පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම අතර මොහොමඩ් ඊබ්‍රහම්ගේ පුතුන් දෙදෙනෙකු සිටි බවත්, මොහොමඩ් ඊබ්‍රහම් එම ප්‍රහාරය සඳහා මුදල්වලින් උදව් උපකාර කළ බවත් ප්‍රහාරය එල්ල වූ මුල් කාලයේ සිටම ප්‍රසිද්ධව පවතින කරුණක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පියතුමා අවධාරණය කළේ, කතෝලික සභාවට කිසිවෙකු ආරක්ෂා කිරීමට හෝ බේරා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
ඊබ්‍රහම් සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව අධිකරණය විසින් විභාග කොට ඔහු වරදකරුවෙකුද නැද්ද යන්න තීන්දු කරනු ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පැවති 2022 වසරේදී ඊබ්‍රහම් ට ඇප හිමිවූයේ අධිකරණය මගින් බවයි.
ඇප ලැබීම යනු ඔහු නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවත්, ඒ පිළිබඳ නඩුව තවමත් විභාග වෙමින් පවතින බවත් උන්වහන්සේ මතක් කර දුන්හ.
මෑතකදී නිදහස් කරන ලද බව කියන දේපළ සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් කළ පියතුමා, එම දේපළ ඊබ්‍රහම් ගේ නොව ඔහුගේ සහෝදරයෙකුගේ දේපළ බව ප්‍රකාශ කළේය.

දිව දෙකේ දෙපැත් නයා.
ReplyDeleteදෙපත් නයා නෙවෙයි මේ පොළොංගු, මේගොල්ලොන්ගේ assignment එක වෙනස්. ඒකට පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා. ප්‍රහාරය දවසේ මේ පාදිලිලා එක්කෙනෙක්වත් දේව මෙහෙයට ගියේ නෑ හැබැයි මිනිස්සුන්ව නැවැත්තුවේ නෑ. හරි නම් මුලින්ම ප්‍රශ්න කරන්න ඕන මේ අයියලාගෙන්.
Deleteදෙපත් නයා නෙවෙයි මේ පොළොංගු, මේගොල්ලොන්ගේ assignment එක වෙනස්. ඒකට පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා. ප්‍රහාරය දවසේ මේ පාදිලිලා එක්කෙනෙක්වත් දේව මෙහෙයට ගියේ නෑ හැබැයි මිනිස්සුන්ව නැවැත්තුවේ නෑ. හරි නම් මුලින්ම ප්‍රශ්න කරන්න ඕන මේ අයියලාගෙන්.
Deleteඉබ්‍රාහිම් ගැන කියද්දී හරී සන්සුන් සිරිල් ගාමිණී. දේපළ සහෝදරයගෙලු, බලන්න කොච්චර ආදරේද කියලා සිරිල් ගාමිණී අයියා ඒ මල්ලිලාට.
ReplyDeleteමූ කොහොමද ටක්කෙටම කියන්නෙ ඒ නිදහස් කරපු දේපල ඊබ්‍රහිම්ගෙ නෙමේ උගේ සහෝදරයගෙයි කියල.
ReplyDeleteමිත්‍යාදෘශ්ඨිකයන්ගේ පල්ලියට ඵල්ලකල ප්‍රහාරය බටහිරයන් විසින් සිදුකල බව පිලිගැනීමට අකමැති,
ReplyDeleteඅවසථාවාදී බෙදුම්වාදී ත්‍රස්තයන් ලෙසටම සුදුනයිටි කාරයන් කටයුතු කරමින් බටහිර බලල් අතක් ලෙසටද, ලංකා රාජ්‍යයට ඵෙරහිවද සහ ඵහි සවාධිපත්‍යටද ඵරෙහිව කටයුතු කරමින්ද,
අරමුදල් සැපයූ බටහිර පාර්ශවයට පරගැතිව කටයුතු කරමින්ද සෑම විටම බෙදුම්වාදී ත්‍රස්ථයන්ගේ ආරකෂකයන් ලෙසටම නිශ්චිතවම කටයුතු කලබවත්,.
පාස්කු ප්‍රහාරයට පෙර ලෝකය පුරාවට විසිරී පැතිරී සිටිනා ශ්‍රී ලංකාවේ බුද්ධි ජාළයන්, දිගින් දිගටම පල්ලියට අනතුර අගවා ලබාදුන් දුරකථන පනිවුඩ මගහරිනා ලද බවත්,.
ප්‍රහාරයට ලක්වූ පල්ල්ලියේ දුරකථනයට ලබාදූන් විදේශීය පනිවුඩ සංඛ්‍යාව ඵවකට දුරකථන දත්ත වාර් ථා මගින්ද නිශ්චිත ලෙසටම පැහැදිලිකර ගත හැකි බව අවධානයට,.!