ගම්මිරිස්වලින් ගියවර ලක්‍ෂ ගාණක් ගත්තා.. මෙවරත් ලක්‍ෂ ගාණක් ගන්නවා.. බිබිලෙ පියසේන අයියට විකුණන්නේ..- ඇමති සමන්ත


 නිසි කළමනාකරණයෙන් යුතුව ගම්මිරිස් වගා කිරීමෙන් ලක්ෂ ගණනක ආදායමක් උපයා ගත හැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පසුගිය කන්නයේදී සිය වගාවෙන් ගෝනි ගණනාවක සාර්ථක අස්වැන්නක් ලබාගත් බවත්, එමඟින් ලක්ෂ ගණනක ආදායමක් හිමිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, ගිය වර තමන් ලබාගත් ගම්මිරිස් අස්වැන්න බිබිලේ පියසේන නැමැති අයෙකු සිය රථ වාහන මඟින්ම පැමිණ මිලදී ගත් බවයි.

මෙවරද එවැනිම සාර්ථක අස්වැන්නක් සහ ආදායමක් අපේක්ෂා කරන බවත්, ජනතාවට තම ඉඩම් නිකරුණේ තැබීමෙන් තොරව නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

"ඉඩම නිකන් තියන්න එපා" යැයි පවසමින් ඔහු අවධාරණය කළේ නිසි වගා කටයුතු තුළින් ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බවයි.

තවද, රජය විසින් ඉඩම් දීමනා පත්‍ර ලබාදීමෙන් පමණක් නොනැවතී, ඒවා පූර්ණ අයිතිය සහිත සින්නක්කර ඔප්පු දක්වා ගෙනයාමේ විප්ලවීය ගමනක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

මහියංගනය ප්‍රදේශයේදී එකවර බලපත්‍ර 10,000ක් ලබාදීමේ වැඩපිළිවෙළ ලංකා ඉතිහාසයේ මෙවැනි කාර්යයක් සිදුවන ප්‍රථම අවස්ථාව බවද ඔහු පෙන්වා දුන්නේය.

රටේ සංවර්ධන කටයුතු සහ වැඩ කරන ජනතාව වෙනුවෙන් රජය ගන්නා පියවර හමුවේ විවිධ විවේචන එල්ල වුවද, තම රජය දුප්පත් ජනතාව සහ ගොවි ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය


10 Comments

  1. auruden goda giya parayekthoge Duvage malvaraweema vikka kalakanniya, rate unta hadena hati kiyanava...

    ReplyDelete
  2. Dushanayen thorawa mudal hamba kireeme hondama udaharanaya.

    ReplyDelete
    Replies
    1. Itha ikmanin pohosath veemata maga. Pohosath ratakata maga.

      Delete
  3. මුන් ලක්ෂ ගණන් කියමින් කෙකර ගාන්නෙ කොටි ගානක බිත්තර.යක් දාන්න. ජවිපා සිටුවර කල්ලියෙ ඊළග සාමාජිකයා.

    ReplyDelete
  4. Muta awurudu 50 gaanak wenakan oya kiyana kalamanakaranayen yutuwa gammiris waga karaganna baruwa indala amathi una gaman awurudu deken kalamanakaranaya karala.

    ReplyDelete
  5. මේකා අනිවාර්යෙන්ම අනුන්ගේ ඉඩංවල ගම්මිරිසුත් කඩලා විකුණනවා.

    ReplyDelete
  6. කලින් හිඟන්නො දැන් ඉඩම් හිමි වැවිලිකරුවො..

    ReplyDelete
  7. ගම්මිරිස් අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 21 අරගෙන පසුගිය වසරේ ශ්‍රී ලංකා වාර්තාව තිබ්බා. මේ පාර ලක්ෂ 51.ක ආදායමක් පෙන්නලා ගිනස් ලෝක වාර්තාව තියයි. කොමිස් කලු සල්ලි සුදු කරයි.

    ReplyDelete
  8. ඇති ඇති, කොමිස් මුදල් සුදු සල්ලි කොරන ක්‍රම සහා විදි - ච්චිචී පරීඩා

    ReplyDelete
  9. "ඉඩම නිකන් තියන්න එපා"
    ක#රි ආතල් දෙන්නේ මුන් , පතිරෙන ගලප්පත්ති කාරයාගේ කොමෙන්ට් මතක් උනා! හිකිස්!
    යකෝ මුන් ජීවිත කාලෙම ඉඩම් නිකන් තියාගෙන ඉඳලා නේද එතකොට.. දැන් තමයි මුන්ට වවන්න පුළුවන් උනේ ඇමතිකමක් හම්බ උනාට පස්සේ!

    ReplyDelete
Previous Post Next Post