රස්තවාදීන් නොයෙකුත් විනාශකාරී වැඩ කරමින් සංවර්ධනයට කොතෙකුත් බාදා කිරීම් කලත්,
ReplyDeleteරට ටික ටික ඉදිරියට ගියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින්.
මැතිවරණ පවත්වා බලය හුවමාරු උනෙත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින්.
මාලිමාණ්ඩුව යටතේ ලංකාවේ දැන් මොනවද මේ වෙන්නෙ අප්පා.
විපක්ෂය මර්ධනය කරමින් තමන්ගේ හිතුමතයට දිගුකලක් රට පාලනය කිරීමේ උවමනාව ඉෂ්ඨ කරගැනීම උදෙසා,අධිකරණය ඇතුළු රාජ්‍ය තන්ත්‍රය සම්පුර්ණයෙන් ආණ්ඩුව අතට ගන්නනේ ඔය එක එක නූල් සූත්තර දාන්නෙ.
මේකරන ජඩවැඩ නිසා ඉදිරියේදී ජනතාව වෙනුවෙන් හඬක් නැගීමට කෙනෙක් නැතිවෙනවා.
අධිකරණ බලය ආණ්ඩුව අතට යාමේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙ විපක්ෂයට පමණක් නොවෙයි සමස්ථ ජනතාවටම.