දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇති බවත්, ඒ අනුව බදුල්ලේ සිට අඹේවෙළ දක්වා දැනට ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් මේ මස (20) දින සිට නානුඔය සිට ආරම්භ කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
නාවලපිටිය සහ බදුල්ල අතර මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බවද මහතා පැවසිය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික කටයුතු අමාත්‍යාංශයේ රු.මිලියන 6.7ක (ලක්ෂ670) ප්‍රතිපාදන යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ඇති හැටන් ලංගම ඩිපෝ භූමිය ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණය කිරිම සහ හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සේවකයින් හමුවී සාකච්ඡා කිරිමට (17) දින පස්වරුවේ හැටන් ලංගම ඩිපෝව වෙත පැමිණි මංජුල සුරවීරආරච්චි මහතා ඒ බව පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ, හැටන් ලංගම ඩිපොව අඩි සේවක පිරිසකගෙන් වැඩි ආදායම් ලබමින් පවතින ඩිපෝවක් බවයි.
එම ඩිපෝව මගින් සේවක වැටුප් ගෙවමින් බස් රථ නඩත්තු කරමින් දිනකට බස් රථ 75ක් පමණ දුර සහ කෙටිදුර ධාවනය කරවමින් පවත්වාගෙන යන ඩිපෝවක් බවයි.
එම ඩිපෝවේ දැනට පවතින රියදුරු කොන්දොස්තර පුරප්පාඩු පිරවීමටත්, සේවකයන්ගේ සුභසාධක කටයුතු ඉහළ නැංවීමටත් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.
මෙම නිරික්ෂණ චාරිකාවට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, නුවරඑලිය ප්‍රාද්ශීය කලමණාකරු සහ හැටන් ලංගම ඩිපෝවේ කලමණාකරු පාලිත විරසූරිය යන මහතුන්ද සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ

පල පකෝ යන්න බොරු කියන්නේ නැතිව...තොපිට ගහල පන්නන දවස වැඩි ඇතක නැහැ...ලැහැස්තිවෙලා හිටපියව්
ReplyDelete