මගේ යෝජනා ගණන් ගන්නෑ කියා මාලිමා සභාවේ උප සභාපති ඉල්ලා අස්වේ..


 අගලවත්ත ප්‍රාදේශීය සභාවේ පැවැති මාසික සභා වාරය අමතමින්, එහි උප සභාපති ධුරය දැරූ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රී ඉන්දික ජයලත් මහතා තමන් එම තනතුරෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

මෙම මස 27 වැනිදාට සභාව පිහිටුවා වසරක් සපිරෙන බැවින්, එළඹෙන 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තමන් උප සභාපති ධුරයෙන් අස්වන බවත්, එදින තමන් උප සභාපතිවරයා ලෙස සහභාගි වන අවසන් රැස්වීම මෙය වන බවත් ඔහු පැවසීය.

තවද, තමන් නියෝජනය කළ සියලුම කාරක සභාවලින්ද එදින සිටම ඉල්ලා අස්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ප්‍රදේශයේ ප්‍රගතිය උදෙසා පක්ෂ දේශපාලනයෙන් තොරව මාලිමා රජයේ පාලනාධිකාරියට සහාය දැක්වීමට තමන් කටයුතු කළද, සභාවේ බොහෝ තීන්දු තීරණ තමන්ව දැනුවත් කිරීමකින් තොරව සිදුවන බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම උප සභාපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති වීම හේතුවෙන් තවදුරටත් එම ධුරයේ රැඳී සිටීමට තමන් අදහස් නොකරන බව ඔහු අවධාරණය කළේය. 

මුලටියන කොට්ඨාසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු තමන්ට කොතෙක් බාධා පැමිණවුවද, නැවත මැතිවරණයක් පැවැත්වුවත් ඔවුන්ට එම කොට්ඨාසය ජයග්‍රහණය කළ නොහැකි බව පැවසූ ජයලත් මහතා, මහජනතාව වෙනුවෙන් කරන සේවය කිසිසේත් නතර නොකරන බවද කියා සිටියේය.

මීට පෙර තමන් මුළු කොට්ඨාස 34ටම වගකිව යුතුව තිබුණද, මින් ඉදිරියට තම කණ්ඩායම ජයග්‍රහණය කළ මුලටියන, පින්නගොඩ සහ ඕමත්ත යන කොට්ඨාසවල ජනතාව වෙනුවෙන් පමණක් උපරිමයෙන් කැපවන බවත්, තමන් කෙරෙහි විශ්වාසය තැබූ ඡන්දදායකයන් කිසිවිටෙකත් අමතක නොකරන බවත් ඔහු පැවසීය

7 Comments

  1. ilagata hire yanne wimal.paw bonnawath bari wei

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ? ඇත්ත එලිවෙනවට භයයි නේ?
      ආන්න ඒ භය තියාගනින්.

      Delete
    2. දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්,
      අලුගෝසුවනේ එල්ලාපන්...
      අලුගෝසුවනේ එල්ලාපන්...
      ක‍ටු ඉඹුලේ අප එල්ලාපං...

      යුක්තිය උදෙසා කෑමොර දීමයි
      දඟගෙයි ලෑමට අප සැම කල පව
      මුකවාඩම් බැඳ එකෙකු නසන කල
      දනිවු සුවහසක් තව උපදින බව

      Delete
  2. wimal kiyanne pattahorek mata okawa penna be. bebadda

    ReplyDelete
    Replies
    1. ඇත්ත එලිවෙනවට භයයි නේ?
      ආන්න ඒ භය තියාගනින්.

      Delete
  3. ඉල්ලා අස්වේලා විතරක් හරියන්නෙන බන්

    ReplyDelete
  4. නැව ගිලෙනකොට මුලින්ම මූදට පනින්නෙ පොඩි පොඩි මීයො.

    ReplyDelete
Previous Post Next Post