මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම විමර්ශනය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිති.
මී මැස්සෝ නාලිකාව විසින් පෙන්වා දෙන පරිදි, පසුගිය කාලසීමාව තුළ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විවිධ අනවසර ඉදිකිරීම් සහ කැණීම් රැසක් සිදුව ඇත.
ඒ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල භූමිය හෑරීම සහ ගල් ඇල්ලීම, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව විහාරගෙයක් ඉදිකිරීම සහ එහි ස්වභාවය වෙනස් කිරීම, දේවාල මළුවේ ටෙරා කොටා සහ ග්‍රැනයිට් ගල් ඇල්ලීම, පරිවාර බෝධීන් වහන්සේ නමකගේ අත්තක් අවිධිමත් ලෙස කපා ඉවත් කිරීමට යාමේදී එය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ද වැදී හානි සිදු වීම සදහන්ය.
මෙම හානි පිළිබඳ තොරතුරු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වසන් කර ඇති බවත්, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම අත්ත කැඩී යාමේ සිද්ධිය දින කිහිපයක් යනතුරු දැන නොසිටි බවත් වාර්තා වේ.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවට, දැනට විශ්‍රාමික නිලධාරියෙකු වන භාතිය සුමිත්‍රාරච්චි මහතා පත් කිරීම පිළිබඳව ද දැඩි විවේචන එල්ල වී තිබේ. කිසිදු නිල බලයක් නොමැතිව ඔහු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නඩත්තු කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වන බවටත්, ඇතැම් හානි වසන් කිරීමට කටයුතු කරන බවටත් චෝදනා එල්ල වේ.
එසේම, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ පාලන කාලය තුළ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පුරාවිද්‍යා අවසරයකින් තොරව මාරු කළ බවත්, ඒ සම්බන්ධයෙන් මැණික් අතුරුදන් වීමේ කසුකුසුවක් පවතින බවත් මූලාශ්‍ර අනාවරණය කරයි.
පුරාවිද්‍යා ආඥා පනත අනුව ඇප දිය නොහැකි වැරදි ගණනාවක් මෙහිදී සිදුව ඇති බවත්, නමුත් මෙතෙක් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත් මී මැස්සෝ නාලිකාව අවධාරණය කරයි.
පූජනීය බෞද්ධ උරුමය රැකගැනීම සඳහා වත්මන් අටමස්ථානාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ මෙන්ම රජය ද වහාම මැදිහත් විය යුතු බවට මෙහිදී ඉල්ලීමක් කෙරේ.
සිදුවන මෙම විශේෂ විමර්ශනය මගින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදු වූ තාක්ෂණික හානි මෙන්ම මූල්‍ය හෝ වෙනත් දූෂණ පිළිබඳව ද තොරතුරු හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරේ

2500 karaganna barwadak danda une?
ReplyDeleteඅනාගමික රජය නිදි.
ReplyDeleteඅයියෝ උබට පැත්ත මාරු වෙලා. මං දන්නවා උබත් මං වගේම හොද බයියෙක් කියලා. ඒත් උබේ comment එක ජෙප්පොන්ට support.
Deleteයකෝ පල්ලියෙන් ඇවිල්ලා විහාර ගෙවල් හදනවා කියලාද උබ හිතුවෙ. ටෙරාකොටා ඇල්ලුවෙ මුස්ලිම් උන් කියලද හිතුවෙ? මේවා හමුදුරුවරු කරපු දේවල්. මේ news එකේදි අපි බනින්න ඕනෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. රජය නිදිනම් හොදයිනෙ යකෝ. අපි භක්තියෙන් හාමුදුරු රකින බයියො ටික. අපි මේ news එක බොරු කියලයි කියන්න ඕන.