වී ළඟ තියාගත් ගොවීන් වැරදියි....ගබඩා ඇරලා තියෙද්දි ඇයි නොදුන්නේ ..! - නි. ඇමති නාමල්


වී අලෙවි මණ්ඩල ගබඩා විවෘත කර තිබියදී ඒවාට වී ලබානොදුන් ගොවීන් ද වරදක් කර ඇති බවත් වී විකුණා ගැනීමට නොහැකි බවට දැන් කෑගැසීමෙන් ඵලක් නොමැති බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

"දැන් මේ වී විකුණන්න බැහැ, රජයේ ගබඩා අරින්න කියලා කෑගහන කණ්ඩායමක් ඉන්නවා. අපිට අහන්න තියෙන දේ තමයි ඇයි ගබඩා ඇරලා තියෙද්දී ගබඩාවලට වී ගෙනල්ලා දුන්නෙ නැත්තෙ? හැබැයි දැන් බොහෝ දුරට ගොඩක් වී තියෙන්නෙ ගොවියා ළඟ නෙවෙයි. ගොවියා ළඟ වී තියාගත්තා නම් ඉතින් එයාත් වැරදියිනෙ.

ඒවා දෙන්ඩ එපායැ ගබඩා ඇරලා තියෙද්දී? ඒවා තියාගත්තෙ මොකටද? එයා තියාගත්තෙ එයාලට මොනවාහරි හැකියාවක් තියෙන හින්දානෙ? අනිත් එක මෙතන ඉන්නවා, අතරමැදි කණ්ඩායමක් වී එකතුකර ගත්තු ගොවියාගෙන්. සමහර විට දෙක පහට වී ටික අරගෙන වැඩි ගාණට විකුණන්න වී එක්රැස් කරගත්තු කණ්ඩායම් ඉන්න පුළුවන්. අන්න ඒ අය මේ වෙලාවෙ ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නෙටත් අපි ඇහුම්කන් දෙන්න ඕනෙ, ඒක වෙනම අපි කතා කරමු."

නි. ඇමති නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

13 Comments

  1. හරකුන් පාර්ලිමේන්තු යවා කෙලවාගත්ත ලෝකයේ එකම රට ලංකාවයි.

    ReplyDelete
    Replies
    1. 2020 neda...Eka atthha ....Habai e harak okkoma gahala elewwa ..Dan un inne sun bun wipakse

      Delete
  2. ගබඩා ඇරලා තියෙද්දී ගබඩාවලට වී ගෙනල්ලා දුන්නෙ නැත්තෙ?


    ReplyDelete
    Replies
    1. යකෝ ගබඩා ඉල්ලන විදිහට හදලා ඒ ගාණට දෙන එක පාඩු නිසා තමයි මිළ වැඩි වෙනකල් හිටියේ. උඹලාත් ලාභෙට ගත් පැට්‍රෝල්, ඩීසල් පවා අපට වික්කේ වැඩි මිළටනේ. තෝ පාර්ලිමේන්තු යන්න කලින් ගොවියො එක්ක ඉන්න කොට කීවෙ කොහොම ද? තෝව නයාම කාපිය. තොට හෙනම ගහපිය.

      Delete
    2. DUDLYTA plane aran denna kiyalada kiyanne

      Delete
    3. Arala thiyeddi labeta deepalla

      api ita pass wadi ganata wikunanawa

      Delete
  3. අම්මපා මුන්ට ඡන්දෙ දුන්නෙ කවුද?

    ReplyDelete
  4. අම්මපා මුන්ට ඡන්දෙ දුන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. මී හරක් ම තමයි

      Delete
  5. මේ මී හරක් පකයලට චන්දෙ දුන්න අ යට දැන් සැපද ,,,,,,,,,...,,

    ReplyDelete
  6. මේ පිස්සෝ ඉස්සෙල්ලා කිව්වා ගොයම් කපාගත් ගමන් වී විකුනන්න එපා අඩු ගාණට. තියාගෙන ඉඳලා ගණන් වැඩි වෙන්කොට විකුනන්න කියලා. දැන් කියන්නේ රෙද්දක් ද

    ReplyDelete
  7. ගෙනියන්න ඕනා ට්‍රාන්ස්පෝට් ගෙවලා ගෙවන්නේ රු 120..තෙත තිබුණොත් ආපහු ට්‍රාන්ස්පෝට් යනවා..ඊට ලාභ නැද්ද ගමේ මෝලට 100 ට දෙන එක..මී හරක්..තෙත බලන්නේ නැත්තම් අරන් යයි ගොවීන්..ඒත් සමහරවිට පාඩුයි කුඹුරෙ ඉඳලා ගබඩාවට තෙල් මිලත් එක්ක..පරයෝ හාල් ගෙන්නනවා රටින්..අස්වැන්න එනකොට ඔක්කොම ටික මෝල් කාරයෝ ගන්නවා..මුන් සංදර්සනේට ගබඩා ඇරලා කියනවා..සතියක් විතර ඇරලා කියනවා සල්ලි නෑ ලු මේ කන්නෙට ඉවරයිලු...

    ReplyDelete
  8. මේ ගොවියොන්ගෙයි ආන්ඩුවෙයි කෙදිරිය ඉවරයක් නෑ.

    ReplyDelete
Previous Post Next Post