යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා මහතා බදුල්ල සිවිල් අභියාචන මහාධිකරණය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබීම පිළිබඳව තමන් දැඩි කම්පනයට හා මවිතයට පත්ව සිටින බව යාපනය නීතිඥ සංගමය (Bar Association of Jaffna) පවසයි.
යාපනය නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව, එම සංගමය විසින් මේ බව දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත 2026 මැයි 30 වන දින විශේෂ ලිපියක් යොමු කර ඇත.
ඇලෙක්ස්රාජා විනිසුරුවරයා යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වීම් ලබා පැමිණියේ 2026 අප්‍රේල් 22 වනදාය. එලෙස රාජකාරි භාරගෙන මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත (2026 මැයි 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි) ඔහුව මෙලෙස ස්ථාන මාරු කිරීම පිටුපස බාහිර හේතූන් පවතින බවට සැකයක් මතුවන බව සංගමය පවසයි.
රිට් පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද වාරණ නියෝග කිහිපයක් මෙම හදිසි ස්ථාන මාරුවීමට මුල් වී ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව නීතිඥ සංගමය සඳහන් කරයි.
ආණ්ඩුකාරවරයා විසින් රජයේ පාර්ශ්වකරුවන් ඇතුළු ඉහළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දන්වා ඇති බවට විශ්වාසදායක තොරතුරු පවතින බවද ඔවුහු පවසති.
විනිසුරුවරුන් ස්ථාන මාරු කිරීමේ පරම අයිතිය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු වුවද, විධායකයේ බලපෑම මත මෙවැනි පැහැදිලි කිරීමක් නොමැති හදිසි ස්ථාන මාරු කිරීම් සිදුවීම හේතුවෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමට හේතු වන බව ලිපියෙහි අවධාරණය කර ඇත.
රාජ්‍ය නායකයා ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන මෙවැනි බාහිර බලපෑම් පිළිබඳව කඩිනම් හා දැඩි අවධානයක් යොමු කර, මේ පිළිබඳව ප්‍රමුඛතාවක් දී විමර්ශනයක් පවත්වන ලෙස යාපනය නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද යාපනය නීතිඥ සංගමයේ සභාපති එස්. පරමරාජා, ලේකම් වී. මණිවන්නන් සහ උපසභාපති බී. ජෙයන්තන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව යැවූ එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


රාජා භවතු ධම්මිකෝ (පාලකයා දැහැමිව රට පාලනය කරත්වා)..........................!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeletebar akata hoadi gal kalek denna kalakani kaputo
ReplyDeleteIthin thopi thaniyama nadukiayapallako.
DeleteVijithaya eiye Melbourne waladi kiuwve un Policeyata Garu Adikaranayata Atha thiyanna Denne nahallu....
ReplyDeleteE kiyannema Palawathen un danagana siyalla palanaya karanne.
Pothata ugathu Lankawe Bihikarapu Mal pala...
Pukade Puka pala ganeeema.....
පසුගිය ආණ්ඩු තරමටම මේ ආණ්ඩුව අධිකරණය පාලනය,අත පෙවීම් කරනවා. මොළේ මඤ්ඤාo එවුන් පිළිගන්නේ නැහැ.
ReplyDeleteපසුගිය ආණ්ඩු තරමටම මේ ආණ්ඩුව අධිකරණය පාලනය,අත පෙවීම් කරනවා. මොළේ මඤ්ඤාo එවුන් පිළිගන්නේ නැහැ.
ReplyDeleteබෝනගේන් බලපෑම්
ReplyDeleteමෙච්චර කල් ස්වාධීනයි කියල හිතාගන්න පුළුවන්කම තිබුණේ අධිකරණය විතරයි දැන් එතනටත් බලපෑම්.පුනරුදේ පුනරුදේ.
ReplyDelete