හරක් කටාගෙන් අල්ලස් ගත් තව ලොක්කන් රැසක් හෙලිවෙයි..


 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සම්බන්ධ මහා පරිමාණ අල්ලස් ජාලය පිළිබඳ විමර්ශන තවදුරටත් පුළුල් වීමත් සමඟ, ඊට සම්බන්ධ තවත් නීතිඥයන්, දේශපාලනඥයන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම විමර්ශන මෙහෙයවනු ලබයි.

පසුගිය සතියේදී මෙම සිද්ධියට අදාළව නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හෝරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, ලැබී ඇති නව සාක්ෂි මත මෙම විමර්ශන තවදුරටත් තීව්‍ර කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ තීරණවලට බලපෑම් කිරීමට සහ ‘හරක් කටා’ වෙත විශේෂ වරප්‍රසාද ලබාගැනීම සඳහා විශාල වශයෙන් මුදල් හුවමාරු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

විමර්ශන නිලධාරීන් මේ වන විට අදාළ මූල්‍ය ගනුදෙනු, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සහ රාජ්‍ය නිලධාරීන් හා සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින සබඳතා පිළිබඳව ඉතා සූක්ෂ්ම ලෙස සාක්ෂි පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

12 Comments

  1. කෝ එන්න අල්ලනකොට කෙදිරි ගාන ළමයි. ඇවිත් කෙදිරිගාන්න. උබලගෙ කොමෙන්ට් තමා අපිට මේ දවස් වල බයිට් එක.

    ReplyDelete
    Replies
    1. සිරාවට.
      කෝ බං අර නෝමල් බැබලේවා, ලපයා මොකක්ද කිය කිය මෙතන හැමනුන එකා?

      Delete
    2. අපි නම් හෝදන්නේ නෑ .. බයියෝ තමයි ..
      හෝදලා හෝදලා නිදහසක් ලැබුනා විතරයි නේද .. ආතල් ඩෝබීලා ..
      ආයි හෙට අනිද්දා වෙද්දී හත්පොලේ ගාගනිද දන්නේ නෑ නේද..
      හිකිස්

      Delete
    3. ඔහොම යන් ඔහොම යන් මරු. මරු...

      Delete
  2. නාමල් බැබලේවා!
    ලපයා වැලලේවා!

    ReplyDelete
    Replies
    1. සිහින දකින්න ඔබ වැනි මරාගෙ සියළු අවජාතක දරුවන්ට NPP විසින් අවස්තාව ලබා දී ඇත.

      Delete
    2. නිමල් බැබළෙයි නඩු ටික කල් ගිහිල්ලා ඉවර වෙනකන් 🤣

      Delete
    3. ආ මෙයා තමයි අර කොත්තු කඩේ අයිතිකාර කොත්තු බාස්.
      පොඩි හාමුලට පුක දෙන්නයි අහිංසක මිනිස්සුන්ගේ ඔලු පලන්නයි තමයි මෙයාලට පුළුවන්

      Delete
    4. අපි පුක දෙන්නේ අධ්‍යාත්මික නායක තුමාට ..හිකිස්

      Delete
  3. කෝ බන් අර මිනීමරුවෙක් ජනාධිපති සමාවෙන් නිදහස් උන එක ගැන පරීක්ශනය? ඒවා හිමීට අමතක වෙලා යනවා.

    ReplyDelete
Previous Post Next Post