යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ බෞද්ධ සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කර තිබූ වෙසක් සැරසිලි සහ වෙසක් පහන් කූඩුවකට හඳුනා නොගත් පිරිසක් විසින් හානි සිදු කර තිබේ.
මැයි 31 වැනිදා රාත්‍රියේ සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
පූජනීය වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු සිසුන් විසින් ඉකුත් මැයි 30 වැනිදා මෙම වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කර තිබුණි. කෙසේ වෙතත්, පසුදා අලුයම වන විට ඒවා විනාශ කර ඇති බව විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව කෝපායි පොලිසිය මුලින්ම දැනුවත් කර ඇත.
පසුව ජූනි 01 වැනිදා (ඊයේ) කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ සිසුන් විසින් මේ පිළිබඳව පොලිසිය වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම විනාශකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් සහ ඊට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් සිසුන් 400 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සාමකාමී විරෝධතාවක් ද පවත්වා ඇත.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘සර්වජන බලය’ සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා සඳහන් කරන්නේ මෙය ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර අසමගිය සහ ආතතිය ඇති කිරීමේ අරමුණින් සිදු කරන ලද සමාජ විරෝධී ක්‍රියාවක් බවයි.
"මෙම ක්‍රියාව අප දැඩි ලෙස හෙළා දකිනවා. මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පැමිණවිය යුතුයි. එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දකුණේ සිංහල සහ මුස්ලිම් සිසුන් වෙනුවෙන් අපගේ සහයෝගීතාවය පළ කරන අතර, සියලුම සිසුන්ට බියෙන් හා සැකෙන් තොරව අධ්‍යාපනය ලැබිය හැකි සුරක්ෂිත පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ තහවුරු විය යුතුයි." යනුවෙන් ද අරුන් සිද්ධාර්ථ් මහතා අවධාරණය කර සිටියේය.

Ha ha katha karanna epa. Jathika samagiyata badha athi weyi.
ReplyDeleteපඩත්තල පාහර නිරගමික තිරිසන් බල්ලන්ට මේවා නම් පේන එකක් නෑ.
ReplyDeleteසර්වඡන බලය විතරයි ඡාතිකත්වය බෞද්ධාගම ගැන කථා කරන්නේ.දිලිත් ඊළඟ පාර රටේ නායකයා විය යුතුමය.
DeleteThopita dakune kundali peraherwal yanna puluwan
ReplyDeletedakunta enne epa wairiya wapuranna
meyata galaguru kumara
හික්..හික්..හික් ඔය මේ ආණ්ඩුවේ ජාතිවාදී සංහිඳියාව. කලබල වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක වෙනවා.
ReplyDeleteහික්..හික්..හික් ඔය මේ ආණ්ඩුවේ ජාතිවාදී සංහිඳියාව. කලබල වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක වෙනවා.
ReplyDeleteගල් අඟුරු පාඩුව ඒ සමාගමෙන් අය කරගන්නවා කියලා කිව්වා වාගේද?
Deleteපෙර ආණ්ඩුවල මෙහෙයවීමෙන් ආරක්ෂක හමුදා අමාරුවෙන් ජීවිත පූජාවෙන් යුද්ධය දිනා ගත්තට, ත්‍රස්තවාදය සහ යුද්ධය නැවත ඇති කර හෝ බලයේ සිටීමට බලාපොරොත්තු වෙන නිසා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව මාලිමා ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවක් පැහැදිලි වෙනවා.
ReplyDeleteඅරුන් සාධාරණ පරීක්ෂණයක් කරලා වාර්තා ඵවන්න.මේ ගොබ්බ ආණ්ඩුව ඩයස්පෝරා සල්ලි වලින් යැපෙන නිසා කිසිම විශ්වාසදායක පරීක්ෂණයක් පොලීසියකින් බලාපොරොත්තු වන්න බැහැ.
ReplyDeleteමේක තමා වෙලාව මුලු බුද්දාගමටම ශ්‍රී මා බෝධියම අවමානයට ලක් කරන්න....වෙසක් අවමානයට ලක් කරන්න ජෙප්පෝ බෝන් අගේන් උන් අනාගමික මාධයේ උන් ඔක්කොම මේදවස් වල හරියට වෑඩ ....ලපයා කොටි ඩස්පෝරාවේ ඩොලර් වලට අමතරව බුරියානි ඩිනාර් වලටත් ඈහ ගහනවා වගේ .....මේ ඔක්කොම චන්ද ගන්න කරන බලු තක්කඩි වෑඩ ....ලපයා දන්නවා බෞද්ද උන්ව නිරාගමික පචයට හරි බෝන් අගේන් පචයට හරි හර්වන්න පුලුවන් කියලා .
ReplyDelete