යටවර ප්‍රදේශයේ ජනතාව දිගු කලක් තිස්සේ මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවකට විසඳුම් දෙමින්, පනාගොඩ පොත්ත කන්ද මාර්ගය කොන්ක්‍රීට් යොදා නවීකරණය කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කෙරිණි.
ගමක දෛනික ජීවිතය පහසු කිරීමට මෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට නිසි යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මන්ත්රීනී ඔෂානි උමංගා මහත්මිය ප්‍රකාශ කර සිටී.
වත්මන් රජය ක්‍රියාත්මක වන්නේ මහජන බලයකින් බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය, ගමේ සිදුවන සංවර්ධන කටයුතු නිසි ප්‍රමිතියකට සිදුවන්නේදැයි සොයා බැලීමේ සෘජු අයිතිය සහ වගකීම ගම්වැසියන් සතු වන බව අවධාරණය කළාය.
"ප්‍රාදේශීය ක්ෂේත්‍ර නිලධාරීන්, ප්‍රජාශක්ති කණ්ඩායම් සහ ගම්වැසියන් සියලුම දෙනා එක්ව එකම තනි යාන්ත්‍රණයක් ලෙස මේ කටයුත්ත සාර්ථක කරගැනීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරනවා." යැයි මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ගොන් බදින කනු.
ReplyDeleteනෝනා ඔය ඒවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කරන්න ඕනේ ඒවා
ReplyDeleteගිය අවුරුද්දෙත් මිලියන ගානක් අලාභ ආයතන
ReplyDelete