R ප්‍රේමදාස ගාමන්ට් හැදුවා වගේ ලංකාවට පුරා විදුලි වාහන ෆැක්ටරි හදන්නෝනෑ..- සජිත්


 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට ක්‍රියාත්මක කළ ‘ඇඟලුම් කම්හල් 200’ වැඩසටහනට සමාන මට්ටමේ විදුලි වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ කර්මාන්තශාලා පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීම සහ ආනයනය කිරීමෙන් පමණක් නොනැවතී, එම වාහන මෙරටදීම නිෂ්පාදනය කිරීමේ පැහැදිලි ඉලක්කගත වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

ඇඟලුම් කර්මාන්තය මෙරට ආරම්භ කරන අවධියේදී ද විවිධ පාර්ශ්ව එය සමච්චලයට ලක් කළ බවත්, එහෙත් අද වන විට එය මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ප්‍රවාහයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විදුලි වාහන නිෂ්පාදනය පිළිබඳ නව අදහස් ඉදිරිපත් කරන විට ද ඇතැමුන් එලෙසම සිනාසෙනු ඇතැයි පැවසූ ඔහු, හුදෙක් සිනාසීම වෙනුවට රට නවීන තාක්ෂණය සමඟ පෙරට යා යුතු බව පෙන්වා දුන්නේය.

විදුලි බිල හෝ වෙනත් කම්කරු ගැටලු ඉදිරිපත් කරමින් මෙවැනි කර්මාන්තශාලා පිහිටුවීම වැළැක්වීමට උත්සාහ නොකළ යුතු බවත්, ඒ වෙනුවට ‘රණසිංහ ප්‍රේමදාස ක්‍රමය’ ක්‍රියාත්මක කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කළේය.

එම ක්‍රමය යටතේ නිලධාරීන්ට සහ ආයෝජකයින්ට නිශ්චිත ඉලක්ක සහ දින වකවානු ලබාදී, අවශ්‍ය සියලු පහසුකම් සහ දිරිගැන්වීම් රජය මැදිහත් වී සම්පාදනය කළ යුතු බව ඔහු පැවසීය.

එවැනි ක්‍රමවේදයක් හරහා විදුලි වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පිම්මක් තැබීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

7 Comments

  1. Koranda issara kiyanda epa. Anura copy karai. Danata nam seeya korapu evama thami.

    ReplyDelete
    Replies
    1. අනුර අනුන්ගෙ වැඩ කොපි කරන්න විතරයි දන්නෙ.
      අළුත් වැඩ බැහැ.

      Delete
    2. චීන විදුලි වාහන නිසා ටෙස්ලා හා යුරෝප විදුලි වාහන සමාගම් පවා පාඩු ලබද්දී මේ ගොනා කියව්වේ මොනවා ද? අඩු තරමේ සෑම ගමකටම ගණිකා නිවාසයක් හදලා දීලා තරුණියන් විරැකියාවෙන් හා තරුණයන් අසහනයෙන් මුදා ගන්නවා කීවා නම් ඡන්ද වැඩි වෙන්න පුලුවන්. වැඩිහිටි අපිත් එහෙනම් සජිත්ට.

      Delete
  2. ගිනිපෙට්ටි ගෙවල් හදනවා වගේ වාහන හදන්න බෑ කියල මූ දන්නෙ නැද්ද?.

    ReplyDelete
  3. https://youtube.com/shorts/b6rsqWnGGoo?si=0MB1FamJfQrAKZvr

    ReplyDelete
  4. මේක ඇත්තටම වෙන්න ඕන දෙයක්. කරන්න අමාරු දෙයකුත් නෙමෙයි. මොකද ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ පෙට්‍රල් වාහන වගේ ඉතා සංකීර්ණ යාන්ත්‍රික විකාර තියෙන යන්ත්‍රයක් නෙමේ. දැනටමත් ඉලෙක්ට්‍රික් වාහන ලංකාවේ එකලස් වෙනවා. ඒවගේ බොහෝ කොටස් චීනයේ නිපදවා ලංකාවේදී ඇමිනීම විතරයි වෙන්නේ. ඒකෙන් එහාට ගිහින්, චැසියත්, පිටත ආවරණත් ලංකාවේම නිපදවන්න පුලුවන් නම් ලොකු ජයග්‍රහණයක්.

    ReplyDelete
  5. ලංකාවෙ ඉතුරු වෙලා ඉන්න ගොන්නු ටික ඡන්දෙ දෙන්නේ ඔයවගේ දේවල් වලට නෙමේ.
    ජෙප්පො කියපු කතා බලලා ඉගෙන ගන්නවා. අන්න ඒවට තමයි ඡන්දෙ දෙන්නෙ.

    පඩිය 20,000කින් වැඩි කරන්න ඕන.
    මාස 6න් 6ට පඩි වැඩි කරන්න ඕන,
    බදු අයින් කරන්න ඕන.
    බඩු මිල අම්බානෙකට අඩු කරන්න ඕන,
    ගෙවල් නිකන් හදල දෙන්න ඕන,

    වාහන හදනවා වගේ සංකීර්ණ කතා ලංකාවේ අම්බරුවන්ට දිරවන්නේ නැහැ.
    ජෙප්පො හාල් නිකන් දෙනව කිව්ව නම් ඔබතුමා කියන්න ඕන හාලුයි, එලවලුයි නිකන් දෙනව කියලා.
    අන්තිමට ඔය මී හරක් ටික ඡන්දෙ දෙන්නේ උයලා ගෙනල්ලා කවලා රීලා ඉවර උනාම පුකත් හෝදල දෙනව කියන එකාට. ‍

    තෝ මෙච්චර කාලයක් දේශපාලනේ කරලා රටේ මිනිස්සුන්ගේ ගොන්කමේ තරම තේරෙන්නෙ නැහැනේ.

    ReplyDelete
Previous Post Next Post